ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය පුජ්‍ය තවලම ධම්මික නාමියන්ට
සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්ණ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය , ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය තවලම ධම්මික නාමියන්වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය සහිතව පිරිනමා තිබේ.
වසර 57 වු උන්වහන්සේගේ පැවිදි දිවියේ. බොහෝ කාලයක් කොළඹ ආනන්ද මහා විද්‍යාලය ඇතුලු දිවයිනේ පළාත් ගණනාවක විදුහල්හි ජනප්‍රිය ධර්මාචාර්ය වරයෙකු ලෙසද ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යන්හි උගත් ධර්මදේශකයකු ලෙසද පුවත්පත් හා ග්රන්ථ කතුවරයෙකු ලෙසද වසර 38 ක් ස්විට්සර්ලන්තයේ හා ප්‍රංශය ඇතුලු යුරෝපයේ හා ආසියාතික බොහෝ රටවල ද අමෙරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව හා නිව්සීලන්තය ආදී රටවලද ධර්මදූත භික්ෂුවක් ලෙස කරණ ලද සුවිශේෂී .සේවාවන් අගය කරමින් ප්‍රධානය කරණ ලද මෙම සම්භාවනීය තනතුර භාර ගැනීමට උන්වහන්සේ සිය මවුරට බලා වැඩම කිරිමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

