දූෂණය අඩු කිරීමට නොව නැත්තටම නැති කිරීමට ගොස් තමන්ට මුදල් ඇමතිකම අහිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. ඉරිදා ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම තමන් මුදල් ඇමතිකමෙන් ඉවත් කිරීම සඳහා ජනපතිට හා අගමැතිට යම් හේතු තිබිය හැකි බවත් තමාගේ ඔළුවෙන් හෝ අනුන්ගේ පව් සේදිය හැකිනම් එය වැදගත් බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එහිදී මුදල් ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට ඔහු දුන් පිළිතුරු...
Q කැබිනට් සංශෝධනයේදී ඔබට අනුව රවී නීච වුණාද? උච්ඡ වුණාද?
මං හිතන්නේ නීච වීම හෝ උච්ච වීම නෙවෙයි වැදගත් වෙන්නේ. රටට සෙතක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මගේ ඔළුව තුළින් අනුන්ගේ පව් සෝදන්න පුළුවන් නම් ඒක බොහොම සතුටුයි. එහෙම කරන්න පුළුවන් නම් බොහොම හොයි. නමුත් පිළිකාවට කොට්ටය මාරු කරලා හරියන්නේ නැහැ. නමුත් මම හිතන විදියට ජනාධිපිතුමත් අගමැතිතුමත් එහෙම කරන්න යම් සාධක ඇති. ඉතිං එහෙම කරන එක තමයි අපේ කාර්යභාරය. තර්ක විතර්ක කිරීම නොවෙයි තියෙන්නේ. අභ්‍යන්තරව කරන ඒවා වෙනස්. නමුත් ආණ්ඩුවක් හැටියට අපි ශක්තිමත්ව කටයුතු කරගෙන යනවා.
Q අනුන්ගේ පව් ඔක්කෝම ඔබේ කර පිටින් ගියා කියලද ඔබ හිතන්නේ?
මම එහෙම කියන්නේ නෑ. නමුත් මාධ්‍ය පෙන්වලා දීලා තියෙන්නේ ඒක නේද? එහෙම නැත්නම් මාව මාරු කළේ අදක්ෂතාවයද? හොරකම් කරලද? වංචා කරලද? දූෂණ කරලද? ඥාති සංග්රහයද? මට එහෙම මුකුත් කියල නෑනේ. මමම බොහොම හොඳයි කියලා තියෙනවා. ආසියාවේ හොඳම මුදල් ඇමති හැටියට මට සම්මාන ලැබිලා තියෙනවා. රටේ කඩා වැටිච්ච, දණ ගස්සවපු ආර්තිකය නැගිට්ටලා තියෙනවා. ඉති ඒකට ප්‍රතිලාභයක් හැටියට තමයි මට මෙහෙම වෙන්න ඇත්තේ. හැබැයි මතක තියාගන්න මුදල් ඇමතිකම කියන්නේ මුළු රටට. විදේශ ඇමතිකම කියන්නේ මුළු ලොවටම.
Q ඒ කියන්නේ ඔබ හිතනවා ඔබට ලැබුණේ උසස්වීමක් කියලා?
ඔව්. සුභවාදීව මම එහෙම හිතනවා
Q ආසියාවේ හොඳම මුදල් ඇමති ලංකාවට ඇයි එපා වෙන්නේ?
ඉතිං ඒක අහන්න ඕනෑ ඒක කරපු කට්ටියගෙන් නේ. මගෙන් අහලා හරියන්නේ නෑ. මේවා අපි සල්ලි දීලා ගත්ත ඒවා නොවෙයිනේ. ඉතිං ඒවාට යම් හේතු සාධක ඇති. කොහොම වුණත් එක ඒ අයගෙන් තමයි අහන්න වෙන්නේ.
Q කොහොම වුණත් මුදල් ඇමතිකමේ දිගටම ඉන්න ඔබ ලොකු උත්සාහයක් ගත්තා?
මෙහෙමයි. මම දන්නා විදියට මම වැරැද්දක් කරලා නැහැ. අනිත් අය වැරදි හදාගෙන ඒවා මගේ ඔළුවට දාන්න හැදුවට. ඒවා වැඩි කල් යන්න කළින් ඇත්ත මොකක්ද කියලා අනාවරණය වෙයි. සාමාන්‍ය‘යෙන් කණ්ඩායම්වාදී ලෙස කටයුතු කරනකොට ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කට්ටිය ඉන්නවානේ. ඒවා ඉතිං නවත්වන්න බැහැනේ. ස්වරූපය ඒකනේ. හැබැයි මතක තියාගන්න ඔය ඔක්කෝම කුහකකම් කරන්නේ දක්ෂතාවයට සාර්ථකව වැඩක් කරනකොට තමයි. මතක තියාගන්න මෙතැන ප්‍රශ්න එන්න පටන් ගත්තේ දූෂණය අවම කරන්න ගිහිල්ලා නොවෙයි. නැත්තටම නැති කරන්න ගියාමයි. දූෂණය නැති කරන්න ගියාම තමයි මට මෙහෙය වුණේ.
Q බැඳුම්කරයේ සිට ප්‍රාඩෝ රථ නිදහස් කිරීම හරහා කරුංකා කන්ටේනර් පිටින් නිදහස් කිරීම දක්වා නොයෙක් චෝදනා ඔබට එල්ල වුණා.?
එහෙම එල්ල කළාට බැඳුම්කරය මගේ අමාත්‍යාංශයේ නොවෙයි. ප්‍රා‘ඩෝ එක ගන්න ඔය බංකොලොත් දේශපාලනඥයෙක් හා යුනියන් එකක දෙන්නෙක් තුන් දෙනෙක් අධිකරණයටත් ගියා. අන්තිමට මොකද වුණේ? උසාවියම අහනවා මොකක්ද මෙතැනි තියෙන වැරැද්ද කියාල? ඕනෑම එක්කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. පත්තරත් ඉතිං එක එක දේවල් නිර්මාණය කරන එකනේ කරන්නේ. එහෙම දේවල් නම් කළේ කොහොමද? දළ දේශීය නිෂ්පාදනය සියයට 10 සිට සියයට 16 දක්වා වැඩි වුණේ කොහොමද? රේගුවේ ආදායම් සියයට 200 කින් වැඩි වුණේ? ඉතිං මේ පට්ට හොරා කියන මේ කතන්දර තමයි මේ කියවන්නේ. අර පුවක් හොරු ටිකක් හිටියා. ඇමතිවරුන් එක්ක දඟල දඟල හොරකම් කර කර හිටියා. අපි ඒවා නවත්වන්න ගියාම තමයි අපේ ඇඟට ගොඩවෙන්නේ. ඊට පස්සේ දානවා. අරක කරන්න හදනවා මේක කරන්න හදනවා කියලා.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඉරිදා ලංකාදීප)