saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2173 hours ago

LATEST

රජය ඉල්ලීමක් කළොත් රුසියාවේ හමුදා සේවයට ගිය ලාංකිකයන් සතියකින් ගෙන්වනවා

calendar_today 2024 මැයි 12 - 22:29 remove_red_eye - 530  

රජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (12දා) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රෙයේදී මාධ්‍යවේදීන් ඇසූ ප

සාලියවැව යාය හතේ බිළිඳාගේ මරණයට හේතුව කැරට් අල කැබැල්ලක් ස්වාසනාලයේ සිරවීමෙන් සිදුවූවක් බවට ඒ පිළිබඳව 12 දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාලියවැව පොලීසිය පැවසීය.

Read More

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක්. රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් සමඟ ඇතිකරගත් කොන්දේසි ද නීතියක් ලෙස ගෙන එනවා. රටේ අනාගතය වෙනුවෙන් මෙම නීති සම්මත කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය

Read More

ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල නායයාමේ අවදානම අවම කිරීමේ දීර්ඝකාලීන පිළියම් අද 12 දින සිට ආරම්භ කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

Read More

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ නිළධාරීන් විසින් 12 දින අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණිකතත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට අද 12 සවස හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටී එක් මං තීරුවකට වඩා වැඩි කොටසක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. රටේ සියලු‍ ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇත

Read More

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබේ.

Read More

මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී හිටපු ජනපතිවරයා මෙම ඉල්ලා අස්විම ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇත බව වාර්තාවේ.

Read More

රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා සතු රිවෝල්වරය පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලන් ලැබි ඇතයි රත්නපුර පොලිසිය පවසයි’

Read More

කළුතර බන්ධනාගාරයේ රදවාසිටී තරුණ රැඳවියෙකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

Read More

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

බෝම්බ සහ ජීව උණ්ඩ තොගයක් ළදරු කිරි බෝතල් බහාලුමක සඟවාගෙන සිටි වැලිපැන්න නවුත්තුඩුව කොලහෑකඩ ප්‍රදේශයේ සංචාරක මාර්ග උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

Read More

තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කිරිමට අවසර නොදෙන බවත් මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

තායිලන්ත රජුගේ උපන් දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධාගමිකයන් වෙනුවෙන් ඉදිරි ජුනි මාසයේදී දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ලබා දීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද 05/11 දින එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

Read More

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

Read More

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක්. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි- ජනපති.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේදි කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා ඉහළ නැංවිමට දැනට යෝජනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු- මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවම් වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. 5 කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් 10 දින රාත්‍රී දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

Read More

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වී ඇති නාය යාම දැනට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ තව දුරටත් සක්‍රීය වීම. නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති හෙයින් ආරක්ෂිත උපදෙස් ක්‍රියා මාර්ග ගන්නා ලෙසට අදාළ වගකිවයුතු සියලුම අංශ අද (10) පස්වරුවේ දැනුවත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්‍යඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවාය .

Read More

සම්මානනීය පුවත්පත් කතුවරයකු මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙස දසක පහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටි ඒ.ඩී. රංජිත් කුමාර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය.

Read More

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.