saravita-anim2

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2025 මැයි මස 13 වන අඟහරුවාදා

Picture Story - timelapse 3675 hours ago

LATEST

කිදෙල්පිටියේ වලව්වක මහා පරිමානයෙන් කසිප්පු පෙරලා

calendar_today 2023 ජන 22 - 10:25 remove_red_eye - 828  

බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රසිද්ධ පැරැණි වලව්වක් කුලීපදනම මත ලබාගෙන පවත්වාගෙන ගිය, මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි මහතා ඊයේ (17දා) කොළඹ කොටුවේදී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පුද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපලවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (15දා) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

අම්බලන්තොට නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ප්‍රධාන දොර කඩා ඇතුළු වූ පුද්ගලයෙකු වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල්ගෙරැගෙන ගොස් ඇති බවට වෙළඳසැල් හිමියා විසින් අද (15දා) අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

Read More

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති අතර මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද සිදු විය.

Read More

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබේ. මේ අතරින් පළමු තොගය ලෙස බස් ර 75ක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා‌ සේවයට යෙදවීමට නියමිතය.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.

Read More

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

Read More

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

උදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.

Read More

මන්නාරම සහ තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේදී තාරාපුරම් ප්‍රදේශයේදී ඊයේ (29) දින පොලිස් ජිප් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගිය බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

සෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.

Read More

ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.

Read More

බීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Read More

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අද දින (2022 දෙසැම්බර් 27) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

Read More

කිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අද(23දා) ප්‍රකාශ කළේය .

Read More

පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.

Read More

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

Read More

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් වන කහ මාපිලාට නව විද්‍යාත්මක නාමයක් හිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

සමගි ජන බලවේගය විශේෂ වාර්ෂික සම්මේලනය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.