Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මෙවර පාර්ලිමේන්තු සතිය අඟහරුවාදායින් ආරම්භ වූ අතර, එදින පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීම කැපී පෙනුණි. මේ නිසාම මන්ත්‍රීවරුන් යොමුකරන වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ඇමතිවරුන්ද, ප්‍රශ්න ඇසීමට නියමිත මන්ත්‍රීවරුන්ද නොසිටියහ. අගමැති රනිල්, සභානායක කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් බොහෝමයක් මෙදින පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණ සිටියේ නැත. කෙසේ වෙතත් මෙදින පාර්ලිමේන්තු ආරම්භයේදීම උද්ඝෝෂණ සම්බන්ධ කතාබහක් ඇතිවූයේ පසුගිය සතියේ උතුරේ සහ දකුණේ පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකක් හේතුවෙනි.
ජනාධිපතිවරයාගේ උතුරු සංචාරය හේතුවෙන් දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් මන්ත්‍රී සිවාජලිංගම් ඇතුළු පිරිසක් උතුරේ උද්ඝෝෂණයේ යෙදුණ අතර, එලෙස උද්ඝෝෂණ නොපවත්වන ලෙස අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි. අධිකරණ නියෝගය නොතකා ඔවුන් මාර්ගය දෙපසට වී උද්ඝෝෂණයේ නිරත විය. එම ස්ථානයට ජනාධිපති මෛත්‍රී පසුව පැමිණි අතර, ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විසඳුම් කඩිනමින් ලබාදීමට තමා සූදානම් බවත්, ඒ සඳහා සාකච්ඡාවට පැමිණෙන ලෙසත් ජනාධිපති මෛත්‍රී උද්ඝෝෂකයන්ට පැවසීය. ඒ සඳහා උතුරට බස් රථයක් එවීමට ජනාධිපතිවරයා පොරොන්දු විය.
මත්තල ගුවන්තොටුපළ බදු දීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවති අතර, එයටද අධිකරණ නියෝගයක් පනවා තිබුණි. අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයේ යෙදුණ ඔවුන් පොලීසිය සමග ප්‍රශ්න ඇතිකර ගත්තේය. අවසානයේ නාමල් රාජපක්ෂ, ඩී.වී චානක, ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් සිරගත කරන්නටද අධිකරණය නියෝග කළේය.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මේ පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළේ දිනේෂ් මන්ත්‍රීවරයාය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් දිනේෂ් විමසුවේ හම්බන්තොට පහරදීම පිළිබඳවයි.
අගමැති රනිල් එදින පාර්ලිමේන්තුවට පැමිණි නොසිටි බැවින් බ්‍රහස්පතින්දා දිනයේදී පිළිතුරු දෙන බව පාර්ලිමේන්තුවේ සංවිධායක ඇමති ගයන්ත පැවසුවේය. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මන්ත්‍රී දිනේෂ් කතා කළේ දැඩි උද්වේගයෙනි.
‘1947 සිට මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය තිබෙනවා. ඒ කාලයේ හර්තාලය තිබුණා. ඒ කාලයේ මහ පාරේ මන්ත්‍රීවරු විරෝධතා පැවැත්වුවා. ඒත් කිසිම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. මහජන මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණයකදී නීතිය බලපාන්නේ නැහැ. අන්න ඒකයි ඔබතුමා ආරක්ෂා කළ යුත්තේ. අද පොලීසිය ඔබතුමාව හයිජැක් කරලා'
දිනේෂ්ගේ කරුණු දැක්වීමෙන් පසුව මන්ත්‍රී බන්දුලද කරුණු කියන්නට විය.
'අපේ රටේ ඉතිහාසයේ කිසිම දවසක පාර්ලිමේන්තුවේ ඉන්න ලෝ මේකර්ස්ලා ටී මේකර්ස්ලාගේ තත්ත්වයට පත්කරලා අත්අඩංගුවට ගැනීමේ ඉතිහාසයක් නැහැ. කථානායකතුමා අපේ භාරකරු. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් පොලීසිය අරගෙන ගිහිල්ලා කූඩුව ඇතුළට දානවා නම් ඔබතුමාට මොන විලිලැජ්ජාවක්ද කථානායකතුමනි’
එයට පිළිතුරු දෙමින් කථානායක කරු පැවසුවේ 'මට ඒක තේරෙනවා මන්ත්‍රීතුමා. නමුත් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ උසාවි නියෝගයක් කඩකිරීම මතයි' කරු එය පැවසූ විට වාසුදේව නානායක්කාර තවත් තර්කයක් මතු කළේ උද්වේගයෙනි.
