ඔෙබි ඡන්දයේ වටිනාකම ඔබට කියාදෙන අපූරු වෙබි අඩවිය
ජනතාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ජනතාවගේම ඡන්දයෙන් පත්කර යැවෙන දේශපාලඥයා පාර්ලිමේන්තුවට පත්වූ පසු සිදුකරන්නේ කුමක්ද? ඔහු ජනතා ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවාද? පාර්ලිමේන්තුව තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය කෙබඳුද? යන්න පිළිබඳ පසුවිපරමක් කිරීමට මෙරට ජනතාවට එතරම් උනන්දුවක් නොමැත. අඩුම තරමින් තමන් පත්කළ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුව වෙත යනවාද යන්න පවා ජනතාව හරිහැටි නොදනී. මීට ප්‍රධානතම හේතුවක් වශයෙන් හඳුනාගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය ජනතාවට අධීක්ෂණය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමයි. 'අද' මේ සටහන ගෙන එනුයේ පාර්ලිමේන්තුවත්, ජනතාවත් සමීප කිරීමට සමත් පාර්ලිමේන්තු අධීක්ෂණ වේදිකාවක පුරප්පාඩුව සාර්ථකව සම්පූර්ණ කිරීමට පුරෝගාමීවූ 'Manthri.lk' වෙබ් අඩවිය පිළිබඳ ඔබ දැනුවත් කිරීමටය.

මේ පිළිබඳ අප හා කතාබහට එක්වූයේ 'Manthri.lk' වෙබ් අඩවියේ සහකාර විශ්ලේෂක ෂදීසා ධර්මප්රේමයි.
'ජනතාව තමන්ගේ වටිනා ඡන්දය ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් පත්කරලා යවනවා. නමුත් එතැනින් පස්සේ කවුරුවත් හරි ආකාරයෙන් දන්නේ නැහැ ඒ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගිහින් කරන්නේ මොනවාද කියලා. ඒ නිසා අපට අවශ්‍ය වුණා ජනතාවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් සම්බන්ධ කරන්න පුළුවන් පාලමක් හදන්න. ඒ කාර්යයේ ප්‍රතිඵල තමයි 'Manthri.lk' වෙබ් අඩවිය කියන්නෙ.
මේ හරහා ජනතාවට හැකිවෙනවා තමන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයා සැබෑ ලෙසම එහිදී ඔවුන්ව නියෝජනය කරනවාද, අඩුම තරමේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට සහභාගි වෙනවාද, ඒ ගියත් ඔහුගේ ක්‍රියාකාරීත්වය මොන වගේද, ජාතික මට්ටමින් ඉදිරිපත් වන අණපනත්වලට ඔහු දක්වන ප්‍රතිචාරයත්, තමන්ගේ විෂය සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ කුමන ආකාරයකින්ද කියලත් දැනුවත් වෙන්න.
'Manthri.lk' කියන්නෙ ශ්‍රී ලංකාවේ පුරෝගාමීම පාර්ලිමේන්තු අධීක්ෂණ වේදිකාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්රියාකාරීත්වයන් ගණනයට සහ සංසන්දනය කිරීමට 'Manthri.lk' මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තොරතුරු සටහන් තැබීම සහ විශ්ලේෂණය ආදී කාර්යයන් ඉටු කරනවා. හැන්සාර්ඩ් වාර්තාවට අනුව පාර්ලිමේන්තු සැසිවාරයන් පිළිබඳ තොරතුරු රැස්කරලා ඒවා විශ්ලේෂණයට භාජනය කළාට පස්සේ අපි ඒ දත්ත සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අපේ 'Manthri.lk' වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව සියලු දෙනාටම වඩාත් අදාළ සහ පාරදෘශ්‍ය කිරීමත් වගේම ජනතා ඡන්දයෙන් තේරී පත්වෙන නියෝජිතයන්ගේ කටයුතු සමග ශ්‍රී ලාංකේය පුරවැසියන් සහ මාධ්‍ය සම්බන්ධ කරගැනීම තමයි අපේ මූලිකම අරමුණ බවට පත්වෙලා තියෙන්නෙ.
අපේ 'Manthri.lk' වෙබ් අඩවිය, කොළඹ - කේන්ද්‍රීය ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයත්, අන්තර්ජාල සහ ජංගම දුරකථන යෙදවුම් ප්‍රවර්ධනයේ නියැළී ඉන්න ජාත්‍යන්තර ආයතනයක් වන සබේරියන් ආයතනය සමග එකතු වෙලා සහයෝගිත්වයෙන් නිර්මාණය කරලා පවත්වාගෙන යනවා. මෙහි මූලිකත්වය අරගෙන කටයුතු කළේ අශෝක ඔබේසේකර, ආචාර්ය නිෂාන් ද මැල් යන මහත්වරුන්. අපේ ආයතනයට කිසිදු දේශපාලන අරමුණක් හෝ පදනමක් නැහැ. නමුත් අපි විසින් ජනතාවටත්, මාධ්‍යයටත් ඉදිරිපත් කරන දත්ත විවිධ දේශපාලන අරමුණුවලට භාවිත කරනවා. ඒ වගේම අපේ වෙබ් අඩවිය කිසිම ආකාරයකින් මතයන් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ලබාදෙන්නේ දත්ත පමණයි.*
'Manthri.lk' වෙබ් අඩවිය වෙත පිවිසෙන ඔබට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කළ හැකිය. එය ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවය අනුව ලබාදෙන ලකුණු ප්‍රමාණයක් අනුව ශ්‍රේණිගත කර තිබේ. එමෙන්ම ඒ ඒ ප්‍රශ්නවලට අදාළ මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා ලබාදුන් පිළිතුරු, ඒ ඒ සැසිවාරයන්ගේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය, මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ආදී තවත් බොහෝ දත්ත ලබාගත හැකිය. එමෙන්ම මෙහි %මෛත්‍රී මීටරය^ ලෙස නම්කර ඇති විශේෂාංගය මගින් ජනාධිපතිවරයා විසින් දින 100 පොරොන්දු කෙතරම් දුරට ඉටුකර තිබේද, එහි ප්‍රගතිය කෙතරම්ද යන්න දැකගැනීමට හැකියාව පවතී.
වෙබ් අඩවිය පරිශීලනය කරන්නාට ඉතාමත් පහසු වන අයුරින් මෙහි දත්ත වාර්තාවන් විවිධ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කර තිබේ. විවිධ මාතෘකාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දක්වා ඇති ප්රතිචාරයන්, ඒ හා සමගාමීව නිර්මාණය කර ඇති ග්‍රැෆික් සටහන් මෙහි දක්වා තිබේ. මීට අමතර තොරතුරු ලබාගැනීමට ඔබට අවශ්‍යතාවක් තිබේ නම් %Manthri.lk^ වෙබ් අඩවියේ දැක්වෙන දුරකථන අංකවලට අමතා එම තොරතුරු සපයා ගැනීමටද ඉඩකඩ වෙන්වී තිබේ.
'Manthri.lk' වෙබ් අඩවිය සිය ඉදිරි වැඩපිළිවෙළ අනුව වසරක් පාසා ඉදිරිපත් කරන අයවැයෙන් කොපමණ ඉලක්ක සපුරාගෙන තිබේද? සහ අයවැය යෝජනා කෙතරම් දුරට ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳ වෙබ් අඩවිය ඔස්සේ වර්ෂය අවසානයේ ප්‍රගති සමාලෝචනයක්ද දැකගැනීමට ඔබට නුදුරේදීම හැකියාව ලැබෙන අතර, එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු, දේශපාලන පසුබිම ආදිය පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව තිබේ. එමෙන්ම එළඹෙන ඔක්තෝබර් 10 වැනිදා %Manthri.lk^ සිය නවතම අංගය ලෙස පාලක පක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයන් සිය වෙබ් අඩවිය ඔස්සේ දක්වමින් එම ප්රතිපත්තිවලින් කොපමණ ප්‍රමාණයක් ඉටුකර තිබේද සහ එහි සමාලෝචනයක් එළිදැක්වීමට නියමිතය.
'Manthri.lk' වෙබ් අඩවිය මේ ආකාරයෙන් ගෙනයෑම සැබැවින්ම ප්‍රශංසනීය වේ. මෙය පරිශීලනය කරමින් ජනතාවට තමන් ඡන්දය ප්‍රකාශ කර පාර්ලිමේතුවට යවන ජනතා නියෝජිතයා සැබෑ ලෙසම එහිදී ජනතාව නියෝජනය කරනවාද යන්න දැන ගැනීමට මෙතැන් සිට අවස්ථාව සැලසේ. එමෙන්ම තමන් කෙතරම් දුරට ජනතා නියෝජිතයන් පත්කිරීමේදී බුද්ධිමත්ව ක්‍රියාකර තිබේද යන්න පිළිබඳවද ජනතාවට වටහාගත හැකි අතර, වැදගත්ම කාරණය නම් මේ සමගම උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවට ගොස් වඳුරු නැටුම් දක්වන දේශපාලඥයන්ටද ඉදිරියේදී වැඩ වරදිනු ඇත.
සංචාරක කර්මාන්තයට පාර්ලිමේන්තුව තුළ හිමිව ඇති වැදගත්කම කෙබඳුද?
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නිර්මාණය කර ඇති මෙම ග්‍රැෆික් සටහනින් පාර්ලිමේන්තුව තුළ සංචාරක කර්මාන්තයට ලබාදී ඇති වැදගත්කම නිරූපණය කරයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් සංචාරක විෂයයට දායකත්වයක් දක්වා ඇත්තේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු පමණක් වන අතර ඉන් ඉහළ ක්රියාකාරීත්වයක් දැක්වූ මන්ත්‍රීවරුන් ග්‍රැෆික් සටහනින් නිරූපණය කෙරේ. ලිඛිත ප්‍රශ්න, පෞද්ගලිකව දැනුම් දීමෙන් අසන ලද ප්‍රශ්න සහ පනත් කෙටුම්පත් දායකත්වය ලැබූ ප්‍රධාන පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් මේ අතර වේ.
ලෝක සංචාරක සභාව විසින් නිකුත් කරන ලද සංචාරක කර්මාන්තයේ ආර්ථික බලපෑම: ශ්‍රී ලංකා වාර්තාවට අනුව 2016 සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට සහ රැකියා නියුක්තියට දක්වා ඇති ඍජු දායකත්වයද මෙම සටහනින් නිරූපණය කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


