www.ada.lk
2026 ජුලි මස 30 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතා සිය සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්රාම ගැනීමට පෙර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු අතර නිල හමුවක් අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
නාවික හමුදා මූලස්ථානයට පැමිණි යුද්ධ හමුදාධිපති වෙත ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්රදායානුකූලව උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදුකෙරිණි.
අනතුරුව, මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති විසින් විශ්රාම යන යුද්ධ හමුදාධිපතිගේ කැපී පෙනෙන සේවය අගය කළ අතර, යුද හා නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා ඔහු දැක්වූ ආදර්ශමත් නායකත්වය විශේෂයෙන් ඇගයිමට ලක් කළේය.
තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින්, දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්රහාරයක්
හවුතිවරු සෞදියට පහරදෙයි
ඉරානය සමග මිත්රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd