Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
රටේ මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතු අවධියක ආණ්ඩුවේ නොයෙක් යෝජනා මගින් එය තවදුරටත් ශක්තිමත් කරනු වෙනුවට ලිහිල් කිරීමක් සිදු වූයේ මෙවර නීල - හරිත අයවැය යටතේ මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා ගෙන ආ මද්‍යසාර පිළිබඳ යෝජනාවත් සමගය. මෙය දේශපාලන කරළිය තුළ පමණක් නොව සමාජයද මහත් ඉහළින්ම කතා කරන මාතෘකාවක් බවට අද වනවිට පත් වී හමාරය. අයවැය යෝජනා මගින් කෑන් බීර මත අදාළ වූ නිෂ්පාදන විධි විධාන බද්ද ඉවත් කිරීමටත්, සැර මත්පැන් සඳහා බදු වැඩි කිරීමටත් කටයුතු කෙරිණි.
අයවැයට පෙර සිටම නොයෙක් අවස්ථාවලදී මද්‍යසාර ප්‍රතිපත්තිය සකස් විය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය සාකච්ඡා මගින් පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමට කටයුතු කළ නමුත්, ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් බියර් මිල පහළ දමන ලදී. ඒ අනුව බියර් බදු 40%කින් අඩු කිරීම සහ සංචාරක නවාතැන්පොළවල බලපත්‍රයක් නොමැතිව බියර් අලෙවි කිරීමට මෙමගින් අවස්ථාව ලැබුණේ සමාගම් හිමියන්ගේ වාසිය තවදුරටත් තර කරමිනි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය ෙතාරතුරු මධ්‍යස්ථානය සදහන් කරන පරිදි එය ෙමසේ විග්රහ කළ හැකිය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම යෝජනා සාධාරණීකරණය කිරීම සඳහා නොයෙක් කරුණු කාරණා ඉදිරිපත් කළ අතර, ඒවා මෙසේය.
මෙම ප්‍රකාශයට අනුව මද්‍යසාර භාවිත කරන දෙදෙනෙකුගෙන් එක් අයෙකු කසිප්පු භාවිත කළ යුතුය. පසුගිය වසර කිහිපයක සිට විශේෂයෙන් අයවැයට පෙර පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව නිතීවිරෝධී මද්‍යසාර නැතිනම් කසිප්පු සම්බන්ධ තොරතුරු ඇතැම් දේශපාලඥයන්ගෙන් සහ මාධ්‍ය තුළින් ප්‍රචාරය වීම සිදු විය. 1995 දී බියර් බදු අඩු කිරීමට මේ හා සමාන කරුණු දැක්වීමක් යොදාගත් බව සැවොම හොඳින් දන්නා කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ බියර් භාවිතය වේගයෙන් වැඩි වීමයි. වෙළෙඳ පොළ මිල අඩු වීම හේතුවෙන් නවකයන් අලුතින් භාවිතයට යොමු වීම හා බියර් භාවිත කරන්නන් අතර භාවිත කරන ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාම සිදු විය. මෙමගින් රටේ සමස්ත මද්‍යසාර පරිභෝජනය ඉහළ ගිය අතර, ඒ නිසාම ඇති වූ හානිද විශාල වශයෙන් වැඩි විය. 1995 වර්ෂයේ බියර් අඩු කිරීමෙන් මේ ආකාරයට කසිප්පු භාවිතය අඩු වීම ඔප්පු කිරීම, 2017 දී නැවත මෙම ක්‍රමය අනුගමනය කරන්නන් විසින් සිදුකළ යුතු ප්‍රථම කාර්යභාරය බව මද්‍යසාර සහ මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අදහස විය.
