ලාංකිකයන් 339ක් දිවයිනට
විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු අද (30දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අලුයම 4.00 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන ඩුබායි සිට අලුයම 1.06 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අලුයම 5.27 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් සියලු දෙනාම එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
ටී.කේ.ජී. කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

