රාජ්‍ය සේවක දෙවැනි වැටුප් වැඩිවීම ලබන ජනවාරි සිට රු.බි. 110ක් වෙන් කරයි
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය පස්වරු 1.30 ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප සියයට 30කින් ඉහළ නැංවීමට නියමිතය. එය පසුගය අයවැයෙන් පොරොන්දු වූ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනාව අනුව සිදුවෙයි. නව බදු කිසිවක් අය නොකරන බව ජනපතිවරයා දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.
05:50 PM
පාතාලය හා මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ සටනට එක්වන ලෙස ජනපති විපක්ෂයෙන් ඉල්ලයි.
විදෙස්ගතව සිටින ලාංකිකයන්ට නැවත මව් රටට පැමිණෙන්නැයි ජනපතිවරයා පැවැසිය.
05:37 PM
නැවත ජාතිවාදයට හා අන්තවාදයට ඉඩක් නෑ.
ඉතිහාසයේ පළමු වතාවට මහජන මුදල් අවභාවිත නොකළ රජයක දෙවැනි අයවැය ඉදිරිපත් කර තිබෙනවා.
05:30 PM
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 60කින් අඩු කරනවා.
ඉතා වේගයෙන් මුදල් වියදම් කළ යුතුයි.
ජනවාරි සිය යෝජනා සඳහා මුදල් වෙන් කරනවා.
05:26 PM ක්‍රමානුකූලව තිරු බදු නොවන ආනයන බදු ඉවත් කරනවා. නිශ්චිත තීරු බදු අනුපාතයක් ක්‍රියාත්මක කරනවා.
05:23 PM
ආනයනික රෙදි සඳහා සෙස් බදු ඉවත් කර එකතු කළ අගය බදු පනවනවා.
වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බදු නිසිපරිදි අය කරන්නේ නෑ. අලෙවි කරන අවස්ථාවේදි මෙය නිදහස් කරනවා. කිසිඳු නව බදු වැඩි කිරීමක් වෙන්නේ නෑ. නෙගෙවා සිටින අයගෙන් අය කරනවා.
05:19 PM ආනයන පොල්තෙල් හා ෆාම් තෙල් සඳහා සමාජ ආරක්ෂණ බද්ද හා එකතු කළ අගය මත බද්ද ඇතුළත් කරනවා. මෙය 2026 අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක වෙයි.
05:18 PM ලියාපදංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3කින් වැඩිව තිබෙනවා.
05:18 PM තාවකාලික පදනමින් සේවයට බඳවාගෙන ඇති 9800ක රාජ්‍ය සේවකයන් විධිමත් රාජ්‍ය සේවයට ස්ථිර කරනවා.
05:14 PM
උත්වස අත්තිකාරම් මුදල රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා වැඩි කරනවා.
ආපදා ණය මුදල් අත්තිකාරම් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 10000ක් වෙන් කරනවා.
ගුරුවරුන් සඳහා ගෙවන දුෂ්කර වියදම් දීමනා රුපියල් 1500කින් වැඩි කරනවා.
විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරනවා.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ පැය අටක එක් සේවා මුරයකට ගෙවන දීමනාව රුපියල් 7500ක දීමනාව 15000ක් කරනවා. පැය 24ම ගියොත් රුපියල් 45000ක් දක්වා වැඩි කරනවා.
05:10 PM
විශ්‍රාමිකයන්ගේ සංශෝධන වැටුප් ගෙවීමට රුපියල් මිලියන 20000ක්
රාජ්‍ය සේවකයන්ට නව ව්‍යුහයක් යටතේ දේපළ ණය ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මෙහිදි ලක්ෂ 50ක් දක්වා ණය ලබාදෙනවා.
මෙහිදි මුල් ලක්ෂ 30 දක්වා රජයෙන් සියයට 4ක පොලී සිහනයක් ලබෙන අතර ලක්ෂ 30 -50 දක්වා සියයට 2 පොලී සහනයක් ලැබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. අග්‍රහාර රක්ෂණ මුදල රුපියල් 75 සිට 150ක් දක්වා වැඩි කරනවා.
05:04 PM රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ දෙවැනි වැටුප් වැඩිවීම ලබන ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා.
