Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලාංකීය උරුමය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් පරෝපකාරී සමාජ මෙහෙවරක යෙදීම සඳහා රට ගැන හිතන පිරිසක් එක්ව රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව නමින් නව සංවිධානයක් නිර්මාණය කර තිබේ. එම සංවිධානය පිළිබඳවත්, ඉදිරි කටයුතු පිළිබඳවත් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා එහි සභාපති රජරට අනුරාධ සෙනවිරත්න මහතා සම්බන්ධ කර ගතිමු.
Q සංවිධානය ගැන පැහැදිලි කිරීමක් සිදුකළොත්?
ලබන වසර වනවිට බටහිර ජාතීන්ගෙන් අප නිදහස ලබා වසර 70ක් ෙවනවා. 1815 වනතුරු අපේ රට යටත් විජිතයක් නොවී සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයන් නොමැතිව පැවතුණා. ඉතිහාසයේ මුල සිට දැවැන්ත ශිෂ්ටාචාරයක් ගොඩනගා ලෝකයට ඓතිහාසික පුරාවෘත්තීන් දායාද කළ ජාතියක් අපි.
විදෙස් ආධිපත්‍යයට නතුවී සිට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වූවාට පසුව වර්තමානය වනවිට එදා මෙදා තුර මේ රට නරකම ප්‍රපාතයකට ගිහින් තිබෙනවා. එම නිසා පාට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා එකතුවී නැවත මේ රට හදන්න ඕන කියන ස්ථාවරයට අප ඇවිත් තිබෙනවා.
රට හදන, රට රකින, ගම හදන, ගම රකින, අපේකම සමග මුසුවූ අතීත ශ්‍රී විභූතිය නැවත ගෙන්වාගත හැකි, සකල සතට ගහට කොළට, උරුමයක් නැති පරපුරක් වෙනුවෙන් අභිමානවත් නිදහස් දැයක් ගොඩනැංවීම උදෙසා නව නිදහස් අරගලයක අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා තමයි රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව නිර්මාණය කළේ.
මෙහිදී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන සියලු ජාතීන්, සියලු ආගම් අදහන, සියලු සංස්කෘතීන් ඇති මහා සංස්කෘතිය සමග ජීවත් විය හැකි ලෙස එක්සත්ව මේ රට හැදිය යුතුයි. ඒ සඳහා සියලුදෙනා දායක වෙන්න ඕන. රට අතීතයේ තිබුණු තැනට රැගෙන යමින් කිසිවෙකුට ණය නොවී ඉන්න පුළුවන් ශ්‍රී ලාකේය ජාතියක් ගොඩනගා ගන්න ඕන. ඒ සඳහා රට තුළ පැහැදිලි සංවිධානයක් නැහැ.
විවිධ පාට පක්ෂවලට, විවිධ කල්ලි කණ්ඩායම්වලට බෙදිලා එම කල්ලි කණ්ඩායම් හා පෞද්ගලික න්‍යාය පත්‍ර එක්ක මේ රට කරන්න බැහැ.
ඒ නිසා පොදු ජාතික උපාය මාර්ගික වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. රට හදන්න නම්, රට රකින්න නම්, ගම හදන්න නම්, ගම රකින්න නම් එම වැඩපිළිවෙළ තමයි දිනවන්න ඕන. පෞද්ගලික වරදාන වරප්‍රසාද පසුපස යන දේශපාලනය වෙනුවට මේ රට හදන්න පුළුවන් කියන පණිවුඩය සමාජගත වෙලා තියෙනවා.
විවිධ දේශපාලන පක්ෂවලට සහ විවිධ පුද්ගලයන්ට වැඩපිළිවෙළක් නැතිවීම තුළ අපේ රට මහා ලොකු අගාධයක සිරවී තිබෙනවා. සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ආදී හැම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා තියෙනවා. එදා මෙදාතුර බලයට පැමිණි කිසිම දේශපාලන පක්ෂයක් මෙතනින් ගැලවීම සඳහා ජාතික න්‍යය පත්‍රයක් හැදුවේ නැහැ.
රටේ නීතිගත කරලා තියෙන්නේ දෙන්නම් බැටේ දේශපාලනය. වෙනත් දේශපාලන පක්ෂයක් බලයට පැමිණි විට සියලු සංවර්ධන යෝජනා උපාය උපක්‍රම පැත්තකට දානවා. නමුත් මේකට පොදු වැඩපිළිවෙළක් තිබුණහොත් විවිධ දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් තිබුණත්, විවිධ පුද්ගලයෝ බලයට පැමිණයත් අපි පෙළගැහෙන්න ඕන.
රට හදන, ගම හදන පුළුල් ජාතික උපාය මාර්ගික වැඩපිළිවෙළ පරාජය වෙන්න බැහැ. ඒ නිසා මේ රට හදන්න නම් පොදු න්‍යය පත්‍රයක් රටට අවශ්‍යයයි. එහෙම නැතිව ජාතියක් විදියට, රටක් විදියට අපිට කවදාවත් නැගිටින්න බැහැ. එම හිඩැස පිරවීමේ උවමනාව අද රට තුළ තිබෙනවා.
Q මොකද්ද රටට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ?
අපි ගිය මාසේ 25 වැනිදා රට ගොඩනැංවීමේ ජාතික එකමුතුවේ වෙබ් අඩවිය හා අප යා යුතු ගමන් පිළිබඳ ලියවුණු ගම රට හදන අපේ මග කියලා කෘතියක් එළිදැක්වූවා. අපිට අවශ්‍යයි ජාතික උපාය මාර්ගික දස වැදෑරුම් ජාතික වැඩපිළිවෙළක් හදන්න.
සියලු විද්වතුන් වෘත්තීයවේදීන්, කේෂත්රයේ නිපුණයන් එකතු කරලා ජාතික උපදේශක සභාවක් හදලා ඒ හරහා රටට අවශ්‍ය කෘෂිකර්මය, සෞඛ්‍ය, පොදු පහසුකම්, ආර්ථිකය, ජාතික ආරක්ෂාව, විදේශ පිළිවෙත් යනාදී සියලු ක්ෂේත්රයන් ඇතුළත් වන සේ ජාතික ප්‍රතිපත්ති 10ක් සකස් කරලා එය රටට ඉදිරිපත් කරලා පෙළගැහෙන්න ඕන යාන්ත්‍රණය අපි දැන් සකස් කරමින් යනවා.
ඒ සඳහා අපගේ ජාතික විධායක කමිටුව, ජාතික මෙහෙයුම් කමිටුව, දිස්ත්‍රික්ක කැඳවුම්කරුවන් පත් කර, දිස්ත්‍රික් ක්‍රියාකාරී කමිටු හදාගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ගමට ගෙන යෑම පොළවෙන් උඩ ඉඳන් වොයිස් කට් දේශපාලනයෙන් කරන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ගමට අරන් යන්න ඕන.
ගම්වල ඉන්න අම්මලා තාත්තලාට, සහෝදර සහෝදරයින්ට මේ රට හදන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕන. මේ දේශපාලනය පිළිබඳව හැමෝම තුළ කුකුසක් තියෙනවා. අපි හැමදාම රැවටුණා, අපිට දේශපාලනය එපා කියන පූර්ව නිගමනවලට මිනිස්සු එළඹිලා තියෙනවා. අපි මඩේ පිපුණා කියලා නෙළුම් මල අයින් කරන්නෙ නෑ.
මඩ ගාගන්නෙ නැතිව නෙළුම් මල නෙළාගෙන අපි පූජා කරනවනේ. විවිධ දේශපාලන පක්ෂවල සිටින අය යොදාගෙන තමයි අපිට මේ වැඩේ කරන්න වෙන්නේ. අපි දැනගන්න ඕන ගම්වල ප්‍රාදේශීය සභාවේ ඉන්න මනුස්සයාගේ ඉඳලා පාර්ලිමේන්තුවට යවන මනුස්සයා දක්වා වරප්‍රසාද, වරදාන නැති අපේකම ගමේකම තියෙන අවංකව රට ගැන හැඟීමක් තියෙන මනුස්සයෙක් යවන්න. ඒකෙ පූජනීය වගකීම තියෙන්නේ ඡන්ද දායකයන් විදියට අපිටයි.
