දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වු උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙළ අතර දුම්රිය මාර්ගය ප්රතිසංස්කරන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
බදුල්ල සහ නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවන් සහ සේවකයින් විසින් අඹේවෙළ දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා නාය ගිය ස්ථාන ප්රතිසංස්කරණය කර එම මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු සිදු කරනු ලබයි.
උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙළ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදු කරමින් පවතියි.අඹේවෙළ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනයවන මගි ප්රවාහන දුම්රියන් වල ගමන් කිරිමට විදේශිකයන් විශාල පිරිසක් පැමිණෙන බවයි අඹේවෙළ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.





