දළදා පූජා පවත්වමින් ජන්ම දිනය සමරන බම්බලපිටියේ ආනන්ද නාහිමි
කවරම කටයුත්තක් වුවද අන්‍යයන්ට ආදර්ශයක් ගතහැකි පරිද්දෙන් කටයුතු කරන අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශාරද බම්බලපිටියේ ආනන්දතිස්ස මාහිමියන්ගේ 58 වැනි ජන්ම දිනය එළඹෙන 17 වැනිදානට යෙදේ.
වර්ෂ 1956 පෙබරවාරි 17 වැනිදා කේ.ඒ. හෙන්ද්‍රික් හා ඩබ්. ලුසිනෝනා දම්පතීන්ගේ කනිටු පුතු ලෙසින් බම්බලපිටියේදී ජන්ම ලාභය ලැබූ මෙම කුමරු, කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල සිටම ආගම දහම, පන්සල සහ භික්ෂූන් වහන්සේ ඇසුර ප්‍රිය කළ මෙම දරුවා පැවිදි සිතෙහි ඇලුණේ, වර්ෂ 1967.04.28 දින චේතියගිරි විහාරාධිපති, රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමි හා මහචේතිය පරිවේණාධිපති ත්‍රිපිටක පර්යන්ති විශාරද රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස නාහිමි ආචාර්ය උපාධ්‍යාය කොට උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්නේය.
තිස්ස හිමියෝ මෙම පෙබරවාරි 17 වැනි දිනට යෙදෙන සිය 58 වැනි ජන්ම දිනය නිමිත්තෙන්, එළඹෙන 17 හා 18 දෙදින දළදා වහන්සේ උදෙසා ගිලන්පස, මුරුතැන්, දානමාන පුද පූජා පවත්වමින් මල්වතු අස්ගිරි උභය විහාරීය අතිපූජ්‍ය මහනායක, අනුනායක ආදී ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි මහා පිංකම් සිදුකරමින් දායකකාරකාදීන් බොහෝ පිරිසකටද කුසල් අත්කරගැනීමට උදාර අවස්ථාවක් සළසා දෙන අයුරු විශිෂ්ටය.
25 වැනි වරටත් අඛණ්ඩව දළදා පූජෝත්සවය පවත්වමින් සිය 58 වැනි ජන්ම දිනය සමරන පූජ්‍යපාද ආනන්දතිස්ස නාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් දිගාසිරි පතමු!
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