නිතීවිරෝධි මද්‍යසාර ජාවාරම මැඬපැවැත්වීම අනිවාර්ය වන අතර, එය කළ හැක්කේ සුදුසු නීතිරීති ක්‍රියාත්මක කර වීමෙන් මිස නීත්‍යනුකූල මද්‍යසාරවල මිල අඩු කිරීමෙන් නොවේ. නීත්‍යනුකූල මද්‍යසාරවල මිල අඩු කිරීමෙන් කසිප්පු හෝ වෙනත් නිතීවිරෝධී මද්‍යසාර භාවිතය අඩු වූ බවට කිසිදු පිළිගත හැකි පර්යේෂණ වාර්තාවක් මේ වනතුරු නොමැත.
බොහෝ බටහිර රටවල ජනගහනයෙන් බහුතරය මද්‍යසාර භාවිත කරන බැවින් බහුතරයක් භාවිත නොකරන ශ්‍රී ලංකාව වැනි රටක ජීවන රටාව බටහිර රටවලට සාපේක්ෂව බෙහෙවින්ම වෙනස්ය.
ශ්‍රී ලංකාවේ 2015 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ 'steps server' නමැති පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන දත්තවලට අනුව දැනට මත්පැන් භාවිත කරන්නේ අවුරුදු 15 ට වැඩි පිරිමි ජනගහනයෙන් 35% ක් වන අතර, අවුරුදු 15 ට වැඩි කාන්තා ජනගහනයෙන් 01%ක පමණ සුළු පිරිසක්ද ඒ අතර වෙති. එසේ ගත් කළ අවුරුදු 15 ට වැඩි මුළු ජනගහනයෙන් 80% ක් කිසිදු මද්‍යසාර වර්ගයක් භාවිත නොකරන්නන් බව මෙයින් සනාථ වේ. බහුතරයක් මද්‍යසාර භාවිත කරන බටහිර රටවල් සමග ලංකාවේ මද්‍යසාර පිළිබඳ ප්‍රතිපත්ති සසඳා බැලීම නිවැරදි නොවන බව නැවත නැවතත් අවධාරණය කරන්නේ එම හේතුවෙනි.
මද්‍යසාර නිදහස් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම මගින් රටේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය ඉහළ යයි. ශ්‍රී ලංකාව නැවත ගල් යුගය දක්වා ගෙන යෑමට දායක වන්නේ මෙසේ මද්‍යසාර සුලබ කිරීමේ යෝජනාය. රටේ මුළු මද්‍යසාර පාරිභෝජනය ඉහළ යෑම මගින් මද්‍යසාර භාවිතයට සම්බන්ධ සියලු හානිකර ප්රතිඵලයන්ගේ ඉහළ යෑම නොවැළැක්විය හැකි දෙයකි. රටේ සියදිවි නසාගැනීම්, අනතුරු, ගෘහස්ථ පීඩන හා අනෙකුත් පීඩාකාරී ක්‍රියා ඉහළ යාමත්, පිළිකා, හෘදයාබාධ, ආඝාතය, සිරෝසීස් වැනි බෝ නොවන රෝගවල ශීඝ්‍ර වැඩි වීමටත් එය හේතු වේ. ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග රජයට විශාල බරක් වෙමින් පවතින අතර, එයට බලපාන ප්‍රධානතම කරුණු හතරෙන් එකක් වන්නේ මද්‍යසාර භාවිතයයි.
එමෙන්ම පිළිගත් සරල ආර්ථික විද්‍යා න්‍යාය වනුයේ, භාණ්ඩයක මිල අඩු කිරීම මගින් කිසියම් රටක එම භාණ්ඩයේ මුළු පරිභෝජනය හා ඒකපුද්ගල පරිභෝජනය ඉහළ යන බවයි.
එම නිසා බියර් මිල අඩු කිරීමත්, එය අලෙවි කරන අලෙවි සැල් ප්‍රමාණය වැඩි කිරීමත් මගින් සිදුවනුයේ රටේ ජනතාවගේ පොදු මද්‍යසාර භාවිතය ඉහළ යෑමෙන් රටේ ආර්ථිකයට ඉතා ඍණාත්මක බලපෑමක් ඇති වීමයි. මෑතකදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයත් සාමූහිකව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වූයේ මද්‍යසාර මගින් සිදු කරන ඇස්තමේන්තුගත දළ සමාජ හා ආර්ථික හානිය 2015 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 120 ක් වන බවයි. මෙය මද්‍යසාර බදු මගින් රජයට වාර්ෂිකව ලැබෙන බදු මුදලට වඩා ඉහළ අගයකි. දියුණු රටවල් මේ සඳහා යම් තීරණයක් ගන්නේ නම් එය සිදුකරන්නේ මෙවැනි සමස්ත බලපෑම සලකා බැලීමෙනි. එබැවින් මද්‍යසාර පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව වැඩි කිරීම කිසිසේත් දියුණු රටක ලක්ෂණයක් නොවේ. මද්‍යසාර නිපදවා අන් රටවලට පවා බෙදාහරින බටහිර ලෝකයේ බොහෝ රටවල් තම රටේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය හැකි තරම් අවම කිරීමට ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාවට නංවන බව අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් නොදැනීම රටේ අභාග්‍යයට සිදුවන්නකි.
අඩංගු මද්‍යසාර ප්‍රමාණය මත බදු අය කිරීම පිළිගත් සාධාරණ ක්‍රමවේදය වුවද, මෙම ක්‍රමය මුවාවෙන් රටක පවතින මද්‍යසාරවල මිල අඩු කිරීමක් කිසිසේත් සිදු නොකළ යුතුය. එසේ කිරීමෙන් මෙම ක්‍රමවේදය මගින් අත් කරගත හැකි කිසිදු ඵලදායත ප්‍රතිඵලයක් නෙළාගැනීමට නොහැකිවනවා පමණක් නොව රටේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය ශීඝ්‍ර ලෙස වැඩි වීමෙන් රජයට ආර්ථික සහ සෞඛ්‍ය ගැටලු රාශියක් නිර්මාණය වීම සිදු වේ. සැර මද්‍යාසාර භාවිත කරන්නන් බියර් භාවිතයට පොළඹවා ගැනීම මගින් සැර මද්‍යසාර භාවිත කරන්නන්ට සිදුවන හානිය අවම කිරීමට අවශ්‍ය නම් රජය විසින් කළ යුත්තේ මෙම මද්‍යසාර වර්ග දෙකෙහි මිල අතර වෙනස වැඩි කිරීමයි. ඒ උදෙසා ශ්‍රී ලංකාව වැනි බහුතර ජනගහනයක් කිසියම් හෝ මද්‍යසාර වර්ගයක් භාවිත නොකරන රටක් වශයෙන් කළ යුත්තේ සැර මද්‍යසාරවල මිල ගණන් ඉහළ දැමීම මිස බියර් මිල පහළ දැමීම නොවේ.
මේ හා සම්බන්ධ නොයෙක් කරුණු කාරණා ඔස්සේ මෙම යෝජනා සාධාරණීකරණය කිරීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කළද මේ පිළිබඳ ක්ෂෙත්‍රෙය් ප්‍රවීණ පුද්ගලයන්, ඇතැම් දේශපාලඥයන් සහ නොයෙක් සංවිධානද මෙයට විරුද්ධව විවිධාකාරයේ විවේචන ඉදිරිපත් කිරීම මේ දිනවල සුලබව දැකිය හැක.
බියර් සහන ඉවත් කරන මෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රකාශ කළේ අයවැය දෙවැනි වරට කියවීමේ විවාදයට එක්වෙමිනි. ලංකාව තුළ නිතීවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වැරදි දත්ත පදනම් කරගෙන බවත්, බියර් මිල අඩු කිරීමෙන් පාසල් ළමුන් පවා ඒ වෙත යොමු වීමේ අවදානමක් ඇති බවත් ඔහුගේ මතය විය. එම නිසා සෞඛ්‍යයට අහිතකර කිසිවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එකඟ නොවන බව තරයේ ප්‍රකාශකර ඇත. රෝගයට ප්‍රතිකාර කිරීම ඵලදායක නොවන බවත්, රෝගය ඇති කරන ජානයට ප්‍රතිකාර කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සමස්ත ජනතාවම නියෝජනය කරමිනි. රටේ මේ සම්බන්ධ වගකිව යුතු ප්‍රධාන පාර්ශව කියා සිටියදීත් සිදුවීමට යන ව්‍යසනය වළක්වා ගැනීමට අප සැවොම එකාවන්ව පෙළගැසිය යුතු කාලය එළඹ තිබේ.
මද්‍යසාර සහ දුම්කොළ පානය හේතුවෙන් ලංකාවේ බොහෝ මරණ සහ ආසාදිත තත්ත්වයන් ඇතිවෙනවා. මේ මද්යසාරයන් කෙසේ හෝ භාවිත කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අනුමත කරන්නේ නැහැ. කසිප්පු බීම අඩු කරන්න බියර්වල මිල අඩු කර, බියර්වලට මාරු කරනවාය යන දේ මහා විහිළුවක් හැටියටයි මම දකින්නේ. සෘජු ලෙසම පැවසුවොත් මද්‍යසාර විකිණීම, ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන්ම අපේ ළමයින්ට, මතු පරපුරේ ඉන්න අයටයි කරන ලොකු හානියක්.
සැර වැඩි, අඩු කියා දෙයක් නැහැ. මද්‍යසාරය කියන්නේ මද්‍යසාරවලට. මාධ්‍යයේ වගකීම තමයි මේකෙ ඇත්ත නැත්ත පෙන්වලා දෙන එක. සමාජ ජාල තුළ දැන් මෙය විහිළුවක් වෙලා. දියවැඩියාව, වකුගඩු බද්ධ කිරීම, පිළිකා, හෘද රෝග යන සියල්ලටම එක හේතුවක් තමයි මද්‍යසාර. 2011 වර්ෂයේ සෑම රටක නායකයෙක්ම මද්‍යසාර වලට ඇබ්බැහී වීම අඩුකරනවයි කියලා ජාත්‍යන්තර සමුළුවේදී අත්සන් තැබුවා. ජනතාවගේ, සමාජයක තිබෙන සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය ඉහළින්ම තිබේ නම් එයින් අපට ලැබෙන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් ඉහළ තලයක තියෙනවා. ඇත්තෙන්ම මෙවැනි යෝජනා ගෙන ඒම රටටම කරන ද්‍රෝහී වැඩක්.
මෙම ක්‍රමවේදය ජාත්‍යයන්තර ක්‍රමවේදයකට සකස් කර තිබෙන බවත් මද්‍යසාර ප්‍රතිශතය අනුව බදු අය කරගන්නා බව කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළා. නමුත් පවතින මිල අඩුවෙන විදිහට ක්‍රියාත්මක වන රටක් ලෝකේ කොහෙවත් නැහැ. පිළිගත් ක්‍රමවේදය අරගෙන එය වැරදි විදිහට ක්‍රියාත්මක කිරීමට යන දෙයක් තමයි මෙහි වෙන්නේ.
ලංකාවේ මද්‍යසාර භාවිත කරන්නේ ලක්ෂ 40කට අධික ප්‍රමාණයක් බවත්, ඒ ප්‍රමාණයෙන් 49%ක් කසිප්පු භාවිත කරන බවටත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. නමුත් මද්‍යසාර භාවිත කරන්නන්ගෙන් 49෴ක් කසිප්පු භාවිත කරනවා නම් රට තුළ කසිප්පු භාවිත කරන්නන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුයි. නමුත් රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කසිප්පු හෝ අරක්කු ගණයට වැටෙන මද්‍යසාර භාවිත කරන්නන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් සිටින බව තහවුරු වී තිබෙනවා. බියර් මිල අඩු කරගැනීමට හා අරක්කු මිල වැඩි කිරීමේ අරමුණින් ඔවුන් මෙවැනි දත්ත ඉදිරිපත් කරනවා.
මත්පැන් මිල ගණන් පහළ දැමීම මගින් මත්පැන් පානය කරන පිරිස අඩු වෙනවාය කියලා කියන්නේ මිත්‍ය මතයක්. මේක අමූලික බොරුවක්. මෙසේ මිල අඩු කිරීම මගින්, ඇබ්බැහි වූවන් පවා මත්පැන් පානය අඩු කරන්න පටන් ගන්නවා. සමහරුන් එය නවත්තලම දානවා. වියදම වැඩි නිසා ඇබ්බැහි නොවූවන් කොහොමත් නවත්වනවා. පොදු සිද්ධාන්තය නම් පරිභෝජනයට සාපේක්ෂවයි ආදායම වැඩි වෙන්නේ. නමුත් දැන් ශ්‍රී ලංකාවේ සිගරට් පරිභෝජනය අඩු වූවත් බද්ද නිසා රජයේ ආදායම ඉහළයි. එය රජයට වාසියක් වගේම මිනිසුන්ටත් හිතකර දෙයක්. ඇල්කොහොල්වලටත් එසේමයි. බදු මුදල වැඩි කළොත් සැර අරක්කු, කසිප්පු වැනි මද්‍යසාර පරිභෝජනය අඩු වෙනවා. මෙය රටේ සමස්ත ජනතාවටම යහපතක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් කම්කරුවෙක් මෙවැනි මත්පැන් පානය කරන විට රජයේ වගකීම විය යුත්තේ ශරීරයට අහිතකර එවන් දෙයකට ඇබ්බැහි වී ඇත්නම් එයින් ගලවා ගැනීමයි. රජයේ ප්‍රතිපත්ති සකස් විය යුත්තේ ඔවුන්ට පෝෂණීය ආහාරයක් ගැනීමට හෝ ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නිෂ්පාදනයන්ගේ මිල අඩු කිරීමයි. ලංකාවේ බත් පැකට් එකක මිල රු. 130යි. නමුත් බියර් මිල ඊටත් අඩුයි. ඒ නිසා බත් කන්න දෙන සල්ලිවලින් පවා බියර් එකක් බොන්න යොමුවෙන පිරිස් ඉදිරියේදී බිහිවිය හැකියි. බියර් යනු මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමු විය හැකි ප්‍රධාන දොරටුවක් වෙනවා. බියර්වලින් ආරම්භ වන කෙනා කසිප්පුවලට යොමු වෙනවා වගේම හෙරෝයින්වලින් නතර වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු නොවන තරමට කසිප්පු හෝ ගල් අරක්කු භාවිතයට යොමු වීමට තිබෙන ප්‍රවණතාව අඩු වෙනවා. ඒ වගේම මෙම අයවැය යෝජනාව මගින් අඩු වයසේ ළමුන් පවා බියර් භාවිත කිරීමේ වැඩි අවදානමක් තිබෙනවා. කසිප්පු වල සංස්කෘතියයි, බියර් වල සංස්කෘතියයි දෙකක්. කසිප්පුවලට ආකර්ෂණයක් නැහැ. එහි සිදුවන්නේ අඩු මිලට තියෙන එක බීමක් වීම පමණයි. නමුත් බියර් එහෙම නෙවෙයි. ව්‍යාපාරිකයන් ගොඩනගපු, වෙළෙඳ දැන්වීම්වලින් පෙන්වූ ආකර්ෂණයක් තිබෙනවා. ඒ නිසා සිදුවිය යුත්තේ කසිප්පුවලින් බියර්වලට එන්න ඕන එක නෙවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd