දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
දිත්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 27 වනදා අළුයම වත්තේගම දුම්රිය ස්ථානයේ නතර වූ මාතලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය දින 26 ක් තිස්සේ එම දුම්රිය ස්ථානයේ සිර වී තිබේ. මහනුවර දෙසට ගමන් කරන දුම්රිය මාර්ගය මෙන්ම මාතලේ දෙසට ගමන් කරන දුම්රිය මාර්ගයද දැඩි ලෙස ආපදාවට ලක්ව තිබීම නිසා මෙම දුම්රිය කිසිදු පැත්තකට ගෙනයා නොහැකි තත්වයේ පවතී. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය තත්වයෙන් පවතින බවත් දිනපතා පණ ගන්වා දෙපැත්තට සුළු දුරක් ධාවනය කර බලන බවත් වත්තේගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති මධුරංග ආමරසේන මහතා කීය.
නොවැම්බර් මස 27 වනදා අළුයම 5.30 කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය වත්තේගම දුම්රිය ස්ථානයේ නවත්වනවාත් සමඟම ඉදිරි දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඳු කඩා වැටුන බවත් ඉන් පසුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් ඇති වූ බවත් වත්තේගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති මධුරංග අමරසේන මහතා තව දුරටත් කීය.
මහනුවර දුම්රිය මාර්ගය වත්තේගම යටවර ප්‍රදේශයේ දැඩි ලෙස හානියට පත්ව ඇති අතර එම මාර්ගය යථා තත්වට පත් කිරිමට දීර්ග කාලයක් ගත වනු ඇති බව එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදී සිතිය හැක.
මේ වන විට මෙම දුම්රිය මාර්ගය ඇතැම් ස්ථානවලින් එල්ලෙමින් තිබෙන අයුරද දැකිය හැකිය. අද 22 වනදා දහවල් මෙම ස්ථානය කිරීක්ෂණය කරන විට පවා මාර්ගයේ එම ස්ථානයේ ප්‍රධාන ආපදාවන් යථා තත්වයට පත් කිරිමට පියවර ගෙන නොතිබිණ. මාර්ගය වැටී ඇති පස් ඉවත් කිරිම සහ ගස් කැපීම වැනි දේ සිදු වෙමින් තිබෙන අයුරුද දක්නට ලැබිණ.
මොහොමඩ් ආශික්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