05:04 PM
වැටුප් හා විශ්‍රාම වැටුප් කොඹිෂන් සභාවක් ස්ථාපිත කරනවා.
දායක විශ්‍රාම වැටුප් පිළිබඳ පත්වීම් ලිපිවල කොන්දේසි සංශෝධනය කරනවා. පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම් සංශෝධනය කරයි.
05:02 PM ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සියයට 15ක ඉතුරුම් මත ගෙවිය යුතු පොලී කොටස ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 45700ක මුදල මෙම වසරේදීම ගෙවා දමනවා.
05:00 PM රාජ්‍ය ව්‍යපාර 10ක සේවකයන්ට ව්‍යවස්ථාපිත දීමනා ලබාදිමට 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්. මුලින්ම පාරිතෝෂික ගෙවීම් කරනවා.
04:57 PM
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට අමතර රුපියල් මිලියන 1000ක්.
රාජ්‍ය ආයතන හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්යළි ලබාදීමේ පදනම මත වාහන හා යන්ත්‍රෝපකරණ රුපියල් මිලියන 12500ක් වෙන් කරනවා.
පර්මිට් දෙන්නේ නෑ. කාටවත් පර්මිට් දෙන්නේ නෑ. පර්මිට් සංස්කෘතිය නැවැතිය යුතුයි.
04:54 PM
රාජ්‍ය සේවයට 75000ක් බඳවා ගැනීමට අනුමැතිය දී තිබෙනවා.
බල්ක් වශයෙන් බඳවා ගන්නේ නෑ ගන්නේ නෑ.
පාරේ ඉන්න හැමෝටම කියන්නේ විභාග ලියලා රාජ්‍ය සේවයට එන්න.
04:46 PM
ආයතන 21ක් එකම විශයන් කරනවා ඒකාබද්ධ කරනවා.
පර්යේෂණ ආයතන 14ක් ඒකාබද්ධ කිරිමටත්
ආයතන 13ක් ඈවර කිරිමටත් කටයුතු කරනවා.
04:46 PM
ආයතන 21ක් එකම විශයන් කරනවා ඒකාබද්ධ කරනවා.
පර්යේෂණ ආයතන 14ක් ඒකාබද්ධ කිරිමටත්
ආයතන 13ක් ඈවර කිරිමටත් කටයුතු කරනවා.
04:46 PM
ආයතන 21ක් එකම විශයන් කරනවා ඒකාබද්ධ කරනවා.
පර්යේෂණ ආයතන 14ක් ඒකාබද්ධ කිරිමටත්
ආයතන 13ක් ඈවර කිරිමටත් කටයුතු කරනවා.
04:45 PM
රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනවා. එකම කාර්යයක් වෙනුවෙන් විවිධ ආයතන පිහිටුවා තිබෙනවා.
කාර්ය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දමනවා
එකම සේවය සලසන විවිධ ආයතන ඒකා බද්ධ කරනවා.
සිමෙන්ති සංස්ථාවක් තියෙනවා සිමෙන්ත කිලෝවක් හදන්නේ නෑ. වහන්න ඕන නැත්ද වහනවා.
ක්‍රියාවලිය කඩිනම් කිරිමට මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් පිහිටුවා තිබෙනවා. වසා තැබෙන ආයතන හඳුනාගන්නවා
04:40 PM
නව නිවාස සංවර්ධන ව්යාෘපිතයක් ලබන වසරේදී ආරම්භ කරනවා. ලබන වසර්දී අලුත් ව්‍යාපෘති 21000ක් ක්‍රියාත්මක කරනවා.
මධ්යකාලීන් නිවාස 10000ක් වෙනුවෙන් රුපියල් මිලියන 10200ක් වෙන් කරනවා.
අතරමග නවතා ඇති නිවාස සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරම වෙනුවෙන් රුපියල් මිලියන 15000ක්.
පැරණි මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිමට රුපියල් මිලියන 1180ක්.
කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ගැටලුවක් ඇති අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිමට රුපියල් මිලියන 800ක්.
04:36 PM සුරතල් සතුන් මිය ගිය විට භූමිදානය හා ආදාහනය කිරීම ගැටලුවක් ව තිබෙනවා. වීදි සුනඛයන් රැක බලා ගැනීමේ ස්ථාන වෙනුවෙන් අවශ්‍යතාවක් නිර්මාණය වී තිබෙනවා. මේ සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක්.
04:35 PM
ඝන අපද්‍රව්‍ය මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 8000ක් වෙන් කරනවා.
එක් එක් පළාත් පාලන ආයතන සඳහා රජය විධිමත් දායකත්වයක් ලබා දෙනවා.
2026 අයවැය මගින් පළාත් පාලන අයවැය ශක්තිමත් කිරිමට රුපියල් මිලියන 2500ක්.
04:31 PM
ගුවන් තොටුපොල සංවර්ධන කටයුතු 2026දි ආරම්භ කරනවා.
2026ද නගර සංවර්ධනය විධිමත් ආකාරයෙන් පමණයි.
හඳුනාගත් නගර 10ක් ශක්‍යතා හඳුනා ගැනිම වෙනුවෙන් රුපියල් මිලියන 2000ක්.
මාතලේ නගරයට ප්‍ර වේශවීමේ මාර්ගය මංතීරු 4ක් දක්වා සංවර්ධනය කරනවා.
හැටන් අධික තදබදය අවම කිරීමට නගර සැලැස්ම සූදානම් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500ක්.
රත්නපුර පැරණි නගරයේ රාජ්‍ය ගොඩනැගිලි නව නගරයට ගෙනි යනවා.
04:27 PM
කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරිමට අපේක්ෂා කරනවා.
කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය ඉදි කරනවා.
වරාය මෙහෙයුම් ඩිජිටල් කරනය කරනවා.
04:26 PM
2026දී හරිත හයිඩ්රජන් පද්ධතියක් ස්ථාපිත කරනවා.
බලශක්ති පරිවර්තන පනත ලබන වසරේදී ගේනවා.
ඌණ උපයෝජිත රජයේ ගොඩනැගිලි 2700ක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව සංවර්ධනය කරනවා.
04:12 PM මාර්ග ආරක්ෂණ වැඩසටහනක් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1000ක්
04:11 PM
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කොටසේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1500ක්
කුළුණු මත ඉදිවෙන වරාය අධිවේගී මාර්ගය සමුද්‍රීය මාවත දක්වා දිගු කිරීමේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය වෙනුවෙන් රුපියල් මිලියන 350ක්
04:09 PM
සමස්ත මාර්ග සංවර්ධනයට 2026 දි රුපියල් මිලියන 342000
කඩවත මිරිගම අධිවේගි මාර්ගයට රුපියල් මිලියන 66 150ක්
පොතුහැර සිට රඹුක්කන මධ්‍යම අධිවේගී කොටස වෙනුවෙන් රුපියල් මිලියන 10 500
රඹුක්කන හා ගලගෙදර කොටස දේශීය අරමුදල් වලින් ඉදි කිරීමට රුපියල් මිලියන 20000ක්
කටුගස්තොට සිට ගලගෙදර දක්වා කොටස පුළුල් කිරීම වෙනුවෙන් හා මහනුවරට ප්‍ර වේශවන මාර්ග පුළුල් කිරීමට කටයුතු කරනවා.
කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය ඉදි කිරීමට මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරනව
04:04 PM
මගි ප්‍රවාහනය ශක්තිමත් කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 67000ක්.
දුර ගමන් සේවා බස් රථ 600ක් වෙනුවෙන් රුපියල් මිලියන 3000ක්
ඩිපෝ හා වැඩපොළවල් සඳහා රුපියල් මිලියන 790ක්.
දුම්රිය දෙපාර්මේන්තුවට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300
04:02 PM
නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ඉදි කිරීමට රුපියල් මිලියන 1000ක්
04:00 PM
පානීය ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 85 700ක්.
පානීය ජල පහසුකම් සැපයිමේ ව්‍යාපෘති වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගන්නවා.
03:58 PM
රත්නපුර හා කළුතර ගංවතුර තර්ජනය අවසන් කිරීමට විසඳුමක් සෙවීමට රුපියල් මිලියන 500ක්
නිල්වලා ගඟ හරහා ඉදිරිපත් කර ඇති ලවණ බාධකය සම්බන්ධනේ විසදුම් සෙවිමට රුපියල් මිලියන 1000ක්. වන්දි මුදල් ගෙවීමට රුපියල් මිලියන 1200ක්.
