ගැටඹේ රජෝපවනාරාමාධිපති ධුරයට අකුරැස්සේ සිරි ධම්මවිමල හිමි පත්කෙරෙති
ගැටඹේ රජෝපවනාරාමාධිපති ධුරය වසර 41 ක කාලයක් හෙබවූ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් පසුගිය 18 වැනි දින අපවත් වීමෙන් පසු පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති ධුරයට පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල නාහිමියන් පත්කර තිබේ.
ආදහන පූජෝත්සවය පැවැති ඊයේ (21) රාත්රියේ රාජෝපවනාරාමයට රැස්වූ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර දකුණ ප්රාදේශික සංඝ සභාව හා ප්රාප්ත මහා සංඝ රත්නය මෙම පත් කිරීම සිදුකර තිබේ.
මාතර අකුරැස්සේදී 1991 දී උපත ලද ධම්මවිමල නාහිමියන් 2002 දී කඩවත රන්මුතුගල මහා විහාරයේදී සීලගම විමල මහා ස්වාමින්ද්රයන් වහන්සේගේ හා ගාල්ල වැලිවත්ත විජයනන්ද පිරිවෙන් විහාරාධිපති මහෝපාධ්යාය බේරතුඩුවේ ඤාණසුද්ධි ස්වාමින්ද්රයන් වහන්සේගේ සම ආචාර්යත්වයෙන් පැවිදි දිවියට එළඹ තිබේ.
කඩවත් රන්මුතුගල ජාතික භික්ෂු අධ්යාපන ආයතනික මූලික පිරිවෙනෙන් හා පේරාදෙණිය පැණිදෙණිය ශ්රී භාරතී විද්යාතනයෙන් මූලික අධ්යාපනය ලද උන්වහන්සේ 2012 වසරේදී ගැටඹේ රාජෝපවනාරාමයේ පැවැති ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා පුණ්ය මහෝත්සයේ දී රාජෝපවනාරාමාධිපතිව වැඩවිසූ කැප්පිටියාගො සිරිවිමල නායක ස්වාමින්ද්රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලබා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

