ගම්පහ කොරෝනා ආසාදිතයින්ගේ යළි වැඩිවීමක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට පැය 24 ක් තුල කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 92 ක්, දොම්පෙ - 74 ක්, වත්තල - 71 ක්, මහර - 66 ක්, ජාඇල - 63 ක්, සීදූව - 55 ක්, අත්තනගල්ල - 53 ක්, ගම්පහ - 52 ක්, කැලණිය - 51 ක්, දිවුලපිටිය - 40 ක්, මීරිගම - 33 ක්, මිනුවන්ගොඩ - 23 ක්, කටාන සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 21 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 341 දෙනෙකු ගතවූ පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 176 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 31 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 24 ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,298 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