03:56 PM
නීල ආර්ථික ප්‍රවර්ධනය රුපියල් මිලියන 100ක්
වාරි කර්මාන්තයට රුපියල් මිලියන 91 700ක්
පහළ මල්වතු ඔය බහු කාර්ය ව්‍යාපෘතිය කඩිනම් කිරිමට රුපියල් මිලියන 5000ක්
සේනානායක සමුද්‍ර යේ සොරොව්ව කඩිනම් ප්‍රතිසංස්කරණය ඇතුළු අනෙකත් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 8000
එල්ලංගා පද්ධති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 6500ක්
නාගරික ගංවතුර පාලනය වෙනුවෙන් නව සැලැස්මක් සැකසීමට රුපියල් මිලියන 250ක්්
03:53 PM
ධීවර වරායන් සංවර්ධනය රුපියල් මිලියන 1000ක්.
වාලච්චේන ධීවර වරාය සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 350ක්
ධිවර ආරක්ෂාව හා නවීන තාක්ෂණය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.
පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
මසුන් ගැවසෙන් ස්ථාන ධීවර ජනාතාවට දැනුම් දීමට රුපියල් මිලියන 100ක්.
ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනයට රුපියල් මිලියන 100ක්
03:50 PM
බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව ගැන විමර්ශනයක් සිදුකරනවා.
උතුරු පොල් ත්‍රිකෝණයට රුපියල් මිලියන 600ක්.
පොල් වගා කර ඇති අක්කර පහට අඩු පොල් වගාකරුවන් ප්‍රවර්ධනය කිරිමට විධිමත් සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 2500ක්
03:47 PM
වාරි මාර්ග ක්‍රම 100ක් වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්.
කිරි නිශ්පාදන ජාතික වැඩ සටහන වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්,
අභිජනන ඒකක දියුණු කිරිමට රුපියල් මිලියන 1000ක්
මිල්කෝ බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක්
03:43 PM
නවීන වි වේලන යන්ත්‍ර ගොවීන්ට හා සමූපාකාරවලට ලබාදිමට කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
ලොකු ලූණු හා අර්තාපල් හා බඩ ඉරිඟු මිල උච්ඡාවනය අවම කිරීම වෙනුවෙන් ගබඩා කරණය පහසු කිරිමට රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.
දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරිම් අවසන් කිරිමට හා සුර්ය පැන වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
03:39 PM
ක්‍රීඩා පහසුකම් පුළුල් කිරිමට රුපියල් මිලියන 1800ට අමතරව තවත් මිලියන 800ක්.
ක්‍රීඩකයින් 4000කට පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 1163 ක්
03:38 PM
නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් රුපියල් මිලියන 50ක්.
රාජ්‍ය මාධ්‍ය ආයතන රජය මත යැපෙනවා. මෙම ආයතන යථා ත්ත්වයට පත් කිරිමට වෙනුවෙන් රජය පහසුකම් දෙනවා.
ජනමාධ්‍යකරණය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
03:36 PM
අලි මිනිස් ගැටුම ග්‍රාමීය හා ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක්. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නවීන වාහන 294ක් හා නවීන සන්නිවේදන උපකරණ මිලදි ගැනීමට කටයුතු කරනවා.
අත්‍යාවශ්‍ය විදුලි වැට වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
අලිවැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000ක් වනජීවි අමාත්‍යාංශයට අනියුක්ත කරනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැටුපට අමතර දීමනාවක් දෙනවා.
අලින්ට අවශ්‍ය ජල පහසුකම් ල බාදිමට රුපියල් මිලියන 80ක් වෙන් කරනවා.
තවත
03:33 PM
2026දී ත්රීෙපා්ෂ වැඩසටහන හා ගැබිණියන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ශක්තිමත් කරනවා.
කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය වැඩි කිරිමටත් කාන්තා ව්යවවාසායකයන් සවිබල ගැන්වීමට රුපියල් මිලියන 200ක්
කාන්තා අභිවෘද්ධි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 200ක්.
විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හා විදෙස්ගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙම වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
03:31 PM ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 2400ක් හා ග්‍රාමිය පාලම් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
03:29 PM
වතු සමාගම්වල ගිවිසුම් 2042දී අවසන් වීමට නියමිතයි. නිසි පරිදි නඩත්තු නොකරන්නේ නැන්තම් 2042දී ඒවා රජයට පවරා ගන්නවා.
03:26 PM වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1350 ලබන වසරේ ජනවාරි සිට 1550ක් දක්වා වැඩි කිරිමට යෝජනා කරනවා. රජය විසින් පැමිණීමේ දෛනික දිරි දිමනාව ලෙස රජය විසින් රුපියල් 200ක් ගෙවනවා. එවිට වැටුප රු 1750ක් දක්වා වැඩිවෙනවා.
03:25 PM ප්‍රජා ශක්ති සභා වෙනුවෙන් රුපියල් මිලියන 4250ක ප්‍රතිපාදන වලට අමතරව තවත් මිලියන 20750ක් දක්වා වැඩි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් වෙනුවෙන් රුපියල් මිලියන 10 බැගින් වෙන් කරනවා.
03:22 PM
ප්‍රජා විද්‍යාත්මක දත්ත සමීක්ෂණය 2016 සිට කර කර නෑ. එම සමීක්ෂණයට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
දඹුල්ල හා දෙනියාය රෝහල් නැවත ස්ථාපිත කිරිමට රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා. වසර තුනක් ඇතුළත කටයුතු අවසන් කරනවා.
03:20 PM
ආරෝග්‍යා මධ්‍යස්ථාන ඇති කිරීම වෙනුවෙන් 2026 දි රුපියල් මිලියන 1500ක්.
මූලික රෝහල් සංවර්ධනය කිරීමට වසර පහක් ඇතුළත රුපියල් මිලියන 32000ක්.
ජාතික හෘද රෝග ඒකකය අරම්භ කරීම වෙනවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. සමස්ත ආයෝජනය රුපියල් මිලියන 12000යි.
තැලසීමියා රෝගීන්ට දෙන රු. 500 සිට 5000 දක්වා ගෙවන පළාත් සභා වෙනුවෙන් ගෙවන මුදල වෙනුවට වෛද්‍ය නිර්දේශ මත රුපියල් 10000ක් ලබාදීමට රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
03:16 PM
අධ්‍යාපන ඩිප්ලොමාධාරීන්ට රුපියල් 2500ක් දක්වා දීමනා වැඩි කරනවා.
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වෘත්තීය පුහුණු අධ්‍යාපාන ආයතන 9ක් වැඩි කිරිම ඇතුළු වෘත්තීය පුහුණු අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රුපියල් මිලියන 9000ක්වෙන් කරනවා.
03:14 PM
සිසුන්ගේ පොදු පහසුකම් වැඩි කිරිමට රුපියල් මිලියන 2500ක්.
වෛද්‍ය පීඨ වෙනුවෙන් රුපියල් මිලියන 11000ක්.
සරසවි පහසුකම් වෙනුවෙන් මිලියන 11500ක්.
මහපොළ දීමනාව රුපියල් 2500කින් වැඩි කරනවා. රුපියල් 10000 දක්වා වැඩිවෙනවා. අපි එනනොකට 5000යි ලබන වසරේදී 10000යි. ශිෂ්‍යධාර දීමනාව රුපියල් 9000ක් දක්වා වැඩි කරනවා. ගුරු සිසුන් වෙනුවෙන් දෙන දීමානාව රුපියල් 2500කින් වැඩි කරනවා.
උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් රුපියල් 5000ක් දෙනවා. මෙය මහ පොළට
03:11 PM
2025 වසරේදී සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6000 දීමනාව 2026 දි ලබා දෙනවා. අස්වැසුමෙන් රුපියල් මිලියන 9000ක් වෙන් කරනවා.
ආබාධ සහිත දරුවන් පාසල්වලට යොමු කිරිමේ අරමුණින් එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් ලබාදිමට රුපියල් මිලියන 50ක් වෙන් කරනවා.
03:10 PM
පෞද්ගලික අංශයෙට ආබාධ සේවකයන් බඳවා ගන්නවා නම් රුපියල් 15000ක් දක්වා වැටුපෙන් උපරිමයට යටත්ව වසර දෙකක් රජයෙන් ගෙවීම් කරනවා.
