අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන් බවට පත්ව තිබේ. දැනට මාස කිහිපයකට පමන පෙර පන්නල්ගම ගම්මානයේ අරුණලු පහන්සිලු නැමති නාමයෙන් පහන්තිර සකස් කිරිමේ ස්ථානයක් එම ගම්මානයේ නිවසක ආරම්භ කර තිබේ.
ටික දිනක් යනවිට එය හදුන්කුරු බිස්නස් එකක් ලෙස ආරම්භ කර ගම්මානයේ ජනතාවට ටද එයට සහාභාගිවිමට අවස්ථාවක් ලබාදි තිබේ.
යම් පුද්ගලයෙකු රුපියල් 50000 ක මුදලක් තැන්පත් කල විට ඒ අයට හදුන්කුරු සහ පෙට්ටි 1000 ක් ලබාදෙන අතර එම හදුන්කුරු පෙට්ටිවල බහා අලවා සකස් කර නැවත ගෙනත් භාර දෙන විට රුපියල් 75.000 ක මුදලක් මෙම ආයතනය විසින් ලබාදි තිබේ.
දිනෙන් දින එය පන්නල්ගම ගම්මානයේ දියත්වු අතර ගම්මානයේ විශාල පිරිසක් රුපියල් 50000 ක් බැද හදුන්කුරු ගෙන ඒවා පැකට් කර ආපසු ලබාදි රුපියල් 75000 දහස ලබාගෙන තිබේ.
මෙම ව්‍යාපාරය ගම්මානයේ සෑම තැනකම මෙන්ම අවට ගම්මාන වලද ප්‍රචාරය වු අතර දෙවෙනි අදියර වශයෙන් එක එක ස්ථානවලට නියෝජිතයන් පත්කර එම නියෝජිතයින් හරහා මුදල් ලබාගෙන මෙම ව්‍යපාරය තව දුරටත් පුලුල් කර තිබේ.
පසුව මෙම කුඨ ජාවාරම්කරු විසින් රුපියල් 50000 මුදල වෙනුවට එය රුපියල් 250000 දක්වා වැඩිකර හදුන්කරු පෙට්ටි 6000 ක් ලබාදි එලෙස ලබාදෙන හදුන්කුරු පැකට් කර නැවත ලබාදිමෙන් පසුව රුපියල් 250000 දහට අමතරව තවත් රුපියල් 150000 ක් ලබාදි තිබේ.
මෙම ව්‍යාපාරය තමන් අතට පැමිනි විශාල වාසියක් ලෙස සිතු ගම්මනායේ ජනතාව තම කුඹුරු උකස් කර, පොලියට මුදල් ගෙන කණකර බඩු උකස් කර රුපියල් ලක්ෂ 10 ලක්ෂ 15 ලක්ෂ 30 ලක්ෂ 40 ලක්ෂ 100 වශයෙන් ලෙස මෙම ව්‍යාපාරිකයාට ලබාදි තිබේ.
ටික දිනක් යනවිට මුදල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ජනතාවට නොලබුන නිසා සමහර අය තම මුදල් ආපසු ලබාගෙන ඇති අතර අනෙක් අයට කඩිනමින් අමුද්‍රව්‍ය ලබාදෙන බව පවසා ඔවුන් මුලාකර තිබේ.
පසුව මෙය ගැටලු සහගත තත්වයක් නිසා මේ පිලිබදව විශේෂ රුස්විමක් 2025.09.29 වෙනි දින පන්නල්ගම විහාරස්ථානයේදි පැවැති අතර එම රුස්විම සදහා මෙම ගැටලුවට මුහුණ දුන් ජනතාව මෙන්ම ප්‍රාදේශිය සභාවේ මාලිමා දේශපාලඥයින්ද සහාභාගි වි තිබේ.
එහිදි මෙම ජාවාරම්කරු විසින් පවසා ඇත්තේ තමන් විසින් යවන ලද නිෂ්පාදන ගැටලුවක් නිසා නැවත එම නිෂ්පාදන එවා ඇති අතර එම අර්බුදය විසදා මාසයක් ඇතුලත ජනතාවගෙන් මුදල් ගෙවන බවයි
කෙසේ වෙතත් ඉකුත් 03 වෙනි දින සවස පන්නල්ගම ගම්මානයේ සියලුම වැසියන්ගේ ඇසට වැලිගසා මෙම ව්‍යාපරය කරන ලද පන්නල්ගම ගම්මානයේ පදිංචි සුරංග සදරුවන් සහ පියුමි බුද්ධිනි ජයතුංග යන දෙදෙනා පන්නල්ගම ගම්මානයෙන් පැනගොස් තිබේ.