වාසුදේවගෙන් පසුව කුමාර වෙල්ගමද මේ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටි අතර, කාලය ගතවන බැවින් කථානායකවරයා එයට ඉඩදීමට එකඟ නොවුණි.
'අපිත් මන්ත්රීවරුන්නේ... අපිටත් පොඩි අවස්ථාවක් දෙන්න' කුමාර වෙල්ගම එසේ කථානායක කරුට කියූ විට අසල සිටි අනුර කුමාර පැවසුවේ,
'ආසනෙත් නැති එකේ පොඩ්ඩක් කතා කරන්න දෙන්න කථානායකතුමා' කියාය.
'උසාවි නියෝගයක් කඩ කළා කියලා තමයි මේ අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. එහෙමනම් උතුරෙත් මේ විදිහට දෙන්නෙක් උද්ඝෝෂණයක් තිබුණා. එතැනට ජනාධිපතිතුමත් ගියා. උසාවි නියෝගයක් තිබියදී ජනාධිපතිතුමත් ගියා. ඒ කියන්නේ උතුරට එක නීතියකුත් දකුණට එක නීතියකුත්ද?’ කුමාර වෙල්ගම එලෙස ප්‍රශ්න කරන්නට විය.
එවිට නැඟී සිටි අනුර කුමාර අතීතයද මතක්කර දෙමින් උද්ඝෝෂණ පිළිබඳව කරුණු පැවසීය.
'මහජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබිය යුතුයි. ඒ අයිතිය වළදාලා තිබුණු යුගයක තමයි මේ අය ආණ්ඩුව හැදුවේ. දැන් ඒ ආණ්ඩුවත් ඒ ආකාරයටම කටයුතු කරනවා. කළු පැල්ලම් සහිත ඉතිහාසය වෙනස් කළ ඔබතුමාලා යළි ඒ මගම යනවා’ යැයි පවසමින් අනුර සයිටම් ගැන ප්‍රශ්නයක් ආණ්ඩු පක්ෂයෙන් විමසීය.
නමුත් උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල එදින පාර්ලිමේන්තුවේ නොසිටි බැවින් අනුර, කථානායක කරුගෙන් ඇසුවේ,
'උසස් අධ්‍යාපන ඇමතිතුමා නම් පෙනෙන්න නැහැනේ කථානායකතුමනි’ කියාය.
'මම උදේ ඇහුවා. එතුමා අසනීප වෙලා. ඒ වෙනුවට රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා' යැයි කරු පැවසීය.
'ආ රාජ්‍ය ඇමතිතුමා ඉන්නවද? දන්නෙත් නැහැ කවුද කියන්න. කාලෙකින් ඇවිත් ඉන්නේ. දැනගන්න හරි හොඳයි ආපු එක'
‘අමාත්‍යවරයා නැති වුණත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන හිමිකරු වූ නියෝජ්‍ය ඇමතිතුමාවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනවා ඇති කියා මම විශ්වාස කරනවා’ යැයි අනුර කීවේ සිනහ වෙමිනි. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහොන් ලාල් ග්‍රේරු පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූයේ බොහෝ කාලයකට පසුවය.
සෞඛ්‍ය ඇමති රාජිතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදුන්නේ මීට මාස කිහිපයකට ඉහතය. නමුත් ඒ පිළිබඳ කතාබහ ක්‍රමයෙන් අඩු වී ගොස් සියල්ලන්ටම ඒ පිළිබඳ අමතක වී තිබුණි. අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කථානායක කරු ජයසුරියගෙන් ඒ පිළිබඳ යළි විමසූ විට සියල්ලන්ගේම කතාබහ ඒ දෙසට යොමු විය.
‘කථානායකතුමනි, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අපි ඔබතුමාට භාරදුන්නා. එයට කඩිනමින් දිනයක් ලබාදෙනවා කියල ඔබතුමා කිව්වත් අද වෙනකම් ඔබතුමා මේ සම්බන්ධයෙන් දිනයක් ලබාදීලා නැහැ’
මහින්දානන්දගේ එම පැනයට කථානායක කරු ජයසූරියද පිළිතුරක් ලබාදුනි.
‘මේ සම්බන්ධයෙන් අපි අන්තිම රැස්වීමෙදිත් කතා කළා. අපි සභානායකතුමාට දැනුම් දුන්නා ඉක්මනින් දිනයක් දෙන්න කියලා. දිනේෂ් ගුණවර්ධන මන්ත්රීතුමත් ඒ රැස්වීම්වල හිටියා’
යනුවෙන් කථානායකවරයා පවසන විට, මන්ත්‍රී අනුර කුමාර කිරිඇල්ලට චෝදනා කරමින් යමක් පැවසීය.
‘අපි මේක පක්ෂ නායක රැස්වීමෙදි කතා කළා. එතකොට සභානායක කිරිඇල්ල මහත්තයා ගෙනෙන තර්කය තමයි මේ විශ්වාසභංගය තුළ නඩුවක් සම්බන්ධ කරුණු තිබෙනවා කියලා. නමුත් ඔබතුමාම නීතිපතිවරයා හරහා එය සංශෝධනයට භාජනය කළා. ඒ සංශෝධනයට භාජනය කළ විශ්වාසභංග යෝජනාව තමයි මේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළේ. ඇතුළත් කරපු යෝජනාව ගැන සභානායකවරයාට මොකුත් කියන්න බැහැ. අයවැය ලේඛනයක් ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව බැලුවොත් මේ විවාදය ජනවාරි වෙනකම් ලැබෙන්නේ නැහැ. එහෙම වුණත් ඔහු ඒ වෙනකම්ම ඇමති ධුරය දරනවා. විශ්වාසභංගයක් ගෙනාවා. එයට ප්‍රමුඛතාව ලබාදිය යුතුව තිබෙනවා’
අනුරගේ කතාව අනුමත කරමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනද එම විශ්වාසභංග යෝජනා විවාදය කඩිනමින් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීය.
‘අයවැය ලේඛනයට පෙර අපිට මේකට දිනයක් දෙන්න කථානායකතුමනි. විශේෂ දවසක් හරි අපිට දීලා මේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්න සෞඛ්‍ය ඇමතිතුමාට සිද්ධ කරන්න. එහෙම නැතිනම් එය ඔබතුමාගේ අඩුවක් ලෙසයි අපි දකින්නේ’
සියල්ලන්ටම සවන් දුන් කථානායකවරයා පැවසුවේ,
‘හොඳයි, මම ඒ ගැන අවධානය යොමු කරන්නම්’
ජර්මනියේ බර්ලින් නුවර පැවති ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පසුගිය සෙනසුරාදා ජර්මනිය බලා පිටත්ව ගියේය.
ජර්මනියේ බර්ලින් නුවර විහාරස්ථානයේ කඨින පින්කමට ඉරිදා දින සහභාගි වූ රාජිත එහි සිටි
ශ්‍රී ලාංකිකයන් සමග සුහද කතාබහකද නිරත විය. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විමසූ අතර, සයිටම් අර්බුදය පිළිබඳව විමසීමටද උනන්දු විය. සයිටම් අර්බුදය පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ රාජිත ඒ පිළිබඳ පැහැදිලි කරන්නට විය. එවිට එහි සිටි ශ්‍රී ලාංකිකයන් පෙන්වා දුන්නේ විදේශීය රටවල පෞද්ගලික වෛද්‍ය උපාධිය ලබාදෙන වෛද්‍ය විද්‍යාල බොහෝ සෙයින් ඇති බවයි. ඒ පිළිබද ශ්‍රී ලාංකිකයන් දැනුවත් විය යුතු බව ඔවුන් මෙහිදී රාජිතට යෝජනා කළහ.
මෙම සංචාරයේදී හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ඇමති රාජිතට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලද්දේ තනාපති නිල නිවසේදීය. සඳුදා දින ලෝක සෞඛ්‍ය සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස ආරම්භ වූ අතර, එහිදී රාජිතට ඉදිරි පෙළ අසුනක් හිමි වී තිබිණ.
මෙම සමුළුවට රටවල් 190 ක සෞඛ්‍ය නියෝජිතයන් 3000කට අධික පිරිසක් එක්ව සිටියහ. සමුළුවේදී බෝනොවන රෝග පිළිබඳ සැසිවාරයට එක්වෙමින් විනාඩි තිහක පමණ කරුණු දැක්වීමක් කළ රාජිත බෝනොවන රෝග අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ ගන්නා බවද කීවේය.
ඉන්පසු බ්‍රිතාන්‍ය Financial Times සඟරාවේ කර්තෘවරයා විසින් රාජිතගෙන් බෝනොවන රෝග පිළිබඳ විවිධ ප්‍රශ්න විමසූ අතර, විනාඩි 50 ක කාලයක් ඇමති රාජිත ඊට පිළිතුරු ලබාදුන්නේය. සැසිවාරයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එයට එක්ව සිටි ජෝර්දානයේ Dina Mried කුමරිය ප්‍රකාශ කළේ බෝනොවන රෝග පිළිබඳ ලෝක තානාපති ධුරය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදිය යුතු බවට තමන් යෝජනා කරන බවයි. ඉන්පසු එම කුමරිය සහ සැසිවාරයට එක්ව සිටි විදේශීය රටවල සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වී බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරමින් කරුණු දැක්වන්නට විය.
පසු දින දහවල් ජනාධිපති මෛත්‍රීගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එහිදී සමුළුවේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා ඇමති රාජිතගෙන් කරුණු විමසන ලදී. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම සඳහා තමන් ලබන 24 වනදා කටාර් රාජ්‍යය බලා පිටත්වන බවත්, ඊට එක්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඇමති රාජිතට ආරාධනා කළේය. අමාත්‍යවරයා මෙහිදී පැවැසුවේ කටාර් රාජ්‍යයේ පවතින ගැටලුව පිළිබඳව තමන් හොඳින් අධ්‍යයනය කර ඇති බවත්, මීට පෙර එම ගැටලුව විසඳීමට මැදිහත් වූ අයුරුත් සිහිපත් කළේය.
බදාදා දින උරුගුවේ රාජ්‍යයේදී ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයකට සහභාගි වීම සඳහා ඇමති රාජිත ජර්මනියේ සිට උරුගුවේ බලා පිටත් විය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ඉල්ලා තිබිණි. එම විවාදය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම විවාදයට පෙර විවිධ මට්ටමේ පිරිස් අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු ජවිපෙ මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කර තිබේ. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ ලේකම්වරියක වන ඔහුගේ දියණිය මේ විවාදය නිසා කලබලයට පත්ව සිටි බව ජවිපෙ මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබී ඇත. පසුගිය දීපාවලි උත්සව දිනය රජයේ නිවාඩු දිනයක් වුවද, අමාත්‍යාංශ නිලධාරීන්ට නිවාඩු ලබාදී නොතිබිණි. මේ අතර %මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව^ විසින් විවාදය පැවැත්වෙන දිනයේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වෙන ගම්පහ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව එක්ව මෙම සංවිධානය පිහිටුවාගෙන තිබේ. ‘මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් කෝටි ගණන් ගසාකනවා. කොම්පැනිවලින් කොමිස් ගන්නවා. නමුත් ජනතාවට කිසිම සහනයක් දෙන්න ඇමතිවරයා කටයුතු කරන්නේ නැහැ” යනුවෙන් ජනතාවගෙන් විශාල විරෝධයක් ඇමතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.
ගම්පහ 'දිරිය පුරවැසි දිස්ත්‍රික් සමුළුව' පසුගිය 15 වැනිදා ගම්පහ, නයිවලදී පැවැත්වුණේ අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයන්ගේ සහ හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්, ක්රීඩාශූර සුගත් තිලකරත්න ඇතුළු විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී ව්‍යවස්ථා කෙටුම්පත ගැන මතුවී තිබෙන සාකච්ඡාව පිළිබඳ ජවිපෙ ප්රචාරක ලේකම්වරයා සහ අශෝක පීරිස් අතර කතාබහක් ඇතිවිය.
මේ කතාබහට සුගත් තිලකරත්නද එක්විය. ‘මන්ත්‍රීතුමා ව්‍යවස්ථා කෙටුම්පත ගැන රටේ තියෙන්නේ වැරදි මතයක් කියලයි මට හිතෙන්නෙ. ජවිපෙට මේ ගැන මුකුත් කරන්න බැරිද?” අශෝක පීරිස් විමසා සිටියේය. ‘ඒක ඇත්ත. වැරදි මතයක් හදලා තියෙනවා. බංකොළොත් කණ්ඩායම් තමන්ට දේශපාලන මාතෘකා නැති නිසා ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා.
මේක ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෙවෙයි. සාකච්ඡාවල කරුණු එකතුවක් විතරයි. මේක ව්‍යවස්ථාව කියලා අරගෙන බංකොළොත් අය රට බෙදනවා. ඒකීයභාවය ඉවරයි කියලා කෑගහනවා” විජිත හේරත් කියා සිටියේය. ‘ජවිපෙ ගැනත් වැරදි මතයක් තමයි හදලා තියෙන්නේ” සුගත් තිලකරත්න පවසා සිටියේය. ‘රාජපක්ෂලාගේ කණ්ඩායමට ජවිපෙට ගහන්න මාතෘකාවක් නැහැ. ඒ නිසා මඩ ගහනවා. අපි කරුණු 09ක් ව්‍යවස්ථා මණ්ඩලයට දුන්නා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ පළමුවැනි කොන්දේසිය. පළාත් එකතු කරන්න බැහැ කියන එක තව එකක්. අපි එදත් රට කඩන යෝජනා පරාජය කළා. 2005 නොවැම්බර් මහින්ද ජනාධිපති වෙලා උතුරු නැගෙනහිර එක කරලා තිබුණු ගැසට් එක දීර්ඝ කළා. අපි තමයි 2006 නඩු කියලා පළාත් දෙක වෙන් කළේ. එහෙම කට්ටිය අද බොරුවට කෑගහනවා. අපේ ස්ථාවරය පැහැදිලියි %රට බෙදන ව්‍යවස්ථා එපා^. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුමයි. ඉස්සරහට අපි මේ ගැන රටේ සංවාදයක් හදනවා” විජිත හේරත් කියා සිටියේය.
පසුගිය දිනෙක ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ජවිපෙ නායකයාට අභූත චෝදනාවක් එල්ල කළේය. කෝටි ප්‍රකෝටි ගණනක මුදල් තොගයක් පොහොර ගෝනිවල දමාගෙන ගිය බව ඉන් කියැවිණි. මෙම ප්‍රකාශය ප්රවෘත්තිවල ප්‍රචාරය වීමත් සමග නීතිඥයන් මෙන්ම ජවිපෙ හිතවාදීන් ජවිපෙ මන්ත්‍රීවරුන්ට කියා සිටියේ, මෙම ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ පිළිබඳ විජිත හේරත්, සුනිල් වටගල හා ලාල්කාන්ත යන අය අතර කතාබහට ලක්වූයේ ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවය. ‘නඩු දාන්න නිමිත්තක් තියෙනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. අපි කීර්තිනාමයට හානි කළා කියලා වන්දියක් ඉල්ලමු. ඊට අමතරව අපට මේකෙන් වාසියක් තියෙනවා. චරිතය ගැනනේ නඩුව යන්නේ. හරස් ප්‍රශ්න අහනකොට අපට පුළුවන් ජොන්ස්ටන්ගේ හොරකම් ගැන ප්‍රශ්න කරන්න” වටගල කියා සිටියේය. ‘ඔව්, ජොන්ස්ටන්ට එරෙහිව එෆ්.සී.අයි.ඩී. යේ පැමිණිලි ගණනාවක් තියෙනවා. ආණ්ඩුවත් කල්දදා තියෙන නිසා මේ වගේ නඩුවකදී අපට ජනතාවට දැනගන්නත් එක්ක සියලු දේවල් එළියට අදින්න පුළුවන්” විජිත හේරත් කියා සිටියේය. ‘මේ රාජපක්ෂ කල්ලියට අපිත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. අපට කියන්න වෙන කිසිම චෝදනාවක් නැහැ. ඒක නිසා ආණ්ඩුවත් එක්ක ඩීල් කියන්න එක එක කතා හදනවා. මේකට එරෙහිව ලොකු ප්‍රහාරයක් දෙන්න ඕන. අපට මඩ ගහන්න ආපු ගොඩක් අය වැඩේ අනාගත්තා” ලාල්කාන්ත කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතියේදී වැඩි අවධානයක් යොදා තිබුණේ විමල් වීරවංශ සිරගත දිවියේ අත්දැකීම් අලළා ලියූ %යදමින් බැඳි අක්ෂර^ කෘතිය ජනගත කිරීමේ උත්සවය සම්බන්ධවයි. එම උත්සවය ලබන 22 වැනිදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වෙන බැවින් එහි සංවිධාන කටයුතු පිළිබඳව විමල් නිතර සොයා බැලුවේය. කෘතියේ මුද්‍රණ කටයුතු අවසන් කර නොතිබුණද කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාට කල් තබා පිටපතක් යවා තිබුණි. ප්‍රධාන දේශනය බාරගන්නැයි විමල් මහාචාර්යවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු එය බාර ගත්තේය. ඒ අනුව රාජ් සෝමදේව මහතාගේ අදහස් දක්වන ලිපියක්ද එම කෘතියට ඇතුළත් කිරීමට විමල් කටයුතු කළේය. විමල්ගේ සිරගත ජීවිතයට අමතරව ජීවන අත්දැකීම් ඇතුළත් මෙම කෘතිය මගින් සමාජය පෙරට යනවාට වඩා පරිහානියට යන බව පෙන්වා ඇතැයි මහාචාර්යවරයා එහි සඳහන් කර තිබේ. විද්වත් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් උදාවී ඇති බැවින් සංවාදයකට එක්විය හැකි පරිදි මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සඳහා වැඩි වශයෙන් මෙම උත්සවයට ආරාධනා කිරීමට විමල් තීරණය කර තිබේ. විමල් සිරගතව සිටීම ගැන එම දිනවලදී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන් ආකාරය ඇතුළත් කරමින් ‘සත් සියයක් මල් උපදින තම්බපණ්ණියේ‘ නමින් විමල් ගීතයක් ලියා තිබෙන අතර, එම ගීතයද මෙහිදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම නාත්තන්ඩිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි හැරල්ඩ් හේරත් මහතා විසින් මීට වසර 37කට පෙර ඉදිකරන ලද පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම උදාගම්මානය වන %සාගරගම^ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1980 මැයි මස 17 වැනිදා ජනතා අයිතියට පත්කරන ලද්දේ උදාගම් වැඩපිළිවෙළෙහි 45 වැනි ගම්මානය ලෙසය.
වත්මන් උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ 43 වැනි ගම්මානය නිවාස 98කින් සමන්විත %අශෝකපුර^ උදාගම්මානය පෙරේදා (18දා) ජනතා අයිතියට පැවරුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ගම්මානයේ සමරු ඵලකය විවෘත කිරීමෙන් පසු එහි පළමු නිවසට පිවිසෙමින් අගමැතිවරයා සජිත්ගෙන් විමසුවේ %දැන් කොච්චර ගෙවල්වලට උදව් කරලා තියෙනවාද?’ කියාය.
“ගත වූ අවුරුදු දෙකහමාරේදී නිවාස ප්‍රශ්නයෙන් අසහනයට පත්වලා හිටිය පවුල් 230,000කට ඒ අයගේ නිවාස වැඩිදියුණු කර ගන්න අපි ආධාර උපකාර කර තියෙනවා’ සජිත් පිළිතුරු දුන්නේය.
“බොහොම හොඳයි. මීටත් වැඩි වේගයෙන් කරගෙන යන්න. ඉලක්කය අලුත් ගම්මාන 2500ක් නේද?’ අගමැතිවරයා ඇසූ විට සජිත් පැවසුවේ, “ඔව්. ටිකක් අමාරු ඉලක්කයක් සර්. ඒත් අපි දැන් ඒක ජාතික වැඩසටහනේ ඉලක්කය හැකියට කරගෙන යන්න තීරණය කර තිබෙනවා’ යනුවෙනි.
“ලබන අවුරුද්දට ඔන්න වැඩිපුර සල්ලි වෙන්කරලයි තියෙන්නේ’ යැයි අගමැතිවරයා පැවසූ විට, උදාගම්මාන ඉදිකිරීමට රජයේ ඉඩම් වෙන්කර ගැනීම පිළිබඳ පවතින බාධා ගැනද සිහිපත් කරමින් සජිත් පැවසුවේ, “මේ ගම්මානයට ඉඩම් වෙන්කර ගන්න අශෝක ප්‍රියන්ත මන්ත්රීතුමයි, මමයි දීපු සටන දන්නේ අපි දෙන්නා විතරයි’ යනුවෙනි.
ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා යළි මෙරටට පැමිණියේය. ගුවන්තොටුපළේ සිට මහින්ද තංගල්ල කාල්ටන් නිවසට ගිය අතර, ඉරිදා උදෑසන ඔහු තංගල්ල බන්ධනාගාරය වෙත ගියේ, ඒ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි නාමල් ඇතුළු පිරිසගේ සුවදුක් බැලීමටය. නාමල් ඇතුළු පිරිස සමග කතා කරමින් සිටි මහින්ද වෙත පැමිණි සම්පත් අතුකෝරළ තමන් ලියූ කවි පන්තියක් දුන්නේය. ඒ සමග සිටි උපාලි කොඩිකාර තමන්ගේ අතෙහි මස්පිඬු පෙන්වමින් මහින්දට කීවේ ‘සර් දැන් අපේ ඇඟත් හැදිලා තියෙන්නේ. නාමල් මන්ත්‍රීතුමා අපට බර උස්සන්න කියලා දුන්නානේ. අපෙත් දැන් %සික්ස් පැක්^ ඇවිත් තියෙන්නෙ’ යනුවෙන්ය.
‘ඔයාලට හිරේ ඇතුළේ කොහෙන්ද බර උස්සන්න ඕන ඒවා?’ මහින්ද ඇසුවේය.
‘අපි කොහු මිටකට වතුර කෑන් ගහලා බර උස්සන්න දේවල් හදා ගත්තා’ නාමල් කීවේය.
‘අනේ ඔව් සර් නාමල් මන්ත්‍රීතුමා හැමදාම උදේ 5.30 ඉඳලා 8.30 වෙනකම් අපි ලවා බර උස්සවනවා, යෝග ව්‍යායාම කරවනවා’ සම්පත් පැවසීය.
‘මෙයා ඉතින් ගෙදර ඉන්නකොටත් මොනවා නැතත් ඕක නම් හරියටම කරනවානේ’ මහින්ද නාමල් පෙන්වමින් පැවසීය.
‘හමුදාවෙන් අයින් වුණාට පස්සේ මේ වගේ කෝස් එකක් කළාමයි මේ’ අජිත් ප්‍රසන්න කීවේ සිනහසෙමිනි. මේ අතර නාමල් ඇතුළු පිරිසට එරෙහිව පවරා තිබූ නඩුව ගැනද සාකච්ඡා කෙරිණි. මහින්ද කීවේ ‘මං නඩුව ගැන නීතිඥයන් හම්බ වෙලා කතා කරනවා’ කියාය.
‘අපිව එළියට දායි කියලා විශ්වාසයක් තියන්න නම් බැහැ. ආණ්ඩුවට ඕනේ පුළුවන් තරම් කේස් එක තද කරලා අපිව ඇතුළෙම තියන්නයි’ නාමල් පැවසීය.
‘සර් ආණ්ඩුවෙම මකුණෝ සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ’ ප්‍රසන්න රණවීර පැවසීය.
‘ඒ මොකද?’ මහින්ද ඇසුවේය.
‘නෑ සර් උන් අපිවම හොයහොයා විදිනවා. හරියට ආණ්ඩුව වගේමයි’ රණවීරගේ පිළිතුරට කවුරුත් සිනාසුණහ.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ නිල නිවසේදීය. එහිදී විශේෂ අවධානයක් යොමුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවය.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ඇතුළේ තියෙන්නෙම වචන හරඹ. අපට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ නීතිමය හා දේශපාලන උප්පරවැට්ටි ඔස්තාර්ලා එක්කයි’ මහින්ද පෙන්වා දුන්නේය. ‘ඒක නම් ඇත්ත සර්. දැක්කනේ මෙයලා මුළු රටම රවට්ටලා, ශ්‍රේෂ්ඨාධිකරණයටත් කොකා පෙන්නලා පළාත් සභා ඡන්දය කල් දාගත්ත හැටි’ මහින්දානන්ද පැවසීය.
‘මේ ආණ්ඩුවට සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ජනවරමක් නැහැ. ජනතාව බලය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිසක්, ව්‍යවස්ථාවක් ගේන්න නෙමෙයි. අපි ආණ්ඩුවට බල කරන්න ඕන මේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැරලා ජනතාවට පොරොන්දු වූ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න කියලයි’ මහින්ද පැවසීය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකත්වයෙන් මෙම මස 30 වැනිදා උදෑසන පාර්ලිමේන්තුව ඉදිරිපිටදී 'රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරදවමු^ තේමාව යටතේ උද්ඝෝෂණයක් පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරිණි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු වන සනත් නිශාන්ත, තේනුක විදානගමගේ සහ කනක හේරත් රුසියාවේදී පැවැත්වෙන තරුණ සම්මේලනයට සහභාගි වීම සඳහා ගියහ. සනත් සහ තේනුක තවත් තරුණ පිරිසකුත් සමග එක් දිනයක රුසියාව බලා පිටත්ව ගියහ. සනත්ලා මොස්කව්හිදී ගොඩබැස්ස විට දැන ගන්නට ලැබුණේ සමුළුව පැවැත්වෙන සෝචි නුවර බලා ගුවනෙන් යෑමට නම් පැය 07ක් හා දුම්රියෙන් යෑමට පැය 30ක් බලා සිටීමට සිදුවන බවයි. මොස්කව් ගුවන්තොටුපළේ කාමර කුලියට දෙන ස්ථානයකට කතා කළ විට දැනගන්න ලැබුණේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් දසදහසක් පමණ එක කාමරයකට වැය වන බවය. සනත්ලා සමග ගිය තරුණ පිරිස කීවේ මන්ත්‍රීවරුන්ට කාමර ගෙන නවතින ලෙසයි. එහෙත් එයට අකමැති වූ සනත්ලා තරුණ පිරිසද සමග මොස්කව් ගුවන්තොටුපළේ බිම නිදා ගත්තේ පැදුරු කිහිපයක්ද එළාගෙනය. නියමිත කාලයෙන් පසුව සමුළුව පැවැත්වෙන නගරයට පැමිණි විට සනත්ලාට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවූහ. එහිදී දැනගන්න ලැබුණේ අවශ්‍ය හෝටල් වෙන්කර නොමැති බවයි. මන්ත්‍රීවරුන්ට නවාතැන් පහසුකම් සලසා තිබූ නමුත් තරුණයන්ට වෙන්කර තිබුණේ එහි තිබූ කඳවුරක් වැනි ස්ථානයක්ය. සනත්ලා වෙනම නිවසක් කුලියට ගෙන තරුණයෝද සමග එකට සිටීමට පියවර ගත්හ. එම සමුළුවටම සහභාගි වීමට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස හෝටලයක නතරව සිටියේ ඔවුන්ගේ පක්ෂයේ තරුණයෙකු කඳවුරේ නැවතී සිටින අතරතුරය. සනත් නලින්දට විහිළු කළේ ‘කොහොමද මල්ලි ඔයාලා හෝටල් කාමරයක ඉන්නේ, අර කොල්ලෝ ටික කෑම්ප් එකක ඉන්න කොට’ කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd