බස්නාහිර පළාත තුළ රැස්වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස සැලසුම් කරන ලද කසළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් සඳහා ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය.
මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ කරදියාන සහ දඹුවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථාන දෙකෙහි වන අතර, මේ වනවිට ආයතන දෙකක් ඒ සඳහා ඉදිරිපත්ව තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර පිළිබඳ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්වීය.
''අද වෙනකොට බස්නාහිර පළාතේ දෛනික අපද්‍රව්‍ය ජනනය මෙට්‍රික් ටොන් 3500 ක් පමණ වෙනවා. දිනෙන් දින ඒකපුද්ගල සම්පත් පරිභෝජනය වැඩි වීමත්, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවලින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාම නිසාත් මෙම ප්‍රමාණය ඉදිරියේදී මෙට්‍රික් ටොන් 6000 ත් ඉක්මවා යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි, දෛනිකව මෙට්‍රික් ටොන් 6000 ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත අපද්‍රව්‍ය ජනනය 2050 වනවිට දෛනිකව මෙට්‍රික් ටොන් 10,000 ඉක්මවා යාමේ අවදානමකුත් මතුවෙලයි තිබෙන්නේ. අපට තිබෙන ගැටලුව තමයි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ 3R සංකල්පය (අපද්‍රව්‍ය අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රිකරණය) මගින් පමණක් මේ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදිය හැකිද කියන එක. එහෙම විසඳුම් දෙන්න පුළුවන් නම් අද මේ වගේ කසළ කඳු නිර්මාණය වෙන්න හැකියාවක් නැහැ.
මේ වෙනකොට බස්නාහිර පළාතේ කරදියාන, මීතොටමුල්ල වගේ කුණු කඳු 25 ක් තිබෙනවා. ඒ කුණු කඳු විසි පහේ නාගරික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 10 ක් තිබෙනවා. මේ කුණු කඳු නිසා ජනතාව විශාල වශයෙන් බැට කනවා. ඒ නිසා අපි තේරුම්ගත යුතු කාරණාව තමයි පළාත් පාලන ආයතන මට්ටමින් කළමනාකරණය කළ හැකි කසළ ප්‍රමාණය බොහොම සීමා සහිතයි.
ඉන් එහාට ගිය වැඩපිළිවෙළක් අවශ්‍යයි එලෙස කළමනාකරණය කරගත නොහැකි කසළ නිසි ආකාරයෙන් ඵලදායීව කළමනාකරණය කරගැනීමට. එතනදි තමයි අපට මහා පරිමාණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාව මතු වෙන්නේ. අපේ පෙර තිබූ සැලසුම් අනුව අපි අපේක්ෂා කළා 2020 වනවිට අපද්‍රව්‍යවලින් 50%ක් මහා පරිමාණ ව්‍යාපෘති මගින් කළමනාකරණය කරගන්න. නමුත් ඒ ව්‍යාපෘති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරගන්න නොහැකි වුණා.
අයෝජකයන්ගේ ගැටලු, ව්‍යාපෘති ප්‍රදේශය තුළ සිටින ජනතාවගේ විරෝධය සහ ව්‍යාපෘතිවල ආකාර්යක්ෂ්මභාවය නිසා. නමුත් වර්තමාන බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහත්මයා වැඩ බාරගත්තට පස්සෙ මේ ගැටලුව විශේෂයෙන් අවධානය යොමු කරලා, මේ වනවිට අකර්මණ්‍ය වෙලා තිබෙන ව්‍යාපෘති සියල්ල අත්හිටුවලා ඒ ගිවිසුම් අවලංගු කරන්න කටයුතු කළා.
එහෙම කරලා හැකියාව තිබෙන අයෝජකයන්ට මේ කටයුතු බාර දුන්නා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙත් මේ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුවයි අද කසළ මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති දෙකක් සඳහා ආයෝජකයන් පිරිසක් සමග අපි ගිවිසුම්ගත වෙන්නේ.
මේ ව්‍යාපෘති දෙකම සිදු කරන්නේ පුද්ගලික අංශයෙන්. මොකද මේ මහා පරිමාණ ව්‍යාපෘති සිදුකරන්න විශාල මුදලක් වැය වෙනවා. මෙම ව්‍යාපෘති දෙකෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන සියයක් පමණ වෙනවා. රජයට එවැනි විශාල අවදානමක් දරන්න අපහසුයි. ඒ නිසා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධවයි.
ඒ අනුව කරදියාන විදුලි උත්පාදන ව්‍යාපෘතිය සඳහා ලබාදෙන්නේ කසළ සහ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන භූමිය. නමුත් දඹුවත්ත ව්‍යාපෘතිය සඳහා ලබාදෙන්නේ කසළ පමණයි. ඉඩම එම ආයෝජකයන් අපද්‍රව්‍ය බැහැර කරන භූමියෙන් මිලදී ගෙනයි තිබෙන්නේ. කිසිදු මුදලක් රජයෙන් වැය වෙන්නේ නැහැ.''
කරදියාන බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය
කරදියාන ව්‍යාපාතිය ක්‍රියාත්මක කරන්නේ ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් (fairway waste management) පුද්ගලික සමාගම කියන ආයතනය මගින්. ඔවුන්ට ඒ සඳහා කරදියාන ව්‍යාපෘති භූමියෙන් අක්කර 10 ක ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. මෙමගින් දිනකට කසළ මෙට්‍රික් ටොන් 500 ක් කළමනාකරණය සඳහා යොදාගන්නවා. ඔවුන් භාවිත කරන තාක්ෂණය අනුව කසළ මෙට්‍රික් ටොන් 115 ක ප්‍රමාණයක් භාවිත කරලා ජීව වායු (bio gas) ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.
ඒ සඳහා යොදාගැනෙන්නේ තෙත සහිත ඉඳුල් වැනි අපද්‍රව්‍ය. ඊළඟ ව්‍යාපෘතිය වෙන්නෙ මෙට්‍රික් ටොන් 375 ක් වූ නොදිරන පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය දහනය කිරීම මගින් විදුලිය උත්පාදනය කිරීම. ඒ අනුව ජීවවායු ඒකකය හරහා මෙගාවොට් 1.5කුත්, දහනය මගින් මෙගාවොට් 10කුත් වශයෙන් මෙගාවොට් 11.5 ක ප්‍රමාණයක් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතිය වෙත ලබා දෙනවා.
මේ ආකාරයට වාර්ෂිකව කිලෝවොට් මිලියන 79 ක ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කරනවා. එය නිවාස 35,000කට විදුලිය ලබාදීමට ප්‍රමාණවත්. මීට අමතරව ජීව වායු ඒකකය මගින් නිෂ්පාදනය වන දියර පොහොර ටොන් 45,000 ක් සහ ඝන පොහොර මෙට්‍රික් ටොන් 7500 ක් මෙරට වගේම විදෙස් රටවලට අලෙවි කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය වසර දෙකහමාරක් ඇතුළත අවසන් කරනවා. එහි වටිනාකම රුපියල් මිලියන 72 ක්.
දඹුවත්ත බලශක්ති උත්පාදනය ව්‍යාපෘතිය
ට්‍රයිලොජි ඊ.ටී.සී. පෞද්ගලික සමාගම විසින් තමයි දඹුවත්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා අක්කර 09 ක භූමි ප්‍රමාණයක් භාවිත කරනවා. මෙම ව්‍යාපෘතියට දෛනිකව මෙට්‍රික් ටොන් 95 ක අපද්‍රව්‍ය ප්‍රමාණයක් විදුලිය උත්පාදනය සඳහා යොදාගන්නවා. එමගින් පැයකට මෙගාවොට් 3.4 ක් ජාතික විදුලි බල පද්ධතිය වෙත ලබා දෙනවා. මේ ව්‍යාපෘතියේ වටිනාකම මිලියන 30 ක් පමණ වෙනවා. මාස 18කින් පමණ මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
''මේ අත්සන් තබන ගිවිසුම්වල යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් අවලංගු කළ හැකි ආකාරයෙන් දැඩි නීතිරීති මතයි අත්සන් තබන්නේ. ඒ වගේම අප විසින් නිරන්තරයෙන්ම මෙම ව්‍යාපෘතිවල වැඩ කටයුතු අධීක්ෂණය කරනු ලබනවා. ගිවිසුම අනුව ලබාදෙන කාලසීමාව තුළ මේ ආයතන පරිසර පනත අනුව අදාළ පරිසර වාර්තා සහ අනුමැතීන් ලබාගත යුතුයි.
වැදගත්ම කාරණය වන්නේ මේ ව්‍යාපෘති මගින් පරිසර හානියක් සිදුවන්නේ නෑ. අපද්‍රව්‍ය දහනය මගින් නිකුත් කෙරෙනු වායූන් පිරිසුදු කර මුදාහරින තාක්ෂණික පද්ධතියක් ව්‍යාපෘති දෙකම සතුව තිබෙනවා. ඒ වගේම ගොඩගසා තිබෙන කසළත් මේ සඳහා භාවිත වන නිසා අපද්‍රව්‍ය ගොඩගැසී ඇති ප්‍රමාණයත් අඩු වෙනවා.''