මහනුවර ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහර හෙට (04) වීදී සංචාරය කරීමට නියමිතය. රාත්රී 6.44 ට උතුරු දිශාභිමුඛව සිව්දේවාලයන්හී රන්දෝලි බහා, 6.47 ට නැගෙනහිර දිශාභිමුඛව රන්දෝලි පෙරහැර දළදා මන්දිරය ඉදිරි පිටට සිරිත් පරිදි පැමිණේ.
ඉන් පසුව රාත්රී 6.52 ට නැගෙනහිර දිශාභිමුඛව ශ්රී දළදා මාලිගාවේ පෙරහැර සමඟ එක්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.
පළමු රන්දෝලි පෙරහැරට සමගාමීව සිරිත් පරිදි ආදී වාසී ජනතාව විසින් දළඳා සමිඳුන් උදෙසා සිදුකරන සම්ප්රදායික මීපැණි පූජාව ද ඉටුකිරිමටද නියමිතව ඇත.
දුම්බර ප්රදීප්
