ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්රදේශයකදී ධාවනය වෙමින් තිබු බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා බස් රථය රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.
(26) දින අලුයම 5:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල මහ වංගුව ප්රදේශයේ දීය.
ධාවනය වෙමින් තිබූ බස් රථය වංගුව ගැනිමට උත්සහ කිරිමත් සමග බස් රථය පාලනය කර ගැනීමට දෙවන ගියරයට ගියරය මාරු කල බවත්, එම අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතිය ක්රියා විරහිත විම නිසා අත්තිරිංගය භාවිතා කරමින් බස් රථය බෑවුම් සහිත ප්රදේශයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ගත් බවයි එම බස් රථයේ රියදුරු වන මහේෂ් සුදර්ශන් (49) තිදරු පියා කියා සිටියේ.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, එම මගීන්ව වෙනත් බස් රථයකින් පිටත් කර යැවීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගෙන ඇත.
බස් රථය අනතුරට පත් ස්ථානයේ ඉදිරියෙන් නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි වැන් රථ දෙකක් නතර කර තිබූ බවත්, බස් රථය නතර කර ගැනීමට නොහැකි වුයේ නම් එම බස් රථයේ තම වෑන් රථද ගැටීමට ඉඩ තිබු බවයි සංචාරයක් සදහා පැමිණි වෑන් රථයේ රියදුරන් කියා සිටියේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

