saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Opinion - timelapse 10336 hours ago

LATEST

දේශපාලන අර්බුද හා රටේ හෙට දවස

calendar_today 2018 නොවැ 08 - 10:27 remove_red_eye - 4187  

සර්වජන ඡන්ද බලය රට තුළ ක්‍රියාත්මක වීමෙන් පසු මේ රටේ පාලකයන් පත් කර ගනු ලබන්නේ ජනතා ඡන්දයෙනි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු පාලකයන් පත්කර ගැනීමේ සුදුසුකමට පත්වන මේ රටේ ජනතාව ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රිකාවේ තම කැමැත්ත පළකිරීම තුළින් පාලකයන් පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලෙසද හඳුන්වනු ලබයි.

සමේ විශාලතම අවයවය වූ සම සම්බන්ධයෙන් ඇතිවන රෝග තත්ත්ව පිළිබඳ අප බොහෝ විට කරදර වන්නේ ඒවා අනෙක් ආබාධ මෙන් නොව භාහිර පෙනුම තුළින්ද මතු වී රෝගීයාගේ සාමාන්‍ය පෙනුමට පවා බලපෑම් කරන බැවිනි. සාමාන්‍යයෙන් ඇතැම් රෝග බටහිර වෙදකම අනුව සම්පූර්ණයෙන් සුව කළ නොහැකි යැයි පවසන අතර පාලනය කළ හැකි බව පමණක් පවසයි. එයට හේතුව මේ රෝග මතුවීමට බලපාන ගැටලු මුලිනුපුටා දැමීමට බටහිර වෙදකම විසින් තවමත් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදුකොට නොමැති වීමය. නමුත් බටහිර වෙදකම අපේ

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ පඹගාල කෙතරම් සංකීර්ණද යන්න අද හොඳින්ම පැහැදිලිය. අප ඉදිරිපිට දිගහැරෙමින් පවතිනුයේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඇති වූ දරුණුතම දේශපාලන අර්බුදයයි. එම අර්බුදය කොතරම් අපූරු වූවාදැයි කිවහොත් ලක් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික ජනතාව සිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාරමින් සිටිති.

Read More

රටේ උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගෙන් විමසීමක් සිදුකිරීමට %අද^ අපි සිතුවෙමු. මේ ඒ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්ය.

Read More

දමිළ දේශපාලන හා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමකින් මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දසවැනි දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත කඩා වැටීම නැවැත්වීමට රට අභ්‍යන්තරයේ ඩොලර් සැපයුම ඉහළ දැමීමට විදේශ සංචිතවලින් ඩොලර් මිලියන පනහක් පසුගිය දිනක නිදහස් කළේය. එය අනාගතයේදී බරපතළ ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

Read More

රට තුළ ඇති වී තිබෙන ආර්ථික, සමාජීය ගැටලුවලට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමත් මේ වනවිට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. පළාත් සභා 03ක නිල කාලය අවසන් වී වසරකට අධික කාලයක් ගතවී තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදීත් පළාත් සභා 03ක නිල කාලය අවසන් විය. මැතිවරණය කල් යෑමට හේතුවක් ලෙස සීමා නිර්ණ වාර්තාවේ ගැටලු පෙන්වා දෙමින් තිබේ. එහෙත් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන ආකාරයට මැතිවරණය කල් යෑමට හේතු ලෙස පනතේ පවතින තාක්ෂණික ගැටලු, උපලේඛන ගැටලුද බලපා තිබේ. එබැවින්

Read More

දැන් මුළු රටේම කියවීම කෙරෙහි හදිසි උනන්දුවක් හටගෙන තිබේ. දැන් වැඩිදෙනෙකු කියවීමට සොයන පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි දුරවබෝධ ලියවිල්ලක් ජනතාවගේ උපරිම අවධානයට ලක්වීම විස්මයජනක සිද්ධියකි. පොදු ජනතාව ආණ්ඩුක්‍රමය ගැන විපරම් කරන්නට පෙළඹී ඇත්තේ මේ වන විට උත්සන්න වී ඇති ආණ්ඩුක්‍රම අර්බුදය හේතුවෙනි. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලනුයේ තවමත් නිෂ්ඨාවට පත් නොවූ ආණ්ඩු පෙරළිය කුමන අතකට කැරකී යනු ඇතිද යන්න අනුමාන වශයෙන් හෝ දැන ගනු

Read More

රටේ ඇති වී තිබෙන දේශපාලන පෙරළිය විශාලය. එය පෙර නොවු විරූ මට්ටමේ බිහිසුණු සංකීර්ණ තත්ත්වයක පවතී. මේ පිළිබඳ බොහෝ වාද විවාද රැසක් පවතින නිසා එම වාද ගැන කතා කිරීමට බොහෝ අය පෙළඹෙන බවද පෙනේ. එය මෙවන් අවස්ථාවක සාමාන්‍ය‘යෙන් නිර්මාණය වන ස්වභාවයකි. මම එහි එක් පැත්තක් උදෙසා හේතු දැක්වීමට ඉදිරිපත් නොවෙමි. මා මෙහිදී උත්සාහ ගන්නේ මෙම අර්බුදය ඔස්සේ ඉස්මතු වන තවත් අර්බුදයක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි. එය නම් නායකත්වයේ අර්බුදයයි.

Read More
ආර්යදේව
31 10 2018 10:30:00
0 887

චීනයේ චැන් බුදු සමය බිහි කිරීම උදෙසා විශාල සේවාවක් කළ උන්වහන්සේ චීනය තුළ අදත් වන්දනාමානයට බඳුන් වේ. සිංහල රජෙකුගේ පුතෙකු ලෙස උපත ලබන ආර්යදේවයන් ඉන්දියාවේ මාධ්‍යමික සම්ප්‍රදාය යටතේ දාර්ශනික පුහුණුව ලැබූවෙකි. සමස්ත මහායානික බුදු දහම මෙතෙක් බිහි කළ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරුන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස ආර්යදේවයන් හැඳින්වේ. මාධ්‍යමික සම්ප්‍රදාය යනු ශුන්‍යතාවාදය නිර්මාණය කළ ගුරුකුලයයි. එය බිහි කළේ මාධ්‍යමික ගුරුකුලය බිහි කළා වූ නාගාර්ජුනපාදයෝය. ආර්යදේවයෝ නාගා

Read More

පරිසරය සමග බැඳුණු අපේකම, අපේ උරුමය සහ අපේ අනන්‍යතාව මේ වනවිට නැවත ජනතා සංවාදයට විවෘත වූ කතාබහකි. එහිලා අප දැනුවත් කරමින් අපේකම පිළිබඳ මතකය අවදි කළ මහනුවර ජාතික කෞතුකාගාරයේ අධිකාරී කේ.ඩී.වී. චන්දිමාල් මහතාට සවන් දෙමු.

Read More

දෙදහස් දහඅට වර්ෂයේ ඔක්තෝබර් මස විසිහය වැනි දිනය වසරේ වෙනත් සාමාන්‍ය දිනයක ආකාරයට ගෙවී අවසන් වෙමින් පැවතුණි. ඒ වනවිටත් සාකච්ඡා මට්ටමේ පැවැති මෛත්‍රී මහින්ද හවුල් ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තු කඩවී ඇති බව විද්‍යුත් මාධ්‍යයන්ගේ හැසිරීම අනුව අනුමාන කළ හැකි විය. එදින රාත්‍රී හත පසුවී මිනිත්තු හතළිහක් පමණ ගත වනවිට සියල්ල උඩුයටිකුරු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙහි දිවුරුම් දුන් බවට විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර, රජයේ ප්‍රවෘ

Read More

මේ රටේ බොහෝ දෙනෙකුගේ හදවතේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනතාව වෙනුවෙන් බලයට පැමිණ සිටින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. 30 අවුරුදු ශාපලත් යුද්ධය ජය ගැනීමෙන් පසු ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා කටයුතු කරමින් සිටින විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය. ඉන් අනතුරුව පත් වූ ආණ්ඩුව රටේ ජනතාව ගැන නොසලකමින් ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටියේය. මේ පි

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීම පිළිබඳව රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක් මත ඉදිරිපත් කරමින් තිබෙන අතර, තවත් කණ්ඩායමක් නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට මතයක් ඉදිරිපත් කරමින් සිටී. මේ නිසා මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව හෝ නිශ්චිතව සඳහන් වන්නේ නැත.

Read More
රට යන අත?
29 10 2018 10:04:00
0 460

මෙතෙක් කලක් තිරය පිටුපස තිබූ ගජ මිතුරුකමක් පසුගිය 26 වැනි දින සවස් කාලයේදී සමස්ත ජනතාවටම දැන ගැනීමට හැකි විය. 2015 වසරේ ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අහිමි වූයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාවගෙන් ලබා ගත් ජනවරම නිසාය.

Read More

ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් හදිසියේම තවත් අගමැතිවරයෙකු පත්කිරීම හේතුවෙනි. විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පාක්‍ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටිති. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම ජාත්‍යන්තරය විසින් ප්‍රථමයෙන් විශ්වාස නොකළ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න කර සිටි බවටද තොරතුරු පළවේ. ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාව ලංකාවේ මිලියන 23ක් වන ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට දමා තිබේ. රටේ

Read More

රටේ සැබෑ සංවර්ධනයක් ඇතිකිරීමට නම් ගම්බද භූමිවල පමණක් නොව නාගරික අවකාශවලද වගා කිරීම අවශ්‍ය වේ. නගර යනු කර්මාන්තයේ හා පරිපාලන කටයුතුවල මධ්‍යස්ථානය වූවාට එහි ගොවිතැන මුළුමනින්ම නැතිකළ යුතු නොවේ. ලොව වෙනත් රටවල ඇති නගර සමග සසඳා බලන කල අපේ රටේ ඇත්තේ සොච්චම් නගරය. ප්‍රමාණයෙන් මෙන්ම ජීවන දෘෂ්ටියෙන්ද ඒවා ගම්වලට වඩා වෙනස් වන්නේ සුළු වශයෙනි. ඇත්තටම ලංකාවේ ඇත්තේ බටහිර අර්ථයේ නගර නොව ගම්මානවල යම් විශාලිත ස්වරූපයක් පමණි.

Read More

%සෑම දෙයකටම මිනුම් දණ්ඩක් තිබිය යුතුය^ යැයි ඉතා පැරණි කියමනක් අප අසා තිබුණද, ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවෙකුට හුරු කරවන ලිවීම සහ ඇඳීම පිළිබඳ පරිමාණ මිනුම් දණ්ඩක් පිළිබඳ උපකරණයක් හෝ අදහසක් නිර්මාණය කර ගැනීමට මෙතෙක් හැකියාවක් නොතිබිණි. බොහෝ දරුවන්ට පැහැදිලි ලෙස අකුරු ලීවීමට සහ ඇඳීමට නොහැකිය. එයට හේතුව වන්නේ, ලිවීමේ සහ ඇඳීමේ පරිමාව ඔවුන් නොදැන සිටීමය. ඉගෙනීමෙහි දක්‍ෂතාවන් බොහෝ විට මනිනු ලබන්නේ ලියා දක්වන පිළිතුරු පත්‍රයක් නිරීක්‍ෂණය කිරීම මගින් බැවින

Read More

පසුගියදා දහසක් දෙනා බලා සිටියදී කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි හැටන් නෝර්වුඩ් මාර්ගයේ නිවැලිගම පෙදෙසේ නිවාස හතරක් කාසල්රි ජලාශයට ගිලා බැස්සේය.

Read More

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවා ඔවුන්ගෙන් සමාව ගැනීමට රජය සැරසෙන බවට මේ දිනවල දේශපාලන වේදිකාවල මෙන්ම රට පුරා කතාබහක් ඇතිව තිබේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම සඳහා සකස් කෙරුණු පනත් කෙටුම්පතද පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ඉන්දියාවේ %රෝ^ ඔත්තු සේවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. පසුගිය සතියේදී පැවැති කැබිනට් හමුවේදී තමන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ %රෝ^ ඔත්තු සේවය සැලසුම් කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවා එය නොදන්නා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව මුලින්ම වාර්තා කළේ ඉන්දියාවේ %

Read More

බැසිල්, ජී.එල්, වාසු, සුසිල්, අනුර යාපා, කනක ඇතුළු ආරාධිතයන් සහ ඉංජිනේරුවන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මදක් පමාවී පැමිණියේය. මහින්ද උත්සවයට එද්දී පිළිගැනීමේ නර්තන කණ්ඩායමේ බෙර හඬ පරදමින් මුළු සභාවම නැගිට අත්පොලසන් නාදයක් ලබාදුන්නේය.

Read More

භක්තිය, ප්‍රඥාව නිසා නොව ඇදහිල්ල හා විශ්වාසය මතම පැනනගින බව පෙනේ. මෙය ඕනෑම ආගමක පොදු තත්ත්වයක් වන අතර, ඕනෑම රටක, ඕනෑම කාලයකට පොදු තත්ත්වයකි. වර්තමාන ලංකාවේ විවිධ ආගම් ක්‍රියාත්මක වන අතර මේවා වටා විශාල වශයෙන් එක්රැස් වී සිටින්නේ භක්තියෙන් බව පෙනේ. විවිධ පුද පූජා, මහජන රැස්වීම් හා මහා පරිමාණයෙන් කෙරෙන පින්කම් මංගල්‍ය, පෙරහර ආදිය මෙම භක්තිවන්තයන්ගේ කටයුතු අතර දක්නට ලැබේ. මේ සඳහා විශාල මුදලක් මෙන්ම කාලයක්ද වැය කෙරෙන අතර බොහෝ විට පාරවල් හරස් කරමින් වා

Read More

ආර්ථික අර්බුදයක් පවතින සහ ඒ අර්බුදයේ විශාල පීඩාවක් සාමාන්‍ය පහළ පාන්තික ජනතාව මත පටවා තිබෙන අවස්ථාවක 2019 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ගෙනත් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත්වීමේ කොන්දේසි ඉතාම අවම මට්ටමට වැටී තියෙන අතර සමාගම්වල ආදායම් සහ ලාභ අනුපාතික ඉතා ඉහළ මට්ටමක් පෙන්නුම් කරනවා. 2017 සංඛ්‍යාලේඛන ගත්තොත් කොටස් වෙළෙඳ‍පොළ ලියාපදිංචි සමාගම්වල ආදායම් 11%කින් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම සමහර මූල්‍ය සමාගම්, උකස් ආයතන, රක්ෂණ සමාගම්, බැංකු ව

Read More

දකුණුලක තුළ එදා සිට අද දක්වා එකසේ විශාල සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පිහිටා තිබෙන උස්සන්ගොඩ හඳුන්වා දිය හැකිය. උස්සන්ගොඩ අභය භූමිය හෙක්ටයාර 111ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප්‍රදේශයකි.

Read More
රස්තාවරුන්
17 10 2018 09:00:00
0 638

රොබර්ට් නෙස්ටා මාර්ලේ හෙවත් බොබ් මාලේ නම් ගායකයා, සංගීතඥයා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටකම පාහේ ජනප්‍රිය වන්නේ හුදෙක් ඔහුගේ කලාව නිසාම නොවේ. ඔහුගේ ජීවන ක්‍රමයද ඔහුගේ ජනප්‍රියත්වය කෙරෙහි විශාල වශයෙන් බලපෑවේය. එම ජීවන ක්‍රමය සැලකෙන්නේ %රස්තාෆාරියන්වාදය^ (Rastafarianism) ලෙසිනි. මෙම රස්තාෆාරියන්වාදයේ විවිධ ලක්‍ෂණ ලංකාවේ තරුණයන් ඇතැම් විට උකහා ගෙන ඇති බවක් මග‍තොටදී පෙනෙයි.

Read More

මේ වනවිට මහනුවර නගරයේ ප්‍රබල වායු දූෂණ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මහත් ආන්දෝලනාත්මක පුවත් වාර්තා ‍වෙයි. එහිලා විවිධ විශේෂඥ වෛද්‍යවරුන්ද පරිසරය සහ වායු දූෂණය සම්බන්ධයෙන් පර්යේෂණයන්හි යෙදෙන විද්වත්හුද විවිධ පරිසර සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද යෝජනා චෝදනා ඉදිරිපත් කරමින් සිටිති. මහනුවර නගරය අනතුරේ, මහනුවර පාසල් දරුවන්ට ළය රෝග ආදී වශයෙන්ද අත්පත්‍රිකා හා පෝස්ටර් නගරයේ වරින්වර ප්‍රදර්ශනය වෙයි. එයට සමගාමීව පෞද්ගලික ස්ථානයන්හි ප්‍රසිද්ධ දේශන සංවිධ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.