ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාර ගණයේ මැද පන්සල රංගිරි දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවනේ ඉංග්‍රීසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලක් 13 දින ආරම්භ කෙරිණි.
රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවෙනේ පරිවේනාධිපති සහ පිරිවෙන් අධ්යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත දඬුබැදීරුප්පේ මහින්ද නාහිමියන්ගේ යෝජනාවකට අනුව දඹුල්ල සහ අවට ප්‍රදේශවල පදිංචි ඉංග්‍රීසි භාෂාවෙන් දහම් දැනුම ඉගෙන ගැනීම සඳහා කැමති දුවා දරුවන් වෙනුවෙන් මෙම දහම් පාසල ස්ථාපිත කොට ඇත .
දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවනේ සිංහල භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලක්ද කාලයක සිටපවතී, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ඉගෙනගන්නා ප්‍රදේශයේ දරුවන් හට දහම් අධ්‍යාපනය ලබාදීම ලබාදීමේදී ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති බවත් පෞද්ගලික ජාත්‍යන්තර පාසල්වලින් ඉගෙනුම ලබන බොහෝ දරුවන් හට දහම් දැනුම ඔවුන් අධ්‍යාපනය ලබන භාෂාවෙන්ම වර්ධනය කොට රටට හික්මීමකින් යුතු දරුවන් පරපුරක් බිහි කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව මහින්ද මහ නා හිමියෝ පවසති.
රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර දඹුල්ල සිරි වළගම්බා මහා පිරිවෙනේ පරිවේනාධිපති සහ පිරිවෙන් අධ්යක්ෂ අපවත් වී වදාළ මහා නාහිමියන්ගේ ජන්ම දිනය සිහි කරවීම මෙහි තවත් අරමුණක් වී ඇත.
දඹුල්ල සිරි වළගම්බා පිරිවනේ ආරම්භ වූයේ ඉංග්‍රීසි බෞද්ධ දහම් පාසල ප්‍රධානාචාර්යවරිය දඹුල්ල ජාතිකපාසලේ ගුරුවරියක ලෙස කටයුතු කරන කේ කේ ඩී චාන්දනී මහත්මියයි.
එමෙන්ම දහම්පාසලේ ප්‍රධානාචාර්ය වහන්සේ ලෙස නිකපිටියේ සුනන්ද හිමියන් ඇතුළු ඉංග්‍රීසි භාෂාව ෙන් දැනුමක් ඇති ගුරුවරුන් රැසක් ද වෙති.

