saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2294 hours ago

LATEST

වාහන ආනයන සීමා ඉවත් කිරීමට විශේෂ කමිටුවක්

calendar_today 2024 අප්‍රේ 15 - 16:28 remove_red_eye - 712  

මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව

අද දින දහවල් කාලයේ තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍ර දේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණ අඹුසැමි යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 4 ක් තුළ අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් මිලියන 150 ක ආදායමක් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා සඳහන් කරයි.

Read More

වෙඩි වැදුණු සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති අතර මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න තවම අනාවරණය වී නොමැති බවත්

Read More

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේදී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පුස්සැල්ලාව පොලිස් වසමේ, කටුකිතුල ප්‍ර දේශයේදී නුවරඑළිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ වෑන් රථයක්ප්‍ෙරපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුළත් කර කර තිබේ. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් රිදීගම පදිිංචි වයස අවුරුදු 02 ක පිරිමි දරුවෙකු හා අවුරුදු 65 ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික නැකත අද (15දා) යෙදි තිබේ. මෙහි ජාතික උත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ මත්ද්‍රව්‍ය අලෙවියේද නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි.

Read More

ගතවූ දෙවසර තුළ මෙරට ඉංජිනේරුවන් 5000ක් පමණ රට හැර ගොස් ඇතැයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කරයි

Read More

රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

Read More

සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය අසලදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියෙකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් විශාල වශයෙන් ජනතාව එක්වන පරිදි සංවිධානය කෙරෙන අළුත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ආදිය සඳහා එක් රොක් වන මහජනතාවගේ ආරක්ෂාවට විශේෂ පොලිස් ආරක්ෂාවන් සපයන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

Read More

ගාල්ල සිට ඇල්ල වැල්ලවාය හරහා හපුතලේ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද 13 හපුතලේ බණ්ඩාරවෙල උඩපාර ඔත්තෙකඩේ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් හය දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම ඊයේ (13) දිවයින පුරා සිදු කෙරිණි.

Read More

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි 38 හැවැරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් 04/12 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

එම වන අලියා මඟුල්දමන ගම්මානයේ තවත් නිවාසකට හානි සිදුකර ඇති බවත් ගම් වැදුන වන අලියා පලවා හැරීමට ගම්මුන් විශාල ප්‍රයත්නයක් දරා ඇති බව සඳහන් වේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ 04/12 උදෑසන 09.00 සිට 04/13 දින උදෑසන 09.00 පැය දක්වා ’’ අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රා 02 ක සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි .

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් හෙට දිනයේදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269 ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

මියන්මාරයේ සයිබර් ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවගෙන සිටියදී බේරාගත ශ්‍රී ලාංකිකයන් 8 දෙනා බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගත් බවත් ඔවුන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් දුම්රියෙන් වැලිකන්ද පුල්ලියාරඅඩි ප්‍රදේශයේදී 11 වෙනිදා සවස 3.00ට පමණ අවුරුදු දොළහක දැරියක් කෝච්චියෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ආනයනය කර, රේගුවට තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/11 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.‍

Read More

වෙළඳපොළ තුළ යළිත් බිත්තර මිල ඉහළ යාමක් සිදුවුවහොත් රජය නැවත වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තම නම නොතිබුණත් පොහොට්ටු ලකුණ අනිවාර්යෙන් දැකගත හැකි වන බවත් පොදු ජන පෙරමුණ අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බවත් එම අපේක්ෂකයන් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .

Read More

අද (11දා) සිට මේ මස 15 දින දක්වා කාලය තුළදී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(අනාවැකි ) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය. මෙම කාලය තුළදී නැගෙනහිර සහ ඌවපළාත්වලට දවස ඕනෑම අවස්ථාවක වැසි ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි බලා පොරොත්තුවන බවත් හෙතෙම පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.