saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1977 hours ago

LATEST

සිරකරුවන්ගෙන් ගුටි කෑ සිරකරුවෙකු මියයි

calendar_today 2024 ජුනි 27 - 15:26 remove_red_eye - 524  

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සිරකරුවකු ඊයේ (26)දින රාත්‍රි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

ඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථය ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය කියයි.

Read More

නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ජූනි මස 25 වැටලීම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Read More

ජූලි 01 සිට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්- කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .

Read More

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව දින 24 ක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින කිලිනෙච්චිය පොලීසියට භාර වී ඇත්තේ තමන් කිසියම් පිරිසක් විසින් පහරගෙන ගොස් වදහිංසා සිදුකල බව පවසමිනි.

Read More

මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 05වැනිදා සිට අගෝස්තු මස 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය .

Read More

මුහුදු බඩ දුම්‍රිය මාර්ගයේ ඉදුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී අද (27) උදේ පැය හතරක් පමණ ඇතුළත මීටර් සියයක් අතර දුරකදී දෙදෙනෙකු දුම්රියේ හැපී මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව, රජයට අයත් වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට නියමිතය.

Read More

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද(27දා) සිට 30 වැනි දින දක්වා දින 04 ක් සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බවත්, වසර 61 ක ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය බවත් ