අනුරාධපුරයේදී 1968 නොවැම්බර් මස 24 වැනිදා උපත ලද ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි.1987 වසරේ ජනතා විමුක්ති පෙරමුණට එක්වන ඔහු 1988 වසරේදී පූර්ණකාලීන .2000 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මොහු චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය. ඉන්පසුව 2008 වසරේදී පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරයට පත්වන ඔහු, 2014 වසරේ පෙබරවාරි මස 02 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවටද පත්විය.
ලැබුණ තනතුරත් සමග පක්ෂය මොනවගේ මාවතකට ගෙනියන්නද සැලසුම් කර තියෙන්නෙ?
විශේෂයෙන්ම හත්වැනි ජාතික මහ සමුළුවෙන් යෝජනා කිහිපයක් සම්මත කරගත්තා. පළමුවැන්න තමයි නව මධ්‍යම කාරක සභාවක් පත් කර ගැනීම. ඒ වගේම වැදගත් දේශපාලන යෝජනා ගණනාවක් සම්මත කරගත්තා. ඒ කියන්නේ මේ රට හදන්න අපි සකස් කර තියෙන වැඩ පිළිවෙළ පිළිබඳව මේ නිසා අපිට වගකීමක් තියෙනවා. ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර එය ජනතාව වෙත ගෙනියන්න ඒ වගේම රාජපක්ෂ පාලනය ගෙන යන ප්‍රෝඪාකාරී මැතිවරණ ක්‍රමය හකුළා දාන්න, ශක්තිමත් මැතිවරණ පෙරමුණක් හදන්නත් යෝජනා වුණා. මේ සියලුම යෝජනා සම්මත වෙලා තියෙන නිසා ඒ දේවල් ඉෂ්ඨ සිද්ධ කිරීම තමයි බලාපොරොත්තුව. ඒ වගේම තැන තැන සිදුකරන සටන් එකම මාවතකට ගෙන ඒමටත් සැලැස්මක් තියෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ගමන් කරන්නේ සමාජවාදී මාවතක.ඒත් කාලීනව මෙය වෙනස් විය යුතුයි නේද?
කාලීනව පෙන්නුම් කරමින් තිබෙන්නේ ධනවාදී මාවතවල් ගැන. ඒ නිසා අපි ඉදිරිපත් කරලා තියෙනවා නවීන සමාජවාදී වැඩ පිළිවෙළක්. එය මේ තියෙන තත්ත්වයට වඩා සමාජය ඉදිරියෙන් ඔසවා තබන වැඩ පිළිවෙළක්. මේ ගැනත් කියන්න ඕන. ලෝකයා අත්පත් කර ගත් බොහෝ ජයග්‍රහණ අහිමිවුණු ජාතියක් තමයි අපි. මේ නිසා වේගයෙන් හඹාගෙන ගොස් ලෝක තාක්ෂණය, විද්‍යාවේ දියුණුව, දැනුමේ කලාවේ, සාහිත්‍ය‘යේ, දැනුම් වේගයෙන් අත්පත්කරගත යුතුයි. මේ සියලුම දේ ඇතුළත් කරලා තමයි අපි නවීන සමාජවාදී වැඩ පිළිවෙළ හඳුන්වා දී තිබෙන්නේ.
පක්ෂයක නායකකම් වෙනස්වනවිට පක්ෂවල දෙදරායාම් පිළිබඳවත් පසුගිය කාලයේදී අසන්නට ලැබුණා?
මම හිතන්නේ මේ රටේ කවුරැවත් ජනතා විමුක්ති පෙරමුණ තුළ එවැනි දෙයක් සිදුවේවි කියලා හිතන්නෙ නෑ. හැබැයි අනිත් පක්ෂ ගැන එහෙම හිතන්න පුළුවන්. එත් ජනතා විමුක්ති පෙරමුණ දෙස බලන ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න අවස්ථාවක් නෑ.
තරැණ වයසේදිම පක්ෂයේ නායකකම ලැබීම ඔබේ හිසට බරක් කියලා හිතෙන්නේ නැද්ද?
විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකකම මට ලැබුණ කියලා මා විසින්ම මේ පක්ෂය මෙහෙයවන්නෙ නෑ. පක්ෂය මෙහෙයවීමේ කටයුත්ත සිදු කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගිනුයි. එනිසා පක්ෂය තුළ සෑම විටම ශක්තිමත් දියුණු අත්දැකීම් තියෙන මධ්‍යම කාරක සභාවක් තමයි පත් කරන්නෙ. වර්තමානයේදිත් ඒ ක්‍රමය ක්‍රියාත්මක වුණා. මේ නිසා මධ්‍යම කාරක සභාව සමග ඉදිරියට යාමේදී පක්ෂ නායකකම මට පැවරැනා කියලා ලොකු බරක් නෑ. ඒ වගේම පක්ෂය ගොඩනගපු පක්ෂය ශක්තිමත් කරපු සෝමවංශ අමරසිංහ සහෝදරයා නිරතුරැවම අපිත් සමග ඉන්නවා.
පාර්ලිමේන්තුව තුළ විශේෂ කාර්යභාරයක් සිදු කළ මන්ත්‍රීවරයෙක් ලෙසයි ඔබ නම් දරාසිටින්නේ. පක්ෂ නායකකමත් සමග මෙහි වෙනසක් සිදුවේවිද?
කිසිසේත්ම නෑ. පාර්ලිමේන්තුව ඇතුළෙදිත් ජනතාව අතරේදිත් මට එදා කළ භූමිකාවම හෙට දිනයේදිත් සිදුකරනවා වගේම එදා කළාටත් වඩා ශක්තිමත්ව ඉදිරියේදී ඒ දේවල් කිරීම තමයි බලාපොරොත්තුව.
ගෙවී ගිය කාලය දෙස බැලීමේදී දැකගන්නට ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතයේ අඩු වීමක් ?
විශේෂයෙන්ම පසුගිය කලයේ අපේ දේශපාලන තීන්දු තීරණ පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් තිබුණේ නෑ. එනිසා ඔවුන්ට තියෙන්නේ පක්ෂය පිළිබඳව අඳුරැ පැහැති චිත්‍රයක්. ඒ වගේම පක්ෂය තුළ සිදුවුණු යම් සිදුවීම් නිසාත්, ජනතාව යම් කම්පනයකට, බිඳවැටීමකට ලක්වුණා. මෙවැනි කරැණු ඡන්ද ප්‍රතිශතය අඩුවීමට යම් බලපෑමක් එල්ල කළා.
දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ සැලසුම් සකස් කරන්නේ ඔබට පක්ෂ නායකකම ලැබීමට පෙරයි. මේ නිසා වැඩ පිළිවෙළෙහි වෙනසක් සිදුවේවිද?
මේ පළාත් සභා මැතිවරණය සඳහා පසුගිය කාලේ ඉඳලම අපි හොඳ සැලස්මක් සකස් කළා. එනිසා පක්ෂයේ තනතුරැවල වෙනස්කම් සිදුවුණා කියලා වැඩ පිළිවෙළෙහි විශේෂ වෙනසක් ඇතිවෙන්නෙ නෑ. හැබැයි අපි මේ මැතිවරණයට හොඳින් මුහුණ දෙන්න දැන්ම ඉඳලම වැඩපටන් අරගෙනයි තියෙන්නෙ.
ළඟ එන පළාත් සභා මැතිවරණයෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ඉඟි පළවී තිබෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුද?
අප කවර ආකාරයක තීන්දුවක් ගත යුතුද කියලා තීන්දුවක් අරගෙන නැහැ. කෙසේ වෙතත් මේ පාලනය පෙරළා දැමිය යුතුයි. හැබැයි එහෙම පෙරළා දමලා පත්කර ගත යුත්තේ ආදේශකයෙක් නොවෙයි. ඒ පිළිබඳව සැලකිල්ලට අරගෙන තමයි අපි තීන්දු තීරණවලට එන්නෙ.