බතික් එයාර් මංගල ගුවන් යානයමැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට 03/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මේ සදහා බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 62 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 04 දෙනෙකු පැමිණ සිටි අතර මෙම ගුවන් යානය 03/30 දින අලුයම 02.05 ට ගුවන් මගීන් 160 දෙනෙකු රැගෙන යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැය 03 ක ගුවන් කාළයක් තුළ පැමිණෙන මෙම බතික් එයාර් ගුවන් යානා සතියකට දින 04 ක් එනම් සදුදා , අගහරුවාදා , බ්රහස්පතින්දා සහ සෙනසුරාදා වල මෙම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අතර ධාවනය වීමට නියමිතය .




