මෙවර කන්ද උඩරට අසල පෙරහර මංගල්යයජූලි මස 25 වැනි දින සිට අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
අද (19) සවස ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආයුධ මණ්ඩපය ආසන්නයේ ඇති රැස්වීම් ශාලාවේදී මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේත් පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
ඇසළ පෙරහර පුණ්‍යෝත්සවය ජූලි මස 25 වැනි දින පාන්දර යෙදෙන සුභ මුහුර්තියෙන් කප් සිටු වීමෙන් අනතුරුව අභ්‍යන්තර පෙරහර 05ක් පැවැත්වීමෙන් අනතුරුව ජූලි මස 30 වැනි දින ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු මස 04 වැනි දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර අගෝස්තු මස 08 වැනි නිකිණි පුන් පොහෝ දින අවසන් රන්දෝලි මහ පෙරහර පවත්වා පසුදින (09) පාන්දර දිය කැපීමෙන් අනතුරුව පසුදින (09) දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව දළදා මාලිගා චතුරස්රයේ තුන් වටක් පෙරහර පැවත්වීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙරහර සංදේශය භාරදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමා වීමට නියමිතය.