ඔවුන්ට දාව උපන් දරුවා ඔවුන් පිටත්වෙන අවස්ථාවේ රුගෙන ගොස් නැති අතර පසුව ඔවුන්ගේ ඥාතියෙක් විසින් දරුවාට බෙහෙත් ගැනිමට යන බව පවසා දරුවා රුගෙන ගොස් මවට සහ පියාට භාරදි තිබේ.
දැන් එම නිවසේ සිටින්නේ මෙම ව්‍යාපාරය කරන ලද කාන්තාවගේ මව සහ පියා පමණකි.2025.10.04 වෙනි දින මුලු දවස පුරාම මුල් පන්නල්ගම ගම්මානයේ ජනතාවම එම නිවාස අසලට එක්ව සිටි අතර ඔවුන් ගේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවි තිබේ.සමහර කාන්තාවන් කදුලු සලමින් මෙම මුදල් රුගෙන පලාගිය අයට ශාප කරමින් සිටියාය.
මෙම අමු ද්‍රව්‍ය ගැනීමේදි මුදල් දෙන අයට ලදු පතක් නිකුත් කරන අතර එම ලදුපතේ ඔවුන් අත්සන් කර PAID නැමැති සීල් එකක් ගසා ඇති බව එම බිල් නිරික්ෂණය කිරිමේදි දැක ගැනිමට හැකිවිය.එයින් හැගි යන්නේ මුදල් ලබාදුන් අයට මුදලගෙවා ඇති බවයි.
ඉතාම සුක්ෂම ලෙම වංචා සහගතව මුලු පන්නල්ගම ගම්මානයද තොට්ටම, කුමන, බක්මිටියාව,හිගුරාන, තිඹිරිගොල්ල,මඩවලලන්ද, එක්ගල්ඔය , උහන අම්පාර කොක්නහර , සියඹාලාණ්ඩුව, වැල්ලවාය , මොණරාගල වැනි ප්‍රදේශවල ජනතාවද මෙම පිරමීඩ ජාවාරාමට හසුවි තිබේ. පන්නල්ගම ගම්නායේම පමනක් ලක්ෂ 100 ක් තැන්පත් කරන ලද කිහිප දෙනෙකු සිටින අතර නිළ නොවන ආරංචි සදහන් කරන්නේ මෙම යුවල විසින් කෝටි 200 ක පමන මුදලක් ජනතාවට වංචා කර ඇති බවයි.
දැනට පිරිසක් දමන පොලිස් ස්ථානයේ පැමිනිලි දමා ඇති අතර විශාල වශයෙන් මුදල් ගෙවන ලද පිරිස් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලයේ වංචා විමර්ශණ ඒකකයට පැමිනිලි කර තිබේ.
මෙම මුදල් වංචාවට ගමේ ජනතාව මෙන්ම සමහර ව්‍යාපාරිකයින්, සෞඛ්‍ය නිළධාරින්, පොලිස් නිළධාරින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් , ගුරුවරුන් ද හසුව තිබේ.
දැනට මෙම ව්‍යාපාරය මෙහයවු මහ මොලකරුවන් පැනගොස් ඇතිඅතර ඔවුන් නියෝජතියන් ලෙස පතක්කර සිටි පිරිස් ගම්මනාවල සිටින බවද වාර්තාවේ.එම නියෝජිතයින්ද ගම්වල ජනතාගේ මුදල් එකතුකර මෙම ජාවාරමට උදව් කර තිබේ.
මෙහි ශෝකජනක කාරණය වන්නේ කුලීවැඩ කරන සමහර කාන්තාවන් සියයට දහයේ පොලියට මුදල් රුගෙන මෙම ජාවාරම්කරුට ලක්ෂ ගනනින් මුදල් ලබාදි ඇති අතර එම අයට දැන් පොලි මුදලාලිට මුදල් ගෙවිමට නොහැකිව අන්ත අසරණ වි තිබේ.
සමහර කාන්තාවන් තම ස්වාමි පුරුෂයාට හොරොන් මෙම ව්‍යාපරයට මුදල් ලබාදි ඇති අතර දැනට එම නිවෙස්වල අඹු සැමියන් රණ්ඩු විමට පටන් ගෙන තිබේ.
දැනට මුලු පන්නල්ගම ගම්මානයම එකම මල ගෙයක් බවට පත්වි ඇති අතර එළඹෙන මහා කන්නයේ කුඹුරු වගා කිරිමටත් හේන් වගා කිරිමටත් නොහැකි තත්වය පන්නල්ගම ජනතාව පත්වි තිබේ.
මෙම තත්වය තේරුම් ගත් සමහරු පිරිස් ගම්මානයේ ජනතාවට මෙම උගුලට හසුනොවන ලෙස දැනුවත් කරත් මුදල් වලට ඇති අධික ආශව නිසා මෙම ගම්මනායේ ජනතාව මෙම සොර මුලට හසුව තිබේ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල
