පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නෑදෑයෝ
'බලය බෙදීම සම්බන්ධව විශාල අර්බුදයක් තිබෙනවා. උතුරු නැගෙනහිර විතරක් නොවෙයි දකුණේ පළාත් ප්‍රධාන අමාත්‍යවරු ඒ ගැන කියන කාරණා අහලා බලන්න. ලොකු අර්බුද ගණනාවක් තිබෙනවා. ඒ වගේම දෙමළ ජනතාවටත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ අලුත් ව්‍යවස්ථාව හදන්නේ නැතිව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙළක් තිබෙනවා නම්, කරුණාකර පෙන්වා දෙන්න. මේ ප්රශ්නය විසඳාගන්න හොඳම අවස්ථාව දැන් උදාවෙලා තිබෙනවා. ඒ වගේම තමයි හදපු නැති ව්‍යවස්ථාවක් ගැන අපට කතා කරන්න බැහැ. අපිත් හොඳ සිංහල බෞද්ධයෝ. අපි රට පාවාදෙන්න හදන්නේ නැහැ. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ රටේ ප්රගමනය වෙනුවෙන්. රට ආපස්සට හරවන්න අවශ්‍ය අයට වුවමනා වෙලා ඇති එය නතර කරන්න. ව්‍යවස්ථාව හදන්න ඉන්න අය මරන්න ඕන කියනවා නම්, බෝම්බ දාන්න කියලා කියනවා නම් ඒ අයගේ මානසිකත්වය කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු අයගේ නෑදෑයෝ තමයි එහෙම කතා කරන්නේ. අපට ඒවා පුරුදු නැහැ. අපි ප්‍රශ්න විසඳාගන්නේ සාකච්ඡාවෙන්. අන්තවාදයට ගොස් මේ ප්‍රශ්න විසඳාගැනීම තුළ තවත් දරුණු අන්තවාදයක් රට තුළ ඇතිවෙනවා මිස ප්රශ්නය විසඳෙන්නේ නැහැ. දෙමළ ජනතාවට සිංහල ජනතාව සමග ප්‍රශ්න විසඳාගන්න බැහැ, වෙන විකල්පයක් දෙන්න කියලා දෙමළ ජනතාවට ලෝකය ඉදිරියේ කියන්න අවස්ථාවක් හදලා දීමයි මේ අන්තවාදීන් කරන්නේ. එතැන්ට ගෙනියන්න අපි සූදානම් නැහැ. අපි බෙදුම්වාදයට විරුද්ධයි.'
අමාත්‍ය දයාසිරි එසේ පවසන විට ඇතැම් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නට වූයේ දෙමළ ජනතාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බැවින් මෙලෙස නව ව්‍යස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ කුමක්ද යනුවෙනි. මාධ්‍යවේදීන් අන්තගාමී නොවී මධ්‍යස්ථව බැලීමට හුරුවිය යුතු බවත්, දෙමළ ජනතාවට ප්‍රශ්නයක් නොමැති නම්, වසර 30ක් යුද්ධ කළේ කුමක් වෙනුවෙන් දැයි එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් විමසීය.
විමල්ගේ දේශපාලනයට රාජ් සෝමදේව බලපෑ හැටි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිරගතව සිටි දින අසූහතක කාලය තුළදී ලද අත්දැකීම් ඇසුරින් ලියන ලද %යඳමින් බැඳි අක්ෂර^ කෘතිය ජනගත කිරීමේ උත්සවය තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පසුගිය ඉරිදා පැවැත්විණි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටි මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව විසිනි. මෙම කෘතිය සම්පාදනය කරද්දී විමල්ට සිරකරුවන් උදව් කර තිබූ බැවින් එම සිරකරුවන්ටද පොතක් පිරිනැමීමට විමල්ට වුවමනා වී තිබිණි. එම සිරකරුවන් කවුරුන් හෝ හිරගෙදරින් එළියට ඇවිත් සිටී නම්, කෘතිය ජනගත කිරීමේ උත්සවයට ගෙන්වා පොතක් ප්රදානය කිරීමට විමල් සැලසුම් කර තිබුණද, එක් අයෙකු හෝ ඔහුට සොයාගැනීමට නොලැබිණි. කෙසේ වෙතත් මෙම උත්සවයේදී විමල් ප්‍රථමයෙන්ම මහින්ද, ගෝඨාභය, මහින්දානන්ද, ඩලස්, වාසුදේව ඇතුළු පිරිසට කෘතිය පිළිගැන්වීය. රාජ් සෝමදේව මහාචාර්යවරයා විසින් අතීතයේ සිට මේ දක්වා මිනිසා ගමන් කළ ආකාරයත්, ඒ ඔස්සේ පැමිණි අර්බුදවලට මිනිසාට මුහුණ දීමට සිදුව ඇති ආකාරයත් දේශනයේදී පැහැදිලි කළේය. නව ව්‍යවස්ථාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව විමල් කීවේ මෙම උත්සවයේදීය. තමන් දේශපාලනයට පිවිසීමට රාජ් සෝමදේව මහාචාර්යවරයාගේ උපකාරක පන්තියක් බලපෑ ආකාරය අනතුරුව විමල් විස්තර කළේය.
“මොනවාහරි චෝදනාවක් දාලා හිරේ දාන්න සූදානමක් තියෙනවා නම්, ඒක සතුටින් බාරගන්න පුළුවන් මනසක් දැන් අපි හදාගෙන තිබෙනවා. මම දැනුයි දන්නේ මාස තුනක් හිරේ හිටියාම පොත් දෙකකුත් ලියලා, සින්දුවකුත් කරගන්න පුළුවන් කියලා. ඒ මාස තුන රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියේ නැත්නම් මේ පොත් දෙක ලියන්න ලැබෙන්නෙත් නැහැ, මේ සින්දුව ලියන්න ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ මාස තුනක කාලය අවුරුදු තුනක ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයක්. ඒකෙ ඇතුළෙ ඉන්න කොට එස්.එම්.එස්. පණිවුඩ, වයිබර් පණිවුඩ, වට්ස්ඇප් පණිවුඩ නැහැ. දෙයියනේ කියලා ෆේස්බුක් නැතිව ඉන්න පුළුවන්. දේශපාලන බිමේ තියෙන කරුණු කාරණා ගැන අපට ඇමතුම් එන්නෙ නැහැ. ඒ වැඩේට මේ වැඩේට එන්න කියන්නෙ නැහැ. මළගෙවල්වලට එන්න කියන්නෙත් නැහැ. එන්නේ නෑ කියලා දැනගෙන මඟුල් ගෙවල්වලට නම් එන්න කියනවා. ඒ නිසා කාලය එක අරමුණකට යොදවන්න පුළුවන්. අපට රට වෙනුවෙන් ඉටුකරන්න තියෙන භූමිකාව ඕනෑම තත්ත්වයක් යටතේ ඉටු කරන්න පුළුවන්. සිරගතව සිටියදී කළ හැකි භූමිකාව තමයි මේක.
මම කළුතර තිස්ස විද්‍යාලයේ සිසුවෙකු ලෙස කලා අංශයෙන් උසස් පෙළ හදාරන විට තර්ක ශාස්ත්‍රය විෂයත් හැදෑරූවා. ඒ සඳහා උපකාරක පන්තියකට යන්න මට වුවමනා වුණා. සවසට හෝලික්‍රොස් එකේ උගන්වන හොඳ ගුරුවරයෙකු ගැන මට ආරංචි වුණා. ඒ ගුරුවරයාගේ නංගිලා, මල්ලිලා හිටියේ මගේ ඉස්කෝලේ. ඔහුගේ නැඟණිය ඉගෙනුම ලැබූවෙත් මගේ පන්තියේ. මම ඒ ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබුවේ මාස තුනක් පමණ කාලයක්. ඉන් අනතුරුව මම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයෙකු ලෙස බෞතීස්ම වුණු නිසයි ඒ කාලය මාස තුනකට සීමාවුණේ. එතුමාගෙන් %‘ලොජික්’ ඉගෙන ගනිද්දී ඔළුවට ආපු අදහසුත් ඒ තරම් තදියමින් පූර්ණකාලීනව දේශපාලනයට එන්න යම් තරමකට බලපෑම් කළා. ඒ අනුව එතුමා නොදන්නවා වුණාට එසේ වීමට එතුමාත් වගඋත්තරකරුවෙක්. එතුමා මාක්ස්වාදය පමණක් නොවෙයි, බොහෝ දර්ශනවාදයන් ගැන තමන්ගේ පන්තියේදී කියා දුන්නා. ඒ පන්තිය කවදාවත් ‘%කට්’ නොකර යන්න ඕන වුණු පන්තියක් වුණේ ඒකයි. එකෙන් අදහස් වෙන්නේ නැහැ අනෙක් පන්ති %කට්^ කළා කියලා. අන්න ඒ %ලොජික්^ ගුරුතුමා තමයි අද කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය දරමින් සිටින්නේ. එතුමන් තමයි අද මේ ‘%යදමින් බැඳි අක්ෂර’ ජනගත කරන වෙලාවේ ප්‍රධාන දේශනය සිදුකරන රාජ් සෝමදේව මහතා* යැයි විමල් පවසා සිටියේය.
නිල මෙහෙවරට යාපනයේ ගිය හැටි
බත්තරමුල්ල %අපේගම^ පරිශ්‍රයට සිකුරාදා දිනයේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකාය කැඳවා තිබුණේ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහාය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එතැනට පැමිණි අතර, වජිර අබේවර්ධනට එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකාය මැතිවරණය වෙනුවෙන් මෙහෙයවීමේ වගකීම පක්ෂ නායකත්වය විසින් බාරදී තිබිණි.
එහි පැමිණ සිටි සන්නිවේදකයන්ට අමාත්‍ය වජිර සිය අත්දැකීම් විස්තර කළේ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් උනන්දු කරමිනි. සන්නිවේදනය කළ යුතු මාධ්‍යයන් පිළිබඳ මෙන්ම මැතිවරණ තොරතුරු හා ආණ්ඩුවේ තොරතුරු ජනතාව වෙත සමීප කරවන ආකාරය පිළිබඳ වජිර එහිදී එම පිරිසට උපදෙස් දුන්නේය.
එම රැස්වීම අවසන් වූ වහාම වජිර වවුනියාව බලා පිටත් වූයේ පසුදා වවුනියාවේදී පැවැත්වීමට නියමිත %නිල මෙහෙවර^ ජනපති ජනතා සේවයේ වවුනියා දිස්ත්‍රික් සමාප්ති උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම එකම මොහොතක උතුරේදී එකම රැස්වීම් භූමියකට යන පළමු අවස්ථාව එය බැවින් ආරක්ෂාවේ සිට සියලු දේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීමට අමාත්‍ය වජිර අබේවර්ධන කටයුතු කළේය.
සෙනසුරාදා උදෑසන රැස්වීම් භූමියේ නිලධාරීන්ට අමාත්‍යවරයා අවශ්‍ය අවසන් උපදෙස් දෙමින් නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී පැමිණි දුරකථන ඇමතුමකින් කියැවුණේ ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය වවුනියාව ගුවන් හමුදා කඳවුරට ආසන්න වෙමින් පවතින බවයි. ඒ මොහොතේම කඳවුරට ගිය අමාත්‍යවරයා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේය. එම හෙලිකොප්ටරයේ ජනාධිපතිවරයා සමග අමාත්‍ය ගයන්ත කරුණාතිලකද පැමිණ සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගයන්ත සමග ගුවන් හමුදා කඳවුරේ උදෑසන ආහාරය පිළියෙල කළ ස්ථානයට ගොස් සුළු මොහොතකට පසු අගමැති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානයද ගුවන් හමුදා කඳවුරට සේන්දු විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ උදෑසන ආහාරය ගනිමින් කතාබහක නිරත වූහ. දේශපාලන තත්ත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මාධ්‍ය වාර්තා පිළිබඳ නායකයන් දෙදෙනා මෙහිදී වැඩි වශයෙන් කතා කළහ.
නායකයන් දෙදෙනා සහ මැති ඇමතිවරු නිල මෙහෙවර උත්සවය පැවැති සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිවූ වේදිකාවට පැමිණෙන විට උත්සව භූමිය අතුරුසිදුරු නැතිව පිරී ඉතිරී ගොස් තිබිණි. ආරක්ෂක අංශ වාර්තාවලින් පැවසුණේ 10,000ට අධික පිරිසක් මේ භූමියට පැමිණ සිටින බවයි.
පොළොන්නරුව, ගාල්ල, වවුනියාව, මුලතිව්, කිළිනොච්චි, මන්නාරම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් 63ක් පවත්වා අවසන් කර තිබූ අතර, ජනතා ගැටලු දිස්ත්‍රික් මට්ටමින් විසඳා අවසන් කිරීමේ ජාතික උත්සව පොළොන්නරුවේ හා ගාල්ලේ අවසන් කර තිබිණි. වවුනියාවේ පැවැත්වුණේ තෙවැනි ජාතික නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහනයි. මේ සඳහා උතුරු පළාත් නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පැමිණෙන උත්සවයකදී ජාතික ගීය එකම අවස්ථාවකදී සිංහලෙන් හා දෙමළෙන් ගායනා කරන්නේ නැත. වැඩසටහන ආරම්භයේදී එක් භාෂාවකින් ජාතික ගීය කියා අනෙක් භාෂාවෙන් වැඩසටහන අවසානයේ ජාතික ගීය ගායනා කිරීම සම්ප්රදාය වී තිබේ. නැතිනම් කාටත් සුදුසු ආකාරයට ජාතික ගීය වාදනය කිරීම පමණක් සිදුවේ.
නමුත් මෙවර 'නිල මෙහෙවර' උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේ ක්‍රමය වෙනස් විය. පළමුවෙන්ම සිංහලෙන් ගායනා කරනු ලැබුවේ වවුනියාවේ සිටින දෙමළ භාෂාව කතා කරන සිසු සිසුවියන් පිරිසක් විසිනි. ඒ මොහොතේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් යළි ගායනා කෙරිණි. ඒ උපතින්ම තමන් සිංහල යැයි සම්මත වූ දරුදැරියන් පිරිසක් විසිනි.
උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආගමික නායකයන් හා ඇතැම් කණ්ඩායම් විසින් ගෙනයනු ලබන ප්‍රචාරයන් හා ඒවාට මාධ්‍ය මගින් වෙන්කරන ඉඩකඩ පිළිබඳ දැඩි ලෙස විවේචනය කළහ. රටේ ප්‍රශ්න විසඳීමට හැකියාව තිබියදී %නිල මෙහෙවර^ ජනපති ජනතා සේවාව පවත්වන තුරු ප්‍රශ්න ඉතිරිව තිබීම වරදක් බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
උත්සව භූමියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අමුත්තියක් පැමිණියාය. ඒ ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මවයි. උත්සවය අවසානයේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ නිවසට ගිය අතර, අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කාදර් මස්තානාද ජනාධිපතිවරයා සමග එහි ගියහ.
ඔවුන් විද්‍යා දැරියගේ නිවසට යද්දී අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය වජිර අබේවර්ධන වවුනියාවේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කළහ.
අනුරගේ ප්‍රශ්න කිරීම හමුවේ ඡන්දය කල්දැමීමේ තැත වරදී
පසුගිය 24 වැනිදා සවස කැබිනට් රැස්වීමෙන් පසු අගමැතිවරයා විසින් කැඳවන ලද දේශපාලන පක්ෂ හමුව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමිය හැකිදැයි සොයා බැලීමට ගත් උත්සාහයක් විය.
කැබිනට් රැස්වීමේදීද ඒ පිළිබඳ වාදවිවාද පැනනගින්නට ඇතැයි සිතිය හැකි වූයේ, සන්ධානය නියෝජනය කරමින් ඊට සම්බන්ධ වූ ඇමති නිමල් සිරිපාල මැතිවරණ මාතෘකාව එළැඹීමත් සමග මෙලෙස අදහස් දැක්වීම හේතුවෙනි.
'සංශෝධන සම්මත කරන්නෙ නැතුව ඡන්දෙ තියන්නෙ බැහැනෙ?'
දැන් ඔබතුමාලට ඕන ඡන්දෙ තියන්නද? එහෙම නැත්නම් කල්දාන්නද?' ජවිපෙ නායක අනුර දිසානායක ඇසීය.
'ඔය සංශෝධන ලොකුවට බලපාන්නෙ නැහැ. තවත් කල් දාන්නෙ නැතුව ඡන්දෙ තියන්න” ඔහු වැඩිදුරටත් පැවසීය.
'මොනවද ඔය සංශෝධන?” යැයි ඇමති නිමල් සිරිපාල ඒ මොහොතේ ඇසුවේ තමන් කල්දැමීමට හේතුව කරගත් සංශෝධන මොනවාද යන්න පවා නොදැනය.
'තියෙන්නෙ කාන්තා නියෝජනය සම්බන්ධ යෝජනාවල පරිවර්තන දෝෂයක්” ඇමති ෆයිසර් මුස්තාපා පැවසීය.
'නුවරඑළිය - අඹගමුව ප්රශ්නය කල්දාන්න හේතුවක් කරගන්න එපා. ඡන්දෙ ඉක්මනට තියන්න” ඇමති මනෝ ගනේෂන්ද කියන්නට විය.
ඉන්පසු සියලු දෙනාම අනුර දිසානායක මතුකළ ඡන්දය පැවැත්විය යුතු බවට වන අදහස තහවුරු කළ බැවින් ශ්‍රීලනිප - එජාප කල්දැමීමේ මුට්ටිය දා බැලීම ව්‍යර්ථව ගියේය.
නුවරඑළිය - අඹගමුව කොට්ඨාස බෙදීමට අදාළ කටයුතු අවසන් කර ඇති බව ලේකම්වරුන් විසින් දන්වා සිටි බැවින් &එහෙනම් ඒ ප්‍රශ්නෙත් විසඳලම ලබන සතියේ ගැසට් එක ගහමු” යැයි ඇමති ෆයිසර් මුස්තාපාට පැවසීමට සිදුවිය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර ජනහමුවකදී මෙසේ පවසා සිටියේය.
'තවදුරටත් කිසිම හේතුවක් නැහැ පළාත් පාලන ඇමතිවරයාට මේ ඡන්දෙ කල්දාන්න. කවර හෝ උප්පරවැට්ටි යොදා මේ ඡන්දෙ කල්දාන්න උත්සාහ කරනවා නම්, සහතික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා ජනවාරි මාසයේ අග වෙනකොට මේ රටේ පළාත් පාලන ඡන්දෙ තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.'
ජොන්ස්ටන්ට එන්තරවාසියක්
මේ අතර ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්, නීතිඥ සුනිල් වටගලට 26 වැනිදා උදෑසන දුරකථන ඇමතුමක් දුන්නේ විශේෂ කරුණකටය. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ජවිපෙ නායකයාට අපහාස කරමින් සිදුකරන ලද කතාවකට එරෙහිව මිලියන 500ක් අලාභ ඉල්ලා යවන එන්තරවාසි ලේඛනයේ කටයුතු පිළිබඳ විමසීමටය. &හරි, ඒකට අදාළ සියලුම කටයුතු අවසන්. මේ කේස් එකේදී සිද්ධිය හරිම පැහැදිලියි. ජ්‍යෙෂ්ඨ නීතිඥ උපදෙස් පවා අපට ලැබිලා තියෙනවා. ඉක්මනින්ම ජොන්ස්ටන්ට, දැන්ම මුදල් ගෙවනවද එහෙම නැත්නම් උසාවි තීන්දුවෙන් පස්සෙ ගෙවනවද කියලා තීරණය කරන්න වෙනවා” සුනිල් වටගල නීතිඥවරයා පිළිතුරු දුන්නේය.
අක්කර ලක්ෂ 10ක් තිබෙන ඉඩම් කොමිසම ලක්ෂ 10ක මාසික කුලියට
පසුගියදා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ ආංශික අධීක්ෂණ කාරකසභාව පාර්ලිමේන්තුවේදී රැස්වූයේ විජිත හේරත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙනි. 20 වැනිදා එම කමිටුව හමුවට කැඳවනු ලැබ තිබුණේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවය. &ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට රටේ කොච්චර ඉඩම් තියෙනවද?” කමිටුව එම නිලධාරීන්ගෙන් විමසීය. &හරියට ගණන් මිනුම් නැහැ. දළ වශයෙන් රට පුරා ඉඩම් අක්කර ලක්ෂ 10ක් විතර තියෙනවා” ඔවුන්ගෙන් ප්‍රකාශ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුහු, &මේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයකින් නිසි ප්‍රයෝජනයක් ගැනෙන්නෙ නැහැ. ඒවා මිනිස්සුන්ට වගා කරන්න දුන්නොත් රටට ලොකු ආදායමක් ගන්න පුළුවන් වේවි. රස්සා හොයාගෙන රට යන්න ඕනවෙන එකක් නැහැ. මෙච්චර කාලයක් ඒවා පාවිච්චි වෙලා තියෙන්නෙ එක් එක් කෙනාගෙ දේශපාලන වුවමනාකම්වලට” යැයි පෙන්වා දුන්හ. &අපට මෙච්චර ඉඩම් තිබුණත් අපේ බත්තරමුල්ලෙ %හෙඩ් ඔෆිස්^ එක තියෙන්නෙ කුලියට, ලක්ෂ 10ක් විතර මාසෙකට ගෙවනවා” ඔවුහු මෙම සරදම කමිටුව හමුවේ හෙළිකළහ. මීළඟට කමිටු සභාපතිවරයා කමිටු නිලධාරීන්ගෙන් මෙසේ ඇසීය. &ඔයගොල්ලො ඉඩම් දෙන්නෙ වතු සමාගම්වලටනෙ. පොඩි මිනිස්සුන්ට ඉඩම් දෙන්නෙ නැත්තෙ ඇයි?”
'නැහැ දැන් අපි ඉඩම් අවශ්‍ය අයට දැනුම් දෙන්න කියලා පත්තරවල දැන්වීම් දාල තියෙන්නෙ. කැමැති ඕනෑම කෙනෙකුට ඉල්ලන්න පුළුවන්” ඉඩම් කොමිසමේ නිලධාරීහු පැවසූහ.
රුසියාවේදී නලින්දගෙන් නායකත්වයේ ඉනිමක්
පසුගිය 14 වැනිදා සිට 22 වැනිදා දක්වා රුසියාවේ සෝචි නුවරදී රටවල් 150කින් පැමිණි 20,000කට වැඩි නියෝජනයක් පැවැති 19 වැනි ලෝක තරුණ හා ශිෂ්‍ය උලෙළ සාර්ථකව නිමා වූ අතර, එයට ශ්‍රී ලංකාවෙන් පක්ෂ 14කට අනුබද්ධ නියෝජිතයෝ 330ක් එක්වී සිටියහ. මෙවර ලංකාවේ කණ්ඩායම සඳහා නායකත්වය දෙන ලද්දේ තරුණ හා ශිෂ්‍ය උලෙළේ ලංකාවේ සූදානම් කිරීමේ කමිටුවේ සමසභාපති ලෙස ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසිනි. අනෙක් සමසභාපති වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා උලෙළට සම්බන්ධ වූයේ නැත. රුසියානු සංවිධායකයන් විසින් අවසන් මොහොතේ සිදුකරන ලද වෙනස්කම් හේතුවෙන් සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් තිබියදී වුවද ඔහු විසින් උලෙළ තුළ ලංකාවේ කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන ලද නායකත්ව භූමිකාව සියලු දෙනාගේ පැසසුමට ලක්විය.
කෙසේ වුවද මෙම උලෙළට සහභාගි වීමට තිබෙන බව කියමින් අධිකරණයෙන් ඇප ලබාගත් නාමල් රාජපක්ෂ සහ ඞී.වී. චානක මන්ත්‍රීවරුන් උලෙළට පැමිණ තිබුණේ අවසන් වීමට දිනක් තිබියදීය. නලින්ද ජයතිස්ස මේ පිළිබඳ විමසුවේ උලෙළට පැමිණ සිටි සනත් නිශාන්ත මන්ත්රීවරයාගෙනි. &දැන් ඔයගොල්ලන්ගෙ නායකයො සමුළුවෙ දේශපාලන වැඩකටයුතු කිසිම දෙයකට සහභාගි වෙන්න ආවේ නැහැ. දැන් අන්තිමට ඇවිල්ලා කොල්ලො හිරේ ඉන්දැද්දි මෙහෙ %බර්ත්ඩේ පාටි^ දානවා.”
පිළිතුරු ලෙස කිසිවක් නොකී මන්ත්‍රීවරයා මගහැර ගියේය.
උලෙළේ අධ්‍යාපන අංශ සැසියේදී ජවිපෙ බිමල් රත්නායක විසින් ඉදිරිපත් කරන ලද කතාව සමුළු නියෝජිතයන්ගේ මෙන්ම මාධ්‍ය අාවරණයට පැමිණි මාධ්‍යවේදීන්ගේද නොමද ප්‍රසාදයට හේතු වී තිබිණි.්
අඟුණකොළපැලැස්සට ගෙනිච්චා නම් මේ ගැටලුව විසඳෙනවා
ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පිරිසගේ සුවදුක් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගියේය.
නීතිඥවරුන් පිරිසක් කැටුව මහින්ද යන විට ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර සහ අජිත් ප්‍රසන්න කතාබහක නියැළෙමින් සිටියහ. ඔවුන් මුණගැසුණු මහින්ද &කොහොමද කට්ටිය?* යැයි ඇසුවේය. පිරිසගෙන් මහින්දට බන්ධනාගාරයේ පහසුකම් නොමැති වීම ගැන පැමිණිලි රැසක් ලැබිණි.
ඉඩකඩ පහසුකම් නොමැති වීම, ඉවසිය නොහැකි දුර්ගන්ධය මෙන්ම මකුණන්, මදුරුවන්ගෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන්ද පිරිස මහින්දට කරුණු පැවසීය.
'අපේ ආණ්ඩුව අඟුණකොළපැලැස්සේ අලුත් බන්ධනාගාරයක් හැදුවේ මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි. එතැන ඔක්කොම පහසුකම් තියෙනවා. මේ ආණ්ඩුව බන්ධනාගාරය විවෘත කළාට තවම ඒකේ වැඩ කරන්න පටන්ගෙන නැහැ. බොරුවට තංගල්ලේ ගොඩගහගෙන ඉන්නේ නැතුව ඒ අය අඟුණකොළපැලැස්සට ගෙනිච්චා නම්, මේ ගැටලුව විසඳෙනවා* මහින්ද පැවසීය.
'ඔව් සර් ඒක නම් ඇත්ත. අපිව ගෙනිච්චාම තමයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය නියම විදියට විවෘත කෙරෙන්නේ.* කොඩිකාර පැවසුවේ සැවොම සිනහ ගන්වමිනි.
මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක අත්තනගල්ල ශ්‍රී.ල.නි.ප. සංවිධායක ධුරය බාරගත්තාක් මෙන් මහින්ද රාජපක්ෂද බෙලිඅත්ත සංවිධායක ධුරය බාරගත යුතු බවට මහින්ද අමරවීර ඇමතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය.
ඒ ගැන මුලින්ම කිව්වේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ සංවිධායක ධුරයද දරන සෝමවංශ කෝදාගොඩය.
'සන්ධානේ ලේකම්වරයා මහින්ද මහත්තයට බෙලිඅත්ත සංවිධායක ධුරය බාරගන්න කියා කියලා තිබුණා. මහින්ද මහත්තයාට බෙලිඅත්ත අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. එතුමාට සිරිමාවෝ මැතිනිය බෙලිඅත්ත ආසනය බාරදෙන කොට අද ඔය කයිවාරු ගහන අයියලා හිච්චි ඈයෝ. අද මුල අමතක වෙලා තිබුණට හම්බන්තොට ඔය කවුරුත් දේශපාලනය කරන්නේ රාජපක්ෂලා නිසා තමයි* යැයි කෝදාගොඩ පැවසීය.
විමල් වීරවංශ විසින් රචනා කරන ලද %යඳමින් බැඳි අක්ෂර^ ග්‍රන්ථය ජනගත කිරීමේ උලෙළ පසුගිය ඉරිදා පැවැවුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. පසුගිය සතියේ දේශපාලන ලෝකය කැළැඹූ ආන්දෝලනාත්මක ප්‍රකාශය විමල් විසින් කරන ලද්දේ එහිදීය.
'ඔයාව දැන් ඕකට අල්ල ගනියි* කතාව අවසන් වූ වහාම මහින්ද විමල්ට කීවේය.
'මම ඒක කිව්වෙත් ඒ අරමුණ ඇතුවම තමයි. මට ඕනේ මේ ගැන සංවාදයක් ඇති කරන්නයි. දැන් මට මේක දිගටම ඇදගෙන යන්න පුළුවන්* විමල් කීවේය.
මහින්ද පැවසූ ලෙසම විමල්ගේ කතාව පසුගිය සතියේ දේශපාලන ලෝකය බෙහෙවින් කළඹන්නට සමත් විය.
පොළොන්නරුවට උණ ගැනෙන්න අනුරාධපුරය රත්කරන්න ඕන
පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රා, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ,
එච්.බී. සේමසිංහ, වීරකුමාර දිසානායක යන පිරිස එස්.එම්. චන්ද්‍රසේනගේ අනුරාධපුරය නිවසේදී හමුවූයේ විශේෂ සාකච්ඡාවක් සඳහාය. සාකච්ඡාව පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂය විසින් රට පුරා පැවැත්වීමට නියමිත ජනරැලි මාලාවේ පළමු වැන්න ලෙස අනුරාධපුරයේදී නොවැම්බර් මස 12 වැනිදා පැවැත්වෙන ජනරැලිය ගැන කතා කිරීමටය.
&අපි හැම සටනක්ම ආරම්භ කරන්නේ අනුරාධපුරයෙන්. අනුරාධපුරය කියන්නේ පුණ්‍යභූමියක් වගේම ජය භූමියක්. ඒ හින්දා අපි
12 වැනිදා වැඩෙත් ඉතාමත් සාර්ථකව කරන්න ඕන* පවිත්‍රා කීවාය.
&අනුරාධපුරය කියන්නේ ජය භූමියක් විතරක් නෙමෙයි මෛත්‍රීපාල මහත්තයාගේ අල්ලපු දිස්ත්‍රික්කය. ඒ හින්දා අපි අනුරාධපුරය රත්කරන්න ඕන පොළොන්නරුවට උණ ගැනෙන්න* ෂෙහාන් පැවසීය.
එතැනට පැමිණි සිටි පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් මෙහිදී පවිත්රලාට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
&දැන් අපේ පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනක් දුමින්දගේ ලණුවක් කාලා අනෙක් පැත්තට ගිහින් තියෙනවා. දුමින්ද ඒ අයට පොරොන්දු වෙලා තිබුණා 2019 වෙනතෙක් පළාත් සභාව විසුරුවා හරින්නේ නැහැ කියලා. ඒක අහලා තමයි ඒ අය ගියේ. දැන් ඒක හරියන්නේ නැති තැන ආපහු අපේ පැත්තට එන්න හදනවා. අපි නම් ඒ අය ගන්නවාට විරුද්ධයි* යැයි පක්ෂ ක්‍රියාකාරීහු පවිත්රලා හමුවේ දැඩිව කියා සිටින්නට වූහ.
ඔවුන් කියා සිටියේ දෙපැත්තට පනින අය ළං කර නොගත යුතු බවයි. අවසානයේදී ඔවුන් සන්සුන් කිරීම සඳහා පවිත්‍රා ඇතුළු පිරිසට විශාල උත්සාහයක් දරන්නට සිදුවූහ.
අපට ආණ්ඩුව ඉදිරියේ දණ නමලා නිදහස ගන්න වුවමනාවක් නැහැ
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ දිනවල නිතරම පාහේ හම්බන්තොට බලා යති. එසේ යන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොටදී පැවැති උද්ඝෝෂණයට සහභාගි වීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ සුවදුක් විමසීම සඳහාය.
පසුගිය සතියේද පවිත්‍රා සහ ජයන්ත සමරවීර හම්බන්තොට බලා ගියහ. ප්‍රථමයෙන් තංගල්ල බන්ධනාගාරයට ගොස් පවිත්‍රා රිමාන්ඩ්ගතව සිටින රැඳවියන් හමු වූවාය. එහි සිටි කාන්තාවන් පවිත්‍රා වැළඳගෙන හඬන්නට ගත්තේ තමන්ට බන්ධනාගාරය තුළ මුහුණ දෙන්නට සිදුව ඇති අපහසුතා ගැන කියමිනි.
'මැඩම් අපි හිරේ ආවේ හොරකම් කරලා, වංචා කරලා නෙමෙයි. ජාතික සම්පත් විකුණන එකට විරෝධය පළකිරීම තමයි අපි කරපු එකම වරද. ඒක වරදක් නම් අපි ජීවිත කාලෙම වුණත් හිරේ ඉන්න ලැහැස්තියි. අපට ආණ්ඩුව ඉදිරියේ දණ නමලා නිදහස ගන්න වුවමනාවක් නැහැ.
අපි අඬන්නේ ඒකට නෙමෙයි. මෙතැන තියෙන අපහසුකම් හින්දයි. අපට නිදන්න තැනක් නැහැ. මේ තැන වැස්සට තෙමෙනවා. අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ. කිරිබොන දරුවෝ කිරි බොන්නේ නැහැ. පුළුවන් නම් අපට ඒ අවම පහසුකම්වත් හදලා දෙන්න* ඔවුහු ඉල්ලා සිටියහ.
'අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරය දැන් හදලා ඉවරයි. අපිව එතැනට දැම්මා නම් හරි* මෙහිදී ප්‍රසන්න රණවීර පැවසීය.
'ආණ්ඩුවට ඕනෙ ඔයාලාට පුළුවන් තරම් වධ දෙන්නයි. ඒ හින්දයි මෙහෙම කරන්නේ* පවිත්‍රා කීවාය. අනතුරුව පවිත්රලා අඟුණකොළපැලැස්ස බලා ගියේ රිමාන්ඩ්ගතව සිටින පිරිසකගේ පවුල්වල පිරිස් මුණගැසීමටය. බන්ධනාගාරගතව සිටින එක් කාන්තාවකගේ නිවසේ සිටියේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන නිවුන් දැරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සොහොයුරා වන පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු පමණි.
පවිත්‍රා නිවසට ගිය වහාම පිරිමි දරුවා පවිත්‍රාගේ ඔඩොක්කුවේ වාඩි වූයේය. පවිත්‍රා දරුවාගේ හිස අතගාමින් කතා කරන අතරතුර දරුවා කීවේ අමුතු කතාවකි.
'මට දේශපාලනය කරන්න ඕන* දරුවාගේ කතාවට කවුරුත් පුදුම වූහ.
'ඒ මොකද පුතේ?* පවිත්‍රා ඇසුවාය.
'නෑ මට ඕන අපේ අම්මලා නිකරුණේ හිරේ දාපු අය එළවන්නයි* දරුවා කීවේය.
'ඒකට කමක් නැහැ. හැබැයි දේශපාලනය කරන්න ඉස්සෙල්ලා පුතා හොඳට ඉගෙන ගන්න* පවිත්‍රා කීවාය.
ඩලස්ද පසුගිය සතියේ එසේ බන්ධනාගාරගතව සිටින පියෙකුගේ නිවසට ගියේ සාමජිකයන් මුණගැසී සුවදුක් විමසීමටය. ඔහු යනවිට සිටියේ එක් තරුණ මවක සහ ඇයගේ සයමස් හැවිරිදි දරුවා පමණි. සිරගතව සිටියේ ඇයගේ සැමියාගේ පියාය.
'මාමා හිරේ ගියේ හොරකම් කරලා නෙමෙයි. අපි ඒ ගැන දුක්වෙන්නේ නැහැ. මටත් මේ දරුවා හිටියේ නැත්නම් මමත් එතැනට යනවා* තරුණිය කීවාය
පළාත් පාලන නියෝජිතයන් කියන්නේ අපේ 'බෆර්' එක
පසුගිය සතියේ නාමල්, ඩී.වී. චානක සහ සම්පත් අතුකෝරළ ජපානය බලා පිටත්ව ගියහ. ඒ ජපානයේ පැවැති තරුණ සමුළුවකට සහභාගි වීම සඳහාය. එම සමුළුවට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ තරුණියන් සහ උපාධිධාරී සංගමයේ තරුණ තරුණියන් නාමල් සමග සෙල්ෆි ගහන්නට වූයේ තරගයටය. මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාගේ මංගලෝත්සවය 25 වැනිදා පැවැත්වුණේ පානදුරේදීය. මහින්ද සහ ශිරන්ති යුවළද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක්ද මේ අවස්ථාවට පැමිණ සිටියහ. මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්දද, මනාලියගේ පාර්ශ්වයෙන් ජී.එල්. ද සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූහ.
'සර් දැන් ආණ්ඩුවේ සූදානම පළාත් පාලන මැතිවරණය තියන්න වගෙයි. අපි කොහොම හරි මැතිවරණය දිනන්න ඕන' රෝහිත පැවසීය.
'ඔව්. ආණ්ඩුව දැන් පත්වෙලා තියෙන්නේ ඡන්දෙ නොතියා බැරි තත්ත්වයකට. පළාත් පාලන ආයතන විසුරුවා හැරපු දවසේ ඉඳලා ඒ වෙනුවෙන් සටන් කළේ ඒකාබද්ධ විපක්ෂය විතරයි. අපි කරපු සටන් නිසා තමයි ආණ්ඩුවට ඡන්දය තියන්න වෙන්නේ* ප්‍රසන්න පැවසීය.
'ඒක ඇත්ත. පළාත් පාලන නියෝජිතයන් කියන්නේ අපේ 'බෆර්' එක. අපි කරේ තියාගෙන ගිහින් හරි මේ අය දිනවන්න ඕන& මහින්ද කීවේය.
පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න කොළඹ ආවේ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවකට පෙනී සිටීම සඳහාය. අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්නව මාධ්‍යවේදීන් පිරිසක් විසින් වටකර ගන්නා ලදී. ඔවුන් ප්‍රසන්නගෙන් ඇසුවේ පාර්ලිමේන්තුවට උඩින් ගොස් බෝබ්ම දැමිය යුතු බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙනි.
'විමල් මන්ත්‍රීතුමා ඒ කතාව කිව්වේ රටටම හොරෙන් සම්මත කරගන්න යන මේ ව්‍යවස්ථාව ගැන රට තුළ සංවාදයක් ඇතිකිරීමේ අරමුණෙන්. ආණ්ඩුව හදන්නේ කොළේ වහලා ගහන්න. විමල් මන්ත්‍රීතුමාට ඕන වුණේ මේ ගැන ජනතාව අතර සංවාදයකට ලක්කරන්නයි. අද එතුමාගේ අදහස ඉටුවෙලා තිබෙනවා. මමත් කියන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න හදන, ඒකට සහයෝගය දෙන අයට දිය යුතු එකම දඬුවම තමයි උල තැබීම කියලා. මොකද එදා රජ කාලේ දේශද්‍රෝහීන්ට දීපු එකම දඬුවම උල තැබීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දීලා රට බෙදන්න උල්පන්දම් දෙන හොරිකඩයන්ටත් උල තැබීම හැර වෙන දෙන්න දඬුවමක් නැහැ.'