saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2431 hours ago

LATEST

හම්බන්තොට මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිිය නොදන්වා රට ගිහින්

calendar_today 2024 මාර් 15 - 14:20 remove_red_eye - 533  

හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 ) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා ඇති වී ඇති බව හම්බන්තොට රෝහලේ කාර්‍ය මණ්ඩලය කියයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අද (15) දිනයේත් දිස්ත්‍ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාළගුණ විද්‍යා ‌දෙපාර්ථමේන්තුව දන්වා සිටිනවා.

Read More

ටුනා මසුන් සදහා සහතික මිලකුත්, බහු දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු සදහා පිළිගත් ප්‍රතිපත්තියකුත් අවශ්‍ය බව බහු දින යාත්‍රා හිමියන් ඉල්ලයි.

Read More

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රහණ සහිත සහයෝගීතාව යන මූලධර්මවලට අනුකූලව දෙරට සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට යොමුකරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.

Read More

ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190 සිට 175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .

Read More

රටේ පවතින ලොකු ලූනු හිගයට පිළියමක් ලෙසඑළඹෙන යල කන්නයේ වී අස්වනු නෙළා ගත් පසු මිණිපේ මහා වාරි ව්‍යාපාරයේ 03හා 04 පියවර තුළ ලොකු ලූණු වගා කිරීම සුදුසු බව මිණිපේ කන්න රැස්වීමේදී තීරණය වී තිබේ .

Read More

මම IMF එකත් එක්ක විපක්ෂයට සාකච්ඡාවක් ඉල්ලුවා කියල මට චෝදනා කරන්න කලින් මම පාර්ලිමේන්තුවේ කිව්වේ මොකක්ද කියල හරියට නැවත වරක් බලන්න. මම කරපු ඉල්ලීම මේ වීඩියෝවේ තියනවා. ඒ ඉල්ලීම අකුරක් නෑර මෙහෙමයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි.

Read More

උඩවලව ජලාශයේ සිට ඇඹිලිපිටිය හරහා අගුණකොළපැලැස්ස දක්වා වන, වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ, වසර පනහකට පසු පුනරුත්ථාපනය කෙරේ.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් තීරණය කර තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම අද 14දා සලකා බැලූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Read More

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Read More

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කොට ඇත.

Read More

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

Read More

කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා පියද තම ගෙල කපාගෙන මේ වන විට රෝහල්ගතව ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එවන් තත්ත්වයක් තුළ යම් ප්‍රදේශයක ගිනි ගැනීමක් සිදු වූ විට එය කඩිනමින් පැතිර යන බවත් මේ නිසා මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි‍.

Read More

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති ‍ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය.

Read More

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් පිරිසක් ඉකුත් හත්වෙනිදා සභාපතිවරයා ඇතුළු විධායක නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (13) වෙනිදා සේවකයින් 13 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට සිදුවූ බව ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.

Read More

සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පෞද්ගලික නිවසක තිබූ රේසින් වර්ගයේ පාපැදියක් ඇතුළු දේපළ තොගයක් සොරාගත් පුද්ගලයෙකු සොරා ගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

Read More

මධ්‍යම කදුකරයට මාසයකට ආසන්න කාලයක් තිසසේ පවතින වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම 25% දක්වා පහත බැස තිබේ.

Read More

අද 14දා පෙරවරු 07.45 ට පමණ තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

Read More

දෙහිවල, ජාතික සත්වෝද්‍යානයට අයත් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටි සීබ්‍රා සත්වයෙකු අසනීප තත්වයෙන් දෙහිවලට ගෙනවිත් සිටියදී හදිසියේ 13 රාත්‍රිය මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග කියා සිටී.

Read More

පොල් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඉඩ ඇති සෑම භූමි ප්‍රමාණයකම පොල් වගා කිරීමට රාජ්‍ය නිලධාරීන් පියවර ගන්නා ලෙසත් මේවායෙහි ඵලදාව කවුරුන් ගත්තද ප්‍රශ්ණයක් නොවන බව පැවසූ දිසාපතිවරයා , වගාකිරීම පිනිස අවශ්‍ය පොල් පැල පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

Read More

ව්‍යාජ ලේඛන යොදාගෙන ප්‍රතිදේහ එන්නත් සපයා වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයෙක් අත්අඩංගුව ගෙන තිබේ.

Read More

අළුබෝමුල්ල බටදොඹතුඩුව නිවසකින් රුපියල් ලක්ෂ 17 කට ආසන්න වටිනා මුදල් සහ රන් ආභරණ සොරාගෙන සි සි ටි වි කැමරා පද්ධතියේ ඩි වි ආර් යන්ත්‍රය ද රැගෙන ගොස් ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි.

Read More

ලබන වසරේ සිට ක්‍රමානුකූලව මෝටර් රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෝටර් රථ ආනයනයට මේ අවස්ථාවේදී අවසර ලබාදුනහොත් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි. තරුණ හමුවක් අතර තුර ජනපතිවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පසුගිය වසර තුළදී ක්ෂය රෝගීන් 9358 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර එය මෑත කාලය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.