අපි දෙන ඡන්දයේ පරමාධිපත්‍ය රකිනවාද කියන ප්රශ්නය තියෙනවා. පාර්ලිමේන්තුවට ගිහින් එයාලට ඕන දෙය කරන්නේ. මේක රටට බරක් වුණු පාර්ලිමේන්තුවක්. රටට බරක් වුණු පළාත් පාලන ව්‍යුහයක්, රටට බරක් වුණු පළාත් සභාවක්. මහජන නියෝජිතයෝ භාවිත කරන වරදාන වරප්‍රසාද එක්ක තමයි මේක ගැටගැහිල තියෙන්නේ.
නමුත් තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම ගැන දේශපාලකයෝ කතා කරන්නෙ නෑ. විශාල ව්‍යාපෘති පැමිණි විට තමන්ට ලැබෙන කොටස ගැන විතරයි කතා කරන්නේ. නමුත් එම ව්‍යපෘතියෙන් රටට ලැබෙන දේ මොකද්ද කියලා කතා කරන්නෙ නෑ. එතැනට මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න ඕන. අපි යවන මහජන නියෝජිතයාගෙන් රටට අවශ්‍ය දෙය ගත යුතුයි.
Q ජනතාවගේ අදහස් වෙනස් කරන්නේ කොහොමද?
ඒක අමාරු කාර්යයක්. හැබැයි බැරි නැහැ. ලෙහෙසි දේවල් කරන්න හැමෝම ඉන්නවා. අමාරු දේවල් කරන්න තමයි මිනිස්සු නැත්තේ. අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ මිනිස්සු පැහැදිලි කරුණු කාරණා සහිතව මේ වැඩපිළිවෙළ පිළිගත්තොත් මිනිස්සුන්ගේ මානසික මට්ටමට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඒ සඳහා යම් මානසික සංග්‍රාමයක් සිදුකරන්න වෙනවා.
ගම්වල සිටින අය තමන්ගේ දුවට පුතාට රැකියාවක් ගන්න වැනි පෞද්ගලික කාරණා එක්ක තමයි මෙය ගැටගැහිලා තියෙන්නේ. නමුත් රටට දෙයක් කරන්නේ කොහොමද කියා බැලිය යුතුයි. එහිදී අපිට පෞද්ගලික දෙයක් නොලැබී යන්න පුළුවන්. එහිදී ඒ අය තමන් නියෝජනය කරන පක්ෂයේ පුද්ගලයා දිනවන්න වෙහෙසනවා මිසක් රට දිනවන වැඩපිළිවෙළක් හදන්නෙ නෑ.
මිනිසුන්ගේ මානසික මට්ටම වසර 10-15ක් තිස්සේ දැන් වෙනස් වෙලා තිබෙනවා. දැන් මිනිස්සුන්ට ගම රට හදන වැඩපිළිවෙළක් උවමනා වෙලා තියෙනවා. පෞද්ගලික න්‍යාය පත්රවලට අනුව වැඩපිළිවෙළවල් ඇති. ඒවා අභිභවා රටේ සමස්ත ජනතාව මේ රට හදන්න ඕන. මේ රට කාලකන්නි රටක් බවට පත්වෙලා. උගතුන් වියතුන් සෑම අයෙකුටම විශාල කලකිරීමක් තිබෙනවා. එම කලකිරීම හිතේ තබගෙන තමයි ඡන්ද පොළට ගිහින් ඡන්දය පාවිච්චි කරන්නේ.
අපි කැමති වුණත් අකමැති වුණත් 2015දී මිනිස්සු ඡන්දෙ දුන්නේ වෙනසක් බලාගෙන. එම වෙනස ඒ ආකාරයෙන් ඉෂ්ට නොවුණු නිසා ජනතාව කලකිරීමකින් ඉන්නේ. එවිට මිනිස්සුන්ට කොයිකද තෝරන්නේ කියන ප්රශ්නය තියෙනවා. නැවත වැඩපිළිවෙළක් නැති පිරිසක් ගේනවද කියන ප්රශ්නය තියෙනවා.
මේ දෙගොල්ලොම හවුලේ කාලසටහන් දාගෙන රට ප්‍රපාතයට ගෙනියන වැඩක් තියෙන්නේ. ගම්මවලට ගිහින් කාලයක් යනකොට මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න පුළුවන් ආත්ම ශක්තිය තියෙනවා. හැම දේශපාලන පක්ෂයක් පිළිබඳවම විවේචන තියෙනවා. ජනතාවට හිතෙන්න පුළුවන් මේකත් තවත් එක් දේශපාලන ව්‍යාපාරයක්ද, සංවිධානයක්ද කියලා. තවත් කියන එක වෙනස් කරන්න නම් වෙනම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි.
අපි හදන ජාතික වැඩපිළිවෙළ පිළිබඳ නුදුරු අනාගතයේදී ජාතික මැතිවරණයක් පැමිණි විට විවිධ දේශපාලන පක්ෂ හා පුද්ගලයන් එක්ක සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රට හමුවේ අපේ වැඩපිළිවෙළ තැබූ විට අවම තත්ත්වයන් යටතේ හෝ මිනිස්සු පෙළගැසේවි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට සියලු දේශපාලන පක්ෂවල අඩු වැඩි වශයෙන් හොරකම් කරපු අය ඉදිරිපත් වෙනවා.
එහෙම අය මනාප පොරයට පොරකනවා. ඊළඟ මැතිවරණයේදී තමන්ගේ දුව පුතා පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට දාගන්න බලාගෙන ඉන්න මන්ත්‍රීවරු දැන් ඉන්නේ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉලක්කය ඊළඟට වැඩිම මනාප අරන් සභාපති වෙන්න. හැබැයි මේ මිනිස්සු තුළ හොරකම නතර වුණේ නැහැ, අපේකම නැහැ, ඒ මිනිස්සු ව්‍යූහාත්මකව වෙනසක් වෙලා නැහැ.
ගම හදන්න රට හදන්න ඕන කියන හැඟීම ඇවිත් නැහැ. වාචිකව ගම රට හදනවා කියලා ප්‍රතිපත්ති ප්රකාශනවල දමාවි. ඒ මිනිස්සු වැරදි හදාගෙනද ඇවිත් ඉන්නේ කියලා සොයා බැලීමේ කියවීමක් රටට අවශ්‍යයි. අපි හිතනවා ඒක ගමෙන් පටන් ගන්න පුළුවන් කියලා. අපේ ගැමි කමිටුවලින් ගමේ සංවර්ධන යෝජනාවලියක් ගමේ මිනිස්සු එකතුවෙලා හදනවා. ඒකට ගමේ ඉන්න ප්‍රභූන්, ස්වාමීන් වහන්සේලා, පූජකවරු, ගුරුවරු, ගොවියෝ එකතු වෙනවා.
Q අනෙකුත් සංවිධානවලින් මෙම සංවිධානය වෙනස් වන්නේ කෙසේද?
අපි අවුරුදු ගණනාවක් තිස්සෙ බිම් මට්ටමේ ගොඩනගාගෙන යන සංවිධානයක්. දැනට ජාතික මට්ටමට සමාජගත කරලා මාසයක් පමණ වෙනවා. මීට සමගාමීව මිනිසුන්ගේ මනස හදන්න පුළුවන් ක්ෂේත්‍ර 10ක් අපි හදාගෙන යනවා.
ජාතික භික්ෂු ජන එකමුතුව, ජාතික විද්වත් ජන එකමුතුව, ජාතික ගොවිජන එකමුතුව, ජාතික ගුරු ජන එකමුතුව, ජාතික සිසු ජන එකමුතුව, ජාතික කාන්තා ජන එකමුතුව, ජාතික කම්කරු ජන එකමුතුව, ජාතික වෙද හෙද ජන එකමුතුව, ජාතික කලා ජන එකමුතුව ආදී වශයෙන් දස බලඇණියක් අපි සකස් කර තිබෙනවා.
ගම්වල සියලුදෙනාම එතැනට ගොනු කරනවා. අප යා යුතු මග සම්බන්ධයෙන් නිශ්චිත ජාතික වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. ගම රට හදන අපේ මග කියන කෘතියෙන් අපේ පදනම ඉදිරිපත් කර තිබෙනවා. ඉතිහාසය, වර්තමානය, අනාගතය කොහොමද මේක අපි ගොඩනගන්නේ.
මේකෙදි අපිට තියෙන්නේ පුද්ගලයෝ දිනවීමට එහා ගිය වැඩපිළිවෙළක්. යම් යම් දේශපාලන පක්ෂ එක්ක අපිට යම් කතිකාවතක් සිදුකරන්න වේවි. ඒක සාධනීය මට්ටමට ගෙන ඒමේදී බලපාන්නේ ඇමති ධුර ගණනවත්, මන්ත්‍රි ධුර ගණනවත් නෙමෙයි. අපි බලන්නේ රටට ලැබෙන දේ මොකද්ද, ගමට ලැබෙන දේ මොකද්ද කියලයි.
මෙතෙක් වුණේ විවිධ සංවිධාන හදාගෙන එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමක් පමණයි. අද මේ රටේ දේශමාමක දේශප්‍රේමි ජනතාව අපිට වඩා ඉස්සරහින් ඉඳන් කියනවා ඇයි උඹලට බැරි මේ රට හදන්න එන්න කියලා.
ඒ නිසා අපි බලාපොරොත්තු වන්නේ එක එක කල්ලි කණ්ඩායම් දේශපාලන පක්ෂවලට නතු නොවී ජාතික උපාය මාර්ගික සැකැස්මක් එක්ක, ජනතාවත් එක්ක යන්නයි. විවිධ දේශපාලන පක්ෂ එක්ක, විවිධ කණ්ඩායම් එක්ක අපිට කතිකාවතක් ගොඩනගාන්න පුළුවන්. ඒකට අපිට ඉඩක් තියෙනවා. අපේ අනන්‍යතාවය රැකගෙන ජාතික උපායමාර්ගික සැකැස්ම මත පිහිටා තමයි අපි හැමදේම කරන්නේ.
Q බොහෝ සංවිධාන මුදල් උපයන පරමාර්ථයෙන් වැඩ කරන බවක් පේනවා. මෙම සංවිධානය එවැන්නක් නොවන බවට ජනතාවට දෙන සහතිකය මොකද්ද?
ඒක අපිට ප්‍රායෝගිකව කරලා තමයි පෙන්වන්න වෙන්නේ. ඒ සඳහා දැනට විවිධ ක්ෂේත්‍ර හරහා අපි වැඩ කරනවා. අපිට මුදල් දෙන්න කවුරුවත් නෑ. අපේ පූර්ණ කාලීන සාමාජිකයන් ඉන්නවා. ඔවුන් ශ්‍රමයෙන් වැඩ කරනවා. නැණ ගුණ සපිරි සවිමත් දරු පරපුරක් ජාතියට දායාද කරමු තේමාව යටතේ අපි දහම් පාසල්වලට යනවා අවුරුදු 5 සිට 10 දක්වා. තවත් අවුරුදු 10ක් යද්දි එම පුද්ගලයාගේ මනස වෙනස් කරන්න පුළුවන්.
අපේ රටේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳව අපි කිසිදු මුදලක් නැතිව පෙන්වා දෙනවා. ජාතික කාන්තා ජන එකමුතුව හරහා කාන්තාවන්ට රට තුළ විශාල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පස්පව් සංකල්ප හදලා ස්වයං ආර්ථිකයක් හදාගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාවට නැංවීමට අපි මැදිහත් වෙලා තිබෙනවා.
අපිත් එක්ක ප්‍රථමයෙන්ම ගනුදෙනු කරද්දි මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේකත් තවත් එක් එන්ජීඕ එකක්ද, දේශපාලන කණ්ඩායමක්ද කියලා. ඒ සැක හැරලා අපි කවුද කියලා තේරුම් කරන්න අපි පොළවේ වැඩ කරන්න ඕන. ඒකට තමයි අපි උපරිම ශක්තිය යොදන්නේ. මෙම සංවිධානය තනි පුද්ගලයෙක් වටා ගොඩනැඟුණු එකක් නෙමෙයි.
අපි නායකත්ව මණ්ඩලයකින් පාලනය වන්නේ. මම සභාපතිවරයා විදියට ජාතික මෙහෙයුම් කමිටුවට, මධ්‍යම කාරක සභාවට, ජාතික විධායක සභාවට වග කියනවා. අපි ස්වයං වාරණයක් දාගෙන තියෙනවා. අපි පුද්ගල චරිත ප්‍රතික්ෂේප කරලා වැඩපිළිවෙළ දිනවීමටයි කැප වන්නේ.
නමුත් වැඩ කරගෙන යද්දී සමහර පෞද්ගලික චරිත මතුවෙන්න පුළුවන්. මිනිස්සුන්ට කුකුසක් ඇතිවෙන්න පුළුවන් මේකත් කවුරුහරි බලයට ගේන්න අටවගත්තු සංවිධානයක්ද කියලා. එම සැකය සාධාරණයි.
නමුත් අපි දැනගන්න ඕන එම සැකය අයින් කරලා අපි තුළ තියෙන විශ්වාසය ජනතාව තුළ රෝපණය කිරීමට. අපි තවම කල් වැඩියි මෙහෙම දෙයක් ජනතාවට පැවසීමට. අපි බොහෝවිට උත්සාහ කරන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත අලුත් පූර්වාදර්ශයක් දෙන්නයි.
Q දැනට එක්ව සිටින පිරිස කවුද?
දැනට අපි විශ්වවිද්‍යාල මහචාර්යවරුන්, වෛද්‍යවරුන්, විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වම්බිමට ආදරය කරන පිරිස් සමග කතිකාවතක් ගොඩනගාගෙන යනවා. පුළුල් ජාතික වැඩපිළිවෙළක් රට හමුවේ තියලා එම වැඩපිළිවෙළ දිනවන්න පුළුවන් මහජන පෙරමුණක් අපි හදන්න ඕන.
රටට හිමි ජාතික කීර්තිය අත්පත් කරගන්න බැරි නම්, රට ආරක්ෂා කරගන්න බැරි නම් මොන පක්ෂෙ දිනෙව්වත් වැඩක් නැහැ. මනමාලිගේ තැල්ල බදින්න බෙල්ලක් ඕන. අපිට බෙදිලා ගහගන්න හරි රටක් ඕන. ඒ රට පිළිබඳව තමයි අපිට ප්‍රශ්නෙ තියෙන්නේ. මේ රට තුළ ඉපදිලා මැරෙන හැමෝටම මේ රට පිළිබඳ අයිතියක් තියෙනවා.
Q ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?
අපි දැනට දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පත්කරගෙන ක්‍රියාකාරී කමිටු හදාගෙන යනවා. සෑම දිස්ත්‍රික්කයක් පාසාම අපි ඇවිල්ලා ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු කරනවා. කොළඹ, ගම්පහ, මාතලේ දිස්ත්‍රික්කවල අපි සංවාද මණ්ඩපයක් හදලා දැන් සාකච්ඡා කරගෙන යනවා. මේ මාස කිහිපයේ අපි සූදානම් වෙන්නේ හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීම සඳහායි. රටට ආදරය කරන සියලුදෙනාට අපි සමග එකතු වෙන්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd