Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
යුද්ධයෙන් පසු රට ගොඩනංවනවා යැයි කී මහින්ද රාජපක්ෂ සන්ධාන ආණ්ඩුව යුද්ධයෙන් පසු හොරකම මිස රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හිතාමතා මගහැරියේ යැයි ජනතාව චෝදනා කළහ. ලෝකයේ බොරතෙල් මිල අන්තයටම පහළ බසිනවිටත් රට හදා සහන දිය යුතු යැයි කී මහින්ද සන්ධාන ආණ්ඩුව එම සහනය ජනතාවට නොදී ඒ මුදල් තමන්ගේ හොරකම් සඳහා අනුබලයක් කරගත්තේ යැයි එදා විපක්ෂය චෝදනා කළේය.
පශ්චාත් යුද සමයේදීද යුද්ධයට පෙර පැවති සමය මෙන්ම හොරුන් තක්කඩියන්ට තවදුරටත් හොරකම් කිරීමට අවස්ථාව දුන් අයුරු 2015 ජනවාරි8 ඉලක්ක කරගත්
මෛත්‍රී - රනිල් එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කළෝය. නමුත් ඒවාද මහින්ද ආණ්ඩුවේ කයිවාරු මෙන්ම කඩදාසි තුළ සිරකළ තවත් පොරොන්දු පත්‍රිකාවක් බවට වසර තුනකට පසු ජනතාව සිහිපත් කරති.
තමන්ට තව වැඩිමනත් කාලයක් රජ පුටුවේ රැඳී සිටිය යුතු යැයි සිතූ මහින්ද රාජපක්ෂ රාජකීය ජ්‍යෝතීර්වේදීන්ගේ උපදෙස් සහ තමන් වටා සිටි දේශපාලන පුරෝහිතයන් දුන් උපදෙස් අනුව 2014 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් එම තනතුරෙන් ඉල්ලා අස්විය. එතැන් සිට 2015 ජනවාරි 08 දින දක්වා ගෙවී ගිය මාස දෙකහමාරක කාලය තුළ රටේ සිදුවූ සංවර්ධනයක් හෝ වෙනත් ජාතික අවශ්‍යතා සඳහා අවස්ථානුකූල මැදිහත්වීමක් නොවීය. සිදුවූ එකම දේ නැවත බලය වෙනුවෙන් මහින්දලා පොදු දේපළ සිත්සේ විනාශ කිරීම පමණකැයි මේ වන විට දූෂණ විරෝධීහු පෙන්වා දී තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු සිදුනොකළ යුතු යැයි පැවසෙන උත්සව පැවැත්වීම, නව ඉදිකිරීම් හෝ විවෘත කිරීම් පැවැත්වීම, පුරප්පාඩු පිරවීම වැනි දේ හේතුවෙන් රටේ ගමන තවත් පසෙකින් අඩපණ විය.
එසේම මහපුටු පෙරළෙන අත දෙස බලා සිටින මහතැන් සහ සුපිරි රාජ්‍ය සේවකයන් තුළ ක්‍රමවත් සැලසුම් සහ විධිමත් සංවර්ධන ක්‍රමවේදයන් වෙනුවෙන් පැවති උනන්දුව දියවී යෑම ස්වාභාවික කරුණක් බවට පත්වීමෙන් රටේ සංවර්ධනය නතරවීමට එයද විශාල අනුබලයක් බව සමාජ විද්වත්හු අවධාරණය කරති.
එයින් පසු ඉහත කී මෛත්‍රී-රනිල් ආණ්ඩුව දින සියයේ ව්‍යාපෘතිය නමින් සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කළ ආකාරය ජනතාව පෙන්වා දෙති. එහිදී මහින්ද හැදූ සන්ධාන ආණ්ඩුවේ අගමැතිකමට රනිල් බලහත්කාරයෙන් පත්වී යැයි නැඟුණු චෝදනාව තුළ මහින්ද-මෛත්‍රී දෙපාර්ශ්වය රනිල්ගේ සංවර්ධන වැඩපිළිවෙළට අකුල් හෙළුෑ බවට ජනතාව චෝදනා කළහ. කෙසේ හෝ අවසානයේදී එකී යෝජනා අතරින් තුනෙන් එකක් පමණක් ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවද ආණ්ඩුව පැත්තෙන් වාර්තා විය. ජනතා මනාපයෙන් ගොස් ආණ්ඩුවේ උරුමකම් පිළිබඳ කතාකරන ඇත්තන්ට ජනතාව තමන් එතැනට යැවුවේ ඇයිද යන කරුණ අමතක වීම පිළිබඳ ඇත්තේ විමතියකි.
අපි කෙසේ හෝ ආණ්ඩුව පෙරළනවා යැයි තර්ජනය කරමින් හැමදාමත් ඇසුණේ ඒකාබද්ධ විපක්ෂය ගම්මාන මටටමේ සිට දියත් කළ වර්ජන, අරගල, උද්ඝෝෂණ පිළිබඳ පුවත් රැසකි. ජනතාව වීදි බසින තැනට සහ මාර්ග අවහිරතා ඇති කරමින් ගමනාගමන අඩපණ කිරීමේ පුවත්ද ඒ අතර බහුලය. පොදුවේ ජනජීවිතය පවත්වාගෙන යාමට ඇති යහපත් ක්රමෝපායන් සියල්ල නිරතුරු අඩපණ කරමින් තම බලය වෙනුවෙන් කළ හැකි හැම පහත් වැඩක්ම කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගෙවුණු තුන්වසර තුළ කටයුතු කළ බවට කඩාකප්පල් කිරීම්වලට එරෙහි ජනතාව පවසති. මෙහෙම ගියොත් රට පස්සට යන එක වැළැක්විය හැකිදැයි ජනතාව ප්‍රශ්න කළහ.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණය පැවැත්විණි. එයින් පත්වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට මාස දෙක තුනක කාලයක් හැර රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් යොමු වීමට තිබූ කාලය අසීමිත පරිදි සීමිත විය. එහිදී 2015 අගෝස්තු මැතිවරණය ප්‍රකාශයට පත් කළ තැන් සිට නැවතත් මාස තුනහතරක් රට පස්සට ගියේය. නැවත පළාත් පාලන මැතිවරණය සඳහා ගතවූ 2017 අවසාන කාලයේ සිට 2018 මුල් භාගය දක්වා රට තුළ දේශපාලන වශයෙන් අවුල් සහගත තතත්වයක් නිර්මාණය කළේය.
රටේ ප්‍රතිපත්ති තුළ රැෙඳමින් ඒවා නිරීක්ෂණය කර රට මෙහෙයවිය යුතු ජනාධිපතිවරයා මැතිවරණ ඉලක්ක කර පක්ෂ දේශපාලනය කරපින්නා ගත් දේශපාලන ඉත්තෙකු බවට පත්වීම රට ආපස්සට යාමට ප්‍රබල අනුබලයක් වී යැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
එවැනි තැනක පොදු අපේක්ෂකයා නිල්පාට හෝ අත ලකුණ වීම හෝ ශ්රීලංනි පාක්ෂිකයෙකු වන්නේ කෙසේදැයි ජනතාව අසති. ජාතික නායකයා එක් දේශපාලන පක්ෂයක වේදිකාව නියෝජනය කරන්නේ කෙසේදැයි ජනතාව විමතිය පළ කරති. ඒ අනුව රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයාත්, ඒකපාක්ෂික නම් රට ආපස්සට යාම පුදුමයක්දැයි ජනතාව විමසති. නිර්දේශපාලනීකරණය වූ ජනාධිපතිවරයෙකු බිහිවනතුරු රට ඉදිරියට ගෙන යාහැකි දැයි ජනතාව අසන්නේද එහෙයිනි.
හොරු ඇල්ලීමට පත් කළ එෆ්සීඅයිඩිය විශේෂ ජනාධිපති කොමිසම අල්ලස් කොමිසමේ මහ පුටු වෙනස තුළ හෝ ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදි එක හොරෙකුටවත් දඬුවම් දීමට නොහැකි වූ ආකාරය ජනතාව සිහිපත් කළහ. පුළුවන්නම් අපි අල්ලපියව් හොරුන්ද ආණ්ඩුවට අභියෝග කරන විට මෛත්‍රීට කළ හැකි වූයේ කඩුව වැනීම පමණකැයිද හොරු අවලාද නැගූහ.
අවුරුදු පතා කැබිනට් මණ්ඩලය පුරවමින් හිතවතුන් සතුටු කිරීම තුළ මෛත්‍රී-රනිල් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව තවදුරටත් විදහා දැක්වූ බවට ජනතාව චෝදනා කළහ. විද්‍යාත්මක පදනමක් යටතේ කැබිනට් සංශෝධනය කරනවා යැයි කී මෛත්‍රීට අද දක්වා තම කැබිනට්ටුව පත්කර ගැනීමට නොහැකි රාජ්‍යයක නායකකම දැරීමට සිදුව ඇතැයි එජාප පාක්ෂිකයෝද පෙන්වා දෙති.
ජනතාව එක් ආණ්ඩුවක් වසර පහක කාලයක් සඳහා බලයට පත්කර ගන්නේ නම් බලය ලද ආණ්ඩුවේ වගකීම ගතවූ ආණ්ඩු විසින් කළ වැරදි නොකිරීමය. යළිත් එවැනි වැරදි සිදු නොවන තැනට කටයුතු සකස් කිරීමය. තමන්ද ඒ වැරදිවලින් අත් මිදී ජනතාවගේ අභිලාෂයන්ට ඇහුම්කන් දීමය.
ඒ වෙනුවට මෛත්‍රී-රනිල් ආණ්ඩුව තුළ සිදුවූයේ මහින්ද ආණ්ඩුවෙන් පන්නා දැමූ හොරුන් දූෂිතයන් ළංකර ගනිමින් හැට දෙලක්ෂයක් ජනතාව දිනා දුන් ජනවරම වෙනත් පටු දේශපාලන වාසි වෙනුවෙන් පාවා දීම බව එජාප පාක්ෂිකයෝ චෝදනා කරති. මහින්ද පන්නා දැමූ හොරුන්ට මහපුටු ලබාදී නැති මරාලයන් තම හිසට දමාගෙන ජනතා විශ්වාසය පලුදු කරගන්නා තැනට ජාතික ආණ්ඩුවේ අගමැතිවරයාද දූෂණයට අනුබල දුන් දූෂිතයෙකු බවට මෛත්‍රී නම් කිරීමෙන් ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනාථ වූ බවට දේශපාලන නිරීක්ෂකයෝ සටහන් තබා අවසානය.
රටේ නායකත්වය පිළිබඳ එවැනි සැකසංකා සහ ප්‍රබල චෝදනා තිබේ නම් ඒ නායකත්වය වෙනුවෙන් කිසිදු පක්ෂයකින් සුදුස්සෙකු මෙතෙක් නිර්මාණය නොවීම හෙට දිනයේ රට මුහුණදී ඇති තවත් ප්‍රබල අභියෝගයකි.
ගෙවුණු වසර තුන තුළ රට අත්වින්දේ මැතිවරණ තුනක් වෙනුවෙන් වසරේ වැඩි කාලයක් වුවද, ජනතාව එයින් දිනාගත් දේශපාලන අයිතියක් නැත. එසේම ඉදිරි මාස කීපය තුළ නැවත පළාත් සභා මැතිවරණ සඳහා නාමයෝජනා කැඳවනු ඇතැයි ආරංචි මාර්ග දක්වයි. එවිට එතැන් පටන් තවත් මාස හතරක කාලයක් රට අරාජිකත්වයට පත්වනු ඇත. දේශපාලකයන් පිල් මාරු කරනු ඇත. විපක්ෂයේ බහුතරය රට ගිනි තබනු ඇත. ඒ ජරමර අස්සේ ආණ්ඩුවේ ඇත්තන්ද තමන්ට ඇති හැකි පරිදි අතයට ගනුදෙනු කරමින් තමන්ගේ ගිණුම් තරකර කර ගනු ඇතැයිද ජනතාව සිහිපත් කරති.
කෙසේ හෝ වසර හතරකට ආසන්න කාලයක් තුළ මෛත්‍රී-රනිල් ආණ්ඩුව මැතිවරණ වෙනුවෙන් වසර දෙකකට වැඩි කාලයක් කා දැමුවේ යැයි ජනතාව පවසති. පක්ෂ ප්‍රතිශෝධනය වෙනුවෙන් වසර පුරාවට බල අගරල කරමින් රට දිනපතා අගාධයට ගෙන ගිය ආකාරය දක්වති. මහින්දාලාගේ පාර්ශ්වය ගිනි නොගත් තැන් සොයා යමින් සහ ගිනි තැබීමට අවශ්‍ය දෑ නිර්මාණය කරමින් යුද්ධයෙන් දිනා දුන් රට නැවත ගිනි ගන්නා රාජ්‍යයක් බවට පත් කරවීමට පෙට්‍රල් භූමිතෙල් සපයමින් සිටින්නේ යැයි හැටදෙලක්ෂයක් ජනතාවගෙන් ප්‍රබල චෝදනාවකි. එවැනි පසුබිමක රට ආපස්සට යාම පුදුමයක් නොවේ.
මේ වන විටිත් හැම දේශපාලන පක්ෂයකින්ම පන්නා දමන දූෂිතයන්, වංචනිකයන් මහින්දගේ පොහොට්ටුව පැත්තට එකතු කර ගනිමින් සිටින බවට චෝදනාවකි. වැඩි කලක් නොගොස් අපතයන්ගෙන් පිරි ආණ්ඩුවක් නිර්මාණය කර රට මහා අගාධයකට පත් කරවීමට මහින්ද කැසකවන්නේ යැයි ජනවාරි අට විජයග්‍රහණයේ හවුල්කාරයෝ පෙන්වා දෙන්නේද එහෙයිනි.
අවස්ථා දෙක තුනකදී සිදුවූ කැබිනට් සංශෝධන තුළ අඩුම තරමින් තමන්ගේ අමාත්‍යාංශයට දෙතුන් වරකට වඩා ගොඩවූ මැති ඇමැත්තෝ විරලය. ඔවුහු අද එකතැනකය. හෙට කොතැනකට යා යුතුදැයි සිතන ඔවුන්ට තම අමාත්‍යංශය යටතේ යමක් කිරීමට අවස්ථාවක් නැත. ලෝකයේ උගතුන් බුද්ධිමතුන් සහ රට ගැන හිතන අවංක දේශපාලකයන් විපක්ෂය හොබවන රාජ්‍යයන්හි ආණ්ඩු පක්ෂය නිවැරදි මගට ගැනීමට එම රටවල විපක්ෂය ගන්නා කාර්යභාරය ජනතාවගේ ඇගයමුට ලක්වෙති.
එහෙත් ලංකාව තුළ සිදුවන්නේ අපි වෙසක් පොහොය දෙකකින් හෝ ලබන වෙසක් පොහොයට හෝ 2020 ආණ්ඩු බලය අල්ලනවා යැයි ජනතාව විසින් නම් කළ දූෂිතයන් විසින් රට අවුල් කිරීම නම් හෙට දිනයේ රට යන අත ගැන ජනතාවට ඇත්තේ අර්බුදයකි. රට තුළ පවතින හැම අර්බුදයක්ම නිර්මාණය කළේ ඒකාබද්ධ විපක්ෂය යැයි එජාප පාක්ෂියන් මෙන්ම සියල්ල දෙස මධ්‍යස්ථ මතධාරීන් බලා සිටින්නේද එහෙයිනි.
එපමණක් නොවේ. මේ වන විටත් ශ්රීලංනිපය තුළද නැවත ලිහිය නොහැකි අවුල් ජාලයක් යැයි එම පාක්ෂිකයෝ පෙන්වා දෙති. බලය ලබාගත්තද පවුල් ගස සමග සහ අපතයන් බැහැර කළ නොහැකි වීමේ ගැටුම් මත දිවෙන පක්ෂයේ ප්‍රතිපත්ති එහිලා මේ වන විටත් අනුබල සපයමින් සිටින ආකාරය ජනතාව මෙනෙහි කරති.
දැනටමත් එය කැබලි තුනකට කැඩී ඇත. මහින්දට එක පැත්තකි. මෛත්‍රීට තවත් පිලකි. ඒ දෙදෙනාටම නැති බණ්ඩාරනායක ප්‍රතිපත්ති අගයන තවත් පාර්ශ්වයකි. ඒ අනුව මහින්ද කඩාකප්පල්කාරයෙකි. මෛත්‍රී නිකමෙකි. රනිල් බටහිර ගැත්තෙකි. ජවිපෙ යනු කතාවේ තරමට වැඩ නැති න්‍යායවාදීන් පිරිසකි. එයින් ජනතාව අඟවන්නේ හෙට රට භාරදීමට සුදුසු නායකත්වයක් විපක්ෂය තුළ මෙතෙක් බිහිවී නැති බවට චෝදනාවකි.
ආණ්ඩු පක්ෂය තුළද නිසි නායකයෙකු නොමැතිනම් විපක්ෂය තුළද එවැන්නෝ දැකිය නොහැකි නම් පාර්ලිමේන්තුව හැමදාමත් දේශපාලන අවලාද සංශෝධන ප්රතිශෝධන සහ පුද්ගල චරිත ඝාතන වෙනුවෙන් දිනකට ලක්ෂ හතඅටක් මුදලක් කාදමන ආයතනයක් ලෙස පවත්වාගත යුතුද යන තර්කය ජනතාව විමසති.
රට තුළ අර්බුද නිර්මාණය කරමින් ජනජීවිතය අඩාළ කරමින් නායකත්වය උදෙසා මරාගෙන මැරෙන්නට හෝ තමන්ගේ දූෂණ වංචා සැඟවීමට ජනතා අයිතිය උදුරා ගන්නා දේශපාලකයන් කෙරෙහි ජනතාවට ඇත්තේ පිළිකුලකි. තවදුරටත් වංචාව, දූෂණය සඳහා අවකාශය සොයා යමින් දූෂිත චර්යාවන් ඇති නායකයන් බලය උදෙසා පොරකන රටක හෙට දවස කෙරෙහි ජනතාවට ඇත්තේ සැකයකි. අවදානමකි. හෙට දවසේ රට පත්ව ඇත්තේ මෙම දූෂිතයන් සහ සැබෑ දේශපාලකයන් කවුද යනුවෙන් වටහා ගැනීමේ අර්බුදයකට බව පැහැදිලිය. එහෙත් එහිලා පූර්වාදර්ශ නොමැති දේශපාලන ව්‍යුහයක් තුළ ජනතාවට සිදුවන්නේ 2020 මැතිවරණයේදීද හොරුන්, දූෂිතයන් තක්කඩියන් වෙනුවෙන් නැවත කතිරය ගැසීම බවද දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ලැබුවා වූ නව වසරේ ඇසෙන්නේද මෛත්‍රීගේ කුණු කතා මෙන්ම මහින්දගේ මැර කතාබහක් සහ රනිල්ගේ ගුප්ත දේශපාලන හැසිරීම පිළිබඳ ජනතා අප්‍රසාදයක් නම් ජනතාව පවසන පරිදි හෙට දවසේ රටේ සිදුවන්නේ කුමක්ද? අනේ කූඹියනේ. තොපට රජෙක් හිටියට අපට එහෙම කෙනෙක් නැතැයි කුංකුනාවේ හාමුදුරුවෝ එදා කී දේ ජනතාව නැවත සිහිපත් කරති.
දිනාගත් එකසිය හයෙන් ආණ්ඩු නොකර රනිල් මෛත්‍රී ද්විත්වය හොරුන් සමග ජාතික ආණ්ඩු හැදීමට යාමෙන් තමන්ගේ දේශපාලන නොහැකියාව ජනතාවට පෙන්වා දුන් අයුරු හෙට දවසේ ලියවෙන වංශකතාවකද එසේම සනිටුහන් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd