කොටගල සහ ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්රදේශයේ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාව යුධ හමුදා භට පිරිස් විසින් (03) දින පස්වරුවේ මුදාගෙන එම පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.
හැටන් සිට නාවලපිටිය දක්වා ගලා බසිනා හැටන් ඔය පිටාර ගැලීමෙන් ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්ර දේශයේ වතු නිවාස පෙළක් ජලයෙන් යටවීම නිසා එහි පවුල් 24ක් මුදවා ගැනීමට යුධ හමුදා භට පිරිස් සමත්වී ඇත.
මේ අතර, හැටන් කොටගල කොමර්ෂල්, ලොග්ගිල් සහ මේ ෆීල්ඩ් යන වතුයායවල් වල ජල ගැල්මට හසුවී සිටි වතු කම්කරුවන් පිරිසක්ද මුදා ගැනීමට කොටගල 56 වන බල සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් සමත් වි ඇත.





