ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජූනි 26 සිට ජූලි 10 වෙනි දින දක්වා පැවැත්වේ.
ජූනි 26,27,28,29,30 ජූලි 01,02,03,04,05,06,07,08,09 යන දිනයන්හිදී දිනපතා පෙරහර පැවැත්වෙන අතර ජූලි 10 වෙනිදා අවසාන මහා රන්දොලි පෙරහර වීදි සංචාරය කෙරේ.
එකොළොස් වෙනි දින උදෑසන මැණික් ගඟේ දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ.
ස්කන්ධ කුමරු හා වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍ය සමරමින් දුටුගැමුණු රජතුමාගේ අණ පරිදි වාර්ෂිකව නොකඩවා මෙම පෙරහර මංගල්‍යය පැවැත්වේ.
උත්සව සමයේ කතරගම පුදබිම පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් එක්දහස් දෙසියයක් පමණ යොදවා ඇති බව බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක