ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්ව වසරක් ඉක්ම ගොස් තිබේ. ගෙවීගිය කාලය තුළ රටේ ප්රජාතන්ත්රවාදය, නිදහස, මානව හිමිකම් තහවුරු කිරීමට හා ජාත්‍යන්තරය දිනා ගැනිම වෙනුවෙන් වැඩි අවධායක් යොමු කර කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
ඒවා ස්පර්ශ කළ නොහැකි බවත්, බඩට නොදැනෙන බවද ජනපතිවරයා පැවැසීය. මේ වසරේ රටේ ආර්ථික ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීමට සූදානම් බවද ඔහු මීට ඉහතදී පවැසීය. ජනපති ලෙස පත්වීමෙන් පසුව ගතවූ වසරක කාලයත්, ඉතිරිව ඇති වසර හතරක කාලසීමාවේදී ඔහුගේ දැක්ම පිළිබඳවත් කළ සාකච්ඡාවකි මේ.
Q බලයට පත්වී ගෙවුණු පළමු වසර තුළ ඉටුකළ කාර්යයන් හා නොකළ දේවල් ගැන සඳහන් කළොත්?
අපේ මැතිවරණ ප්රකාශනයේ තියෙන්නේ වසරකින් කරනවා කියලා නෙමේ වසර 05කින් කරනවා කියලයි. දින සීයේ වැඩපිළිවෙළ තුළ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුකළා.දින සීයට ඇතුළත් වෙලා තිබුණු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කෙරුණෙ නැහැ. ඒ සඳහා මගේ පැත්තෙන් කළහැකි දේ මම කළා.
Q ඒත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදුවුණේ නෑනේ?
ඔව්. පාර්ලිමේන්තුවට එම කටයුත්ත කරන්න බැරිවුණා.මැතිවරණ ක්‍රමය වෙනස්කරන්න පාර්ලිමේන්තුවේ සියලුදෙනා කැමැත්තෙන් ඉන්නේ.ඒ අතින් ගත්තාම දින සීයේ වැඩපිළිවෙළ සාර්ථකයි.මැතිවරණ ප්‍රකාශයේ තියෙන අනිත් පොදු කාර්යන් මගේ නිල කාලය තුළ කළ යුතුබවයි සඳහන් වෙන්නේ.ඒ කියන්නෙ අවුරුදු 06ක කලයක් තුළ කළයුතු බවයි.ඒ සඳහා පළමු අවුරුද්දේ හොඳ අඩිතාලමක් දාලා තියෙනවා.පාර්ලිමේන්තුවෙ බලය තුනෙන් දෙකකට වඩා සකස්කරගෙන තියෙනවා.
Q පසුගිය වසර තුළ ඔබ ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරුවා.ඊළඟ වසරට දෙන ප්‍රතිඥාව කුමක්ද?
ජනාධිපතිධුරය ගැන මගේ ප්‍රතිඥාව දීලා ඉවරයි.දැන් තියෙන්නේපාර්ලිමේන්තුවේ කාර්යයයි. එහිදී මගේ වැඩකොටස කරලා ඉවරයි.19වැනි සංශෝධනයෙන්ම ඒක කරන්න දුන්නා.මම සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය දවෙසත් මගේ ප්‍රතිපත්තිය ගැන කිව්වා.
Q ජාතික ආණ්ඩුවේ ආයු කාලය අවුරුදු 2 ද? ඉන් පස්සේ ජාතික ආණ්ඩුවෙ අනාගතය කොහොම වෙයිද?
අපේ මැතිවරණ ප්රකාශනයේ සඳහන් කරලා තියෙනවා මැතිවරණය ජයග්‍රහණය කළාම ජාතික ආණ්ඩුවක් හදනවා කියලා.ජනතාව මැතිවරණ දෙකේදිම ජනවරමක් ඒසඳහා දුන්නා.අඩුවශයෙන් අවුරුදු 2ක්වත් එකතුවෙලා වැඩකරමු කියලා සියලු දේශපාලන පක්ෂවලට අපි කිව්වා.ඒ කියන්නේ අවුරුදු දෙකෙන් ඉවර කරනවා කියලා නෙමෙයි.
මම ජනාධිපතිධුරයට පත්වෙලා තියෙන කාලය තුළ මම ආණ්ඩුවක් පෙරළනවද?.කාටවත් පෙරළන්න දෙනවාද?ආණ්ඩුව කාටවත් පෙරළන්න දෙන්නෙ නෑ.අවුරුදු 2 වැඩකරගෙන යද්දී තීන්දුවෙයි ඉදිරියට මොකද්ද කරන්නෙ කියලා.අපි කොරහේ කිඹුල්ලු දකින්න උවමනා නැහැ.
ඒ වගේ පිරිහුණු ලක්ෂණ තියෙන මිනිස්සු එක්ක නෙමේ අපි යන්න ඕන.අපි ඉදිරියට යන්නෙ සුභවාදීව බලන ගමන් අපේ රට ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකරන ප්රබුද්ධ මානසිකත්වයකින් යුතුවයි.එහෙම නැතිව කඩාවැටුණු මානසිකත්වයකින් උන්මන්තකයෝ වගේ මානසික රෝගීන් වගේ වැඩකිරීම නෙවෙයි කළයුත්තේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 05ක් ආණ්ඩුව කරගෙන යන්න දෙන්න ඕනෑ රටවෙනුවෙන්.ඒක කඩාකප්පල්වෙනවා කියන්නෙ රට විනාශවෙනවා කියන එකයි.දේශපාලන බලය අවශ්‍ය අයට පුළුවන් මැතිවරණයක් කාලෙට ජනතාව ළඟට ගිහින් තමන්ට ඡන්දෙ දෙන්න කියලා බලයක් ලබාගන්න.
එහෙම නැතිව රට නොසන්සුන් කරලා ආර්ථිකය විනාශ කරන්න තමයි අද ඇතැම් පිරිසක් බලාපොරොත්තු වෙන්නේ.ඒ බලාපොරොත්තු ඉෂ්ටවෙන්න අපි ඉඩතියන්නේ නැහැ.නියමිත කාලෙදී අපේ වගකීම් ඉෂ්ට කරලා අපි ඡන්දෙකට යනවා.
Q වත්මන් ආණ්ඩුව රට බෙදන්න යනවා කියලා විරුද්ධ පාර්ශ්වය චෝදනා කරනවා?
කොහේද එහෙම එකක් තියෙන්නේ? රට බෙදන්න රට කඩන්න කොහේද සාකච්ඡාකරලා තියෙන්නේ? එහෙම යෝජනාවක් කොහේවත් තියෙනවද?රටේ මහජනයා නොමග යවන්නත් තමන් බොහෝම ඉක්මනට රජවෙන්න බලාගෙන ඉන්න අයයි මෙවැනි කතා කියන්නේ.
Q ඒත්, ඔබ රට පාවාදෙන බවටත් චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා ගැන මොකද කියන්න තියෙන්නේ?
ඒ චෝදනාකරන අය කණ්ණාඩියක ඉස්සරහට ගියොත් පෙනේවි කිසිම හරසුන් දේශපාලනයක් නැති අර්ථයක් නැති මහ හිස් මිනිස්සු නේද මේ කතාකරන්නේ කියලා.
මේ රට ගොඩනගන්න මේ රටේ තියෙන අභියෝග මොනවද කියලා තේරුම් ගන්න ඕනෑ.රටක එක් එක් යුගතුළ කළයුතු කාර්යන් තියෙනවා.රටක බිහිවෙන දේශපාලන නායකයන්ට පැවරෙන වගකීම් තියෙනවා.එදා සිට අද දක්වා පත්වූ නායකයන් ඒ අභියෝගවලට මුහුණදීලා තියෙනවා. සමහර නායකයො සාර්ථක වෙද්දි සමහර නායකයො අසාර්ථකවෙලා තියෙනවා.
ලෝකයේ ජාත්‍යන්තර දේශපාලනය බැලුවත් ඒකයි.මේ රටේ කාර්යන් සාර්ථකව ඉටුකළ යුත්තේ කොහොමද කියලා අපි බලන්න ඕනෑ.හැමවෙලේම අසුභවාදිව බලන සියලු දේවල් වැරදි ලෙස දකින හිස් මිනිසුන් සුළු පිරිසක් සමාජයේ ඉන්නවා.මේ හරසුන් හිස් මිනිසුන්ගේ බොල් හඬට කන්දෙන ඒක නෙවෙයි අපිට තියෙන්නේ.විනාශකාර දේ ඉතා පහසුයි. යමක් ගොඩනැගීම ඉතා අපහසුයි.අපි ඒ අපහසු දේ කරනවා.
Q ඔබේ ධුර කාලයට අදාළ වසර හය ගෙවුණු පසු අග්‍රාමාත්‍යධුරයට තරග කරනවද?
මම ජනාධිපතිවෙන්න කලිනුත් ජනාධිපතිවෙනවා කියලා ඔළුවේ තිබුණේ නැහැ.ජනාධිපතිවෙන්න මම හිතුවෙත් නැහැ.තව අවුරුදු 5කින් මගේ තනතුර මොකද්ද? මම ඉන්නෙ කොතනද කියන එක නෙවේ අද මට අවශ්‍ය වෙන්නෙ.
තව අවුරුදු 5කින් මේ රට තියෙන්න ඕනෑ කොතනද කියන එකයි මට මගේ තනතුරට වඩා වැදගත් වන්නේ.තව අවුරුදු 5ක් යද්දි ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ රටක් ලෙස ගොඩනැගීමයි මට අවශ්‍ය.2020 න්‍යාය පත්රයයි අද රට වෙනුවෙන් තියෙන්නේ.මගෙ තනතුර,මගේ දේශපාලනය රටට වැදගත් නැහැ.ඒනිසා පළමු අවුරුද්ද තුළ මගේ වගකීම් උපරිම අයුරින් ඉෂ්ට කළා.ඊළඟට මේ රටේ තියෙන දුප්පත්කම,දුගීකම නැතිකොට ආර්ථිකය ගොඩනැගීම තමයි අපිට තියෙන පළමු අභියෝගය.රටේ ආර්ථිකය වසරකින් කඩාවැටෙන්න තරම් කිසිවක් මේ ආණ්ඩුව කරලා නැහැ
Q ළඟදී කැබිනට් සංශෝධනයක් වෙනවාද?
කැබිනට් මණ්ඩලයේ වෙනසක් වෙන්නෙ නෑ. ඒවා ගොතන පට්ටපල් බොරු.
Q ජාතික ප්රශ්නය විසඳා ගැනීමට ඔබ ක්‍රියාකරන්නේ කෙසේද?
ජාතික ප්රශ්නයේදී ජාතික සංහිඳියාවට උතුරේ සහ දකුණේ ජනතාව මනසින් එකතු කළ යුතුයි.වැලි, ගඩොල්, සිමෙන්තිවලින් ජාතීන් එකතු කරන්න බැහැ.ඒ නිසයි අපි ජාතික ඒකාග්‍රතා හා සංහිඳියා කටයුතු අමාත්‍යාංශය ඇතිකළේ.ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් හරහා වැඩ කරගෙන යනවා.උතුරේ ඉඩම් අහිමි ජනතාවගේ ඉඩම්ටික දීගෙන යනවා.අතුරුදන්වූවන්ගේ කටයුතු සඳහා කමිටු පත්කරලා ඊට අවශ්‍ය වැඩකරගෙන යනවා.මේ සෑම කෙනෙකුටම විශ්වාසක් ඇතිව ජිවත්වීමටයි මේ දේවල් කරන්නේ.
Q ඔබටත් යහපාලන ආණ්ඩුවටත් එරෙහි වූ අය දැන් ඔබ ළංකරගෙන සිටින බවට චෝදනාවක් තියනවා. ඇයි ඔබ එසේ ක්‍රියාකරන්නේ?
මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ භාගයක්ම ඉන්නේ ජනවාරි08 වැනිදා මාව පරාජය කරන්න වැඩකරපු අයයි.මම පරාද වුණා නම් ඒ අයගේ බලාපොරොත්තුව තුළ ආණ්ඩුවක් කරගෙන යාවි.හැබැයි මගේ දේශපාලන සංකල්ප ඊට වඩා වෙනස්.
සදාකාලික සතුරන් කරගැනීමේ ප්‍රතිපත්තියක් මගේ ළඟ නැහැ.මට අවශ්‍ය පරිදි වැඩ කරනවා නම් එච්චරයි.ඕනෑම කෙනෙක් ඇතැම් වෙලාවට සෘජුවෙනවා. සමහර වෙලාවට නම්‍යශීලී වෙනවා.මම වැඩකරද්දි මගේ පෞද්ගලිකත්වය බලන්නෙ නෑ. දේශපාලන අධිකාරීන් වගේම එතනින් පහළත් එකතුකරන්න පුළුවන් හැමෝම එකතුකරන්නයි මම බලන්නේ. දේශපාලන සංහිඳියාවත් වැදගත්.නොයෙක් විවේචන තියෙනන පුළුවන්. නමුත් අපි කළ යුතු කාර්යයන් කරනවා.