saravita-anim2

2021 ඔක්තෝබර් මස 26 වන අඟහරුවාදා

2021 ඔක්තෝබර් මස 26 වන අඟහරුවාදා

polythene_free_tomorrow - timelapse 32 hours ago

LATEST

ඉවතලන ප්ලාස්ටික්වලින් හැදූ ලංකාවේ ලෝක කුසලාන ජර්සිය

calendar_today 2021 ඔක් 19 - 11:26 remove_red_eye - 848  

මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ යටතේ වරක් භාවිත කර (Single Use) ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට දින (30) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.

Read More

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

Read More

බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

රක්ෂිතවලට කැළිකසල බැහැර කරන ස්ථාන 53 මේ වන විට ස්ථාන 09 දක්වා අවම කර ගැනීමට රජය ගෙන ගිය වැඩ පිළීවෙළ නිසා හැකි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.

Read More

දිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැ

Read More

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) අරලිය ගහ මන්දිරයේ දී රැස්විය

Read More

එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මුතුරාජවෙළ තෙත් අභයභූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් අත්පත් කර ගනිමින් දැන්වීම් පුවරු සවි කර එය තමන් සතු පුද්ගලික දේපළක් බවට හගවමින් කටයුතු කිරීම හා මුතුරාජවෙළ තෙත් අභය භූමිය අවට සිදු කෙරෙන අනවසර අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිලනිවසේ දී පැවැත්විනි.

Read More

කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.

Read More

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා වැඩි කිරීමට පොරොන්දු වී ඇති බවත් එම ප්‍රතිඥාව අනුව යමින් රටේ වනගහනය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් තමන් හුස්ම දෙන තුරු නමින් ඉදිරි වසර 04 තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.

Read More

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

Read More

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

Read More

සාමාන්‍යයෙන් දිනකට පාසැල් පද්ධතිය තුළ පමණක් ඉවත ලන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වේ. ඒ් අනුව වසරකට පාසැල් පද්ධතිය මගින් පරිසරයට බැහැර කරන හිස් කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 29,000 ඉක්මවයි. නමුත් තවමත් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන මෙන්ම වෙනත් අංශ විසින් දිනපතා බැහැර කරන කාබන් පෑන් බට ප්‍රමාණය කෙතෙක් දැයි මෙතෙක් කිසිදු සංගණනයක් සිදු කර නැත.

Read More

පාසැල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කර ගන්නා බෝල් පොයින්ට් හිස් පෑන් බට දිනකට කිලෝ ග්‍රෑම් 80ක් පමණ පරිසරයට මුදා හරින බව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආනවිළුන්දාවේ කඩොලාන පැළ 25000 ක් සිටුවිමේ වැඩසටහනේ පළමු පියවර ලෙස මෙය ආරම්භ කළ බවයි.

Read More

ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගාව සඳහා පොකුණු සකස්කළ පුද්ගලයන් සහ එම විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සිව් පුද්ගල කමීටුවක් පත්කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කළේය.

Read More

ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්‍රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමේ.

Read More

සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ඊයේ (05) වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මේ දක්වා මාස තුන හමාරක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් පමණක් පරිසරයට මුදා හැර ඇති දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ලක්ෂ 15 කට අධික බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී ආර්.එල්.සමරනායක මහත්මිය පැවසුවාය.

Read More

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.

Read More

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලීතින් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරිමට අද (7) නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read More

2020 ජනවාරි 02, කොළඹ දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පෝර්ට්සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටි.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් ඊයේ (14) දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.