ගම්පහින් තවත් කෝවිඩ් ආසාදිතයින් 492ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 69 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (25) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 492 කු හදුනාගෙන තිබිණි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරන අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මීරිගම කොට්ඨාසයෙන් - 64 ක්, ජාඇල - 53 ක්, මහර - 51 ක්, බියගම - 50 ක් , සීදූව - 41 ක්, කැලණිය - 36 ක්, අත්තනගල්ල - 34 ක්, වත්තල - 27 ක්, මිනුවන්ගොඩ - 24 ක්, දොම්පෙ - 16 ක්, රාගම - 12 ක්, මීගමුව සහ කටාන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 6 දෙනෙකු බැගින් සහ දිවුලපිටිය තිදෙනෙකු වශයෙන් සිදුව ඇත.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 60,967 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 288 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති අතර කොරෝනා ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 165 දෙනෙකු රෝහල් ගත කොට ඇත.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 12,890 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