ඔටිසම් සහිත දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
03:09 PM
පර්යේෂණ ප්‍රතිඵල වාණිජ කිරීම වෙනවෙන් ජාතික සභාවක් ස්ථාපති කරනවා. පනත 2026දී ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කරනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6500ක් වෙන් කරනවා.
රටම එකට ජාතික මෙහෙයුමට රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
ආබාධිත සහිත ප්‍රජාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. රුපියල් මිලියන 19000ක් වෙන් කරනවා.
ආබාධිත ප්‍රජාවගේ ප්‍ර වේශවිම් සහතික කිරිමට රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.
රජයේ සේවයේ සියයට 3ක් ආ
03:03 PM
පාසල්වලට කෘතිම බුද්ධිය හා ක්ලව්ඩ් පද්ධති වෙනුවෙන් රුපියල් මිලියන 750ක් වෙන් කරනවා.
අස්වැසුම පවුල්වල ලාභීන්ට බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් වව්චර ලබා දිමට කටයුතු කරනවා.
නව සන්නිවේදන කුළුණු වෙනුවෙන් අය කරන බද්ද වසර පහකට නිදහස් කරනවා.
ඩිජිටල් කටයුතු වෙනුවෙන් අග්නි ආයෝජන ප්‍රවර්ධන අරමුදලක් පිහිටුවනවා. ඒ සඳහා රුපියල් මිලියන 1500ක් වෙන්කරනවා.
වර්චවල් ආර්ථික කලාපයක් නිර්මාණය කරනවා.
02:58 PM
මාර්ගගතව රජයේ ආයතනවලට ගෙවීම් කිරිමේදි සේවා ගාස්තු අය කරන්නේ නෑ. කිව් ආර් හරහා ගෙවිම් කිරීමේදී රුපියල් 5000ට අඩු ගෙවීම් සදහා රජයේ ගාස්තු අය කරන්නේ නෑ.
02:57 PM මොන කුමන්ත්‍රණ කළත් පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 තුන්වැනි කාර්තුවේ නිකුත් කරනවා. 2025 පළමු කාර්තුවේ ලංකා පේ මාර්ග ගත ක්‍රමය හරහා රුපියල් බිලියන 2000ක ගනුදෙනු වෙලා තිබෙනවා. සියලු රජයේ ගෙවීම් සඳහා මාර්ග ගත ගෙවීම් හරහා කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන ගෙවීම් කිරීමේදී සේවා ගාස්තු අය කරන්නේ නෑ. මෙය සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 1000ක් හා තවත් 500ක් වෙන් කරනවා.
02:54 PM
ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25500ක් වැය කරනවා.
ඩිජිටල් යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා.
ඩිජිටල් හැඳුනුම්පත 2026 මුලදී දැනුවත් කිරීම් ක්‍රියාත්මක කරනවා.
2026 තුන්වැනි කාර්තුවේ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කරනවා.
02:50 PM අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා. අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කරනවා. නවිනතම ගුවන් තොටුපොළ පහසුකම් වෙනුවෙන් ලබන වසරේ පළමු කාර්තුවේදී කටුනායක පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරනවා. ශ්‍රි ලංකන් ගන්න කවුරුත් නෑ. විකුණන්නත් මීට වඩා දියුණු කරන්න වෙනවා. සැලසුම් සකස් කර තිබෙනවා. එය වෙන්නේ නැත්නම් තීරණයක් ගන්නවා.
02:47 PM බේරේ වැව සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 2500්ක් වැය කරනවා.
02:47 PM 2030ට සංචාරක කර්මාන්තය ලක්ෂ 8ක ශ්‍රම බලකායක් අවශ්‍ය වෙනවා. මෙම පරතරය පියවිමට දිවයින පුරා පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණුව වෙනුවෙන් කෙටි කාලින ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ වෙනුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියෙන් රු.මි. 500ක් වෙන් කරනවා.
02:45 PM ස්වාභාවික සෞන්දර්ය සංචාරක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් සංචාරක සංවර්ධන අධිකාරියෙන් වෙන්කරනවා. හපුතලේ ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත්කරනවා. රජයේ සංචාරක බංගලා පෞද්ගලික අංශයත් සමග එක්ව ආදායම් උත්පාදනය කරන ආයතන බවට පත්කරනවා.
02:42 PM සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පොලී වෙනුවෙන් ණය ලබාදිමට රුපියල් මිලියන 25000ක්, තවත් රුපියල් මිලියන 5000ක්. ඔඩපණ ණය වෙනුවෙන් රුපියල් මිලියන 15000ක් වෙන් කළා. තිරසාර ගොවි ණය අරමුදලක් පිහිටුවීමට රු. මිලියන 800ක්. සියලු ණය යෝජනා සඳහා වෙනුවෙන් මුදල් වෙන්කර තිබෙනවා. මේ සඳහා 2026දී රුපියල් මිලියන 80000ක ණය පහසුකම්.
02:40 PM
කර්මාන්ත කලාප වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1000ක්.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දායි ණය යෝජනා ක්‍රම වෙනුවෙන් ඇප රහිත ණය ලබාදීමට දුන් පොරොන්දුව අපි ඉටු කර තිබෙනවා.
2026 දි වසරේදී ඇප රහිත ණය වෙනුවෙන් රුපියල් මිලියන 7000ක සුරැකුමක් දෙනවා.
02:37 PM
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 250ක්.
අපනයන නැඹුරු ව්‍යවසායන් වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් සඳහා රුපියල් මිලියන 250ක්.
ජාතික තනි වෙළඳ කවුළුව පහසුකම් වැඩි දියුණු කිරීමට රු. මිලි 2500ක්
02:34 PM විදේශීය ආයෝජකයන්ට නේවාසික වීසා ලබාදීමට ක්‍රමවේදයක්. ඉඩම් පරිභෝජනය කරන සැලැස්මක් සකස් කරනවා.
02:26 PM මේවර අයවැය හිගය 5.2ක් දක්වා අඩු කර ගන්නවා. වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය ප්‍රතිෂ්ඨාපනය කරනවා.
02:26 PM මේවර අයවැය හිගය 5.2ක් දක්වා අඩු කර ගන්නවා. වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය ප්‍රතිෂ්ඨාපනය කරනවා.
02:24 PM 2024 මුල් මාස 9ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 9දී බිලියන 900කින් රාජ්‍ය ආදායම වැඩි වෙලා තිබෙනවා. කොටස් වෙළදපොළ වේගවත් වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. පාලකයන් නීතිය කඩනවානම් මහජනතාවට නීතියට යන්න අවස්ථාව තිබෙනවා. බදු ගෙවන හැම රුපියලක්ම විනිවිද භාවයෙන් වියසම් කරනවා.
02:20 PM ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ඇති කරනවා. 2026දි රාජ්‍ය ආයෝජනය සියයට 4ක් දක්වා වැඩි කරනවා. පුනරාවර්තන වියදම් අඩු කරමින් ප්‍රාග්ධන වියදම් වැඩි කරනවා. ක්‍රමිකව රාජ්‍ය ආයෝජනය වැඩි කළ යුතුයි. විරැකියාව සියයට 3.8ක් දක්වා අඩුව තිබෙනවා. භාණ්ඩ අපනනයනය මුල් මාස 9 දී වැඩිවුණා. සේවක ප්‍රේෂණ වැඩිවුණා.
02:15 PM ආර්ථිකය ගමට රැගෙන යා යුතුයි. ග්‍රාමීය ජනතාව සවිබල ගැන්විය යුතුයි.
02:11 PM ලබන වසරේදී වාහන සදහා විශාල වැය බරක් දන්න වෙන්නේ නෑ. 2027දී තවත් අඩු වේවි. 2028 බලයේ ඉන්නෙත් අපි ණය ගෙවන්නෙත් අපි.
02:09 PM ණය ගෙවීම් ගැන බියවිය යුතු නෑ. එය කළ හැකියි. 2028දි ණය ගෙවිම් ආරම්භ කිරීමට තිබෙනවා. 2024දී ඩොලර් මිලියන 1624ක් ණය සේවා කරණ ගෙවිම් ගෙව්වා. මේ වසරේදී 2435 ණය ගෙවීම් කිරිමට සිදුකරනවා. 2024ට සාපෙක්ෂව අපි වැඩි පංගුවක් ගෙවා තිබෙනවා. 2028දී ගෙවීමට ඇත්තේ ඩො.මි. 3259ක් පමණයි. 2025ට සාපෛ්ක්ෂව අපිට වැඩියෙන් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 824ක් පමණයි. අපි ඒක ගෙවනවා. බය වෙන්න එපා.
02:03 PM ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025-2029 මගින් වෙළඳපොළවල් පුළුල් කර ගැනිමට කටයුතු කරනවා. නව නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළැඹීමට කමිටුවක් පත්කර තිබෙනවා. ජාතික තනි වෙළඳකවුළුව ඇති කරනවා.
02:00 PM අර්ථිකයේ වේගවත් පිම්මක් පැනීමට අපේක්ෂා කරනවා. අභියෝග ජයගමින් ඉදිරියට යාමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා. සියයට 7 ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා.
01:59 PM පිරිවැය නිරූපිත බලශක්ති මිල ක්‍රමය (මිල සූත්‍රය) අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනවා. සහනාධාර දෙනවානම් භාණ්ඩාගාරය ලබා දිය යුතුයි. දූෂණයට අනුබල දෙන ජාල අක්රීයකරනවා. මුදල් විශුද්ධීකරණයට එරෙහි නීති ශක්තිමත් කරනවා. මොන අර්ථකතන කළත් නීතිය ක්‍රියාත්මක කරනවා. මහජන දේපළ සොරාගන තිබෙනවානම් නීතිය ක්‍රියාත්මක කරනවා.
01:55 PM රාජ්‍ය ව්‍යවසායන් සඳහා නව පනතක් හඳුුුුුන්වා දෙනවා. ලබන වසරේ මුල් භාගයේ ඒම පනත ඉදිරිපත් කරනවා. බදවා ගැනීම් සිමා කරනවා. ණය ගැනීම සිමා කරනවා. රාජ්‍ය වත්කම් අධීක්ෂණ නියාමන රාමුව ඉදිරිපත් කරනවා.
01:54 PM ගජමිතුරන්ට බදු සහන දීම අවසන් කළා.නිර්නායක මත බදු සහන ලබාදිම ආරම්භ කළා. වරාය නගර පනත හා ක්ර මෝපාය සංවර්ධන පනත සංශෝධනය කරනවා.
01:52 PM අධිකරණ නිලධාරින් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුුුුුන්වා දෙනවා. ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. 2025 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 823ක සෘජු විදේශ ආයෝජන පැමිණ තිබෙනවා.
01:49 PM රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය නවීකරණය කිරීම අත්‍යාවශ්‍යයි. රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානය කරනවා. ආකර්ශණීය රාජ්‍ය සේවයක් ගොඩනගනවා.
01:46 PM 2019දී තිබූ ආර්ථික තත්ත්වයට මේ වසර අවසන් වන විට රට පත්වෙනවා. සියලුම ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා තිබෙනවා.
01:43 PM මධ්‍යම රාජයේ ණය ප්‍රමාණය සියයට 98.6ක් දක්වා 2026දී අඩුවෙනවා. 2030දී එම අගය සියයට 87ක් දක්වා අඩුවිමට සැලසුම් කරනවා.
01:41 PM රාජ්‍ය අදායම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 16ක ළගා වෙනු ඇතැයි මේ වසරේදී අපේක්ෂා කරනවා. ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය මේ වසරේදී වාර්තා වේවි.
01:39 PM
ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. 2025 වසරේ පළමු භාගයේදී සියයට 4.8කින් වර්ධනය වී තිබෙනවා. උද්ධමනය ධන අගයකට ඇවිත් තිබෙනවා. උද්ධමනය සියයට 5ක මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරනවා.
01:38 PM ජනපති අයවැය කථාව ආරම්භ කළේය. අපි ජනවරම ලැබූ මොහොතේම සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, දූෂණය තිත තබමින් විනිවිද භාවය ඉහළ නැංවීමට පුළුල් ප්‍රතිසංස්කරණ ආරම්භ කළා.
01:32 PM අයවැය ඉදිරිපත් කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලමේන්තුව රැස්වෙයි.
01:13 PM අයවැය සඳහා එක්වීමට පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට සභාවට පැමිණෙමින් සිටියි.
12:20 PM 2026 අයවැය ලේඛණය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
12:07 PM අයවැයට පෙර කැබිනට් හමුව ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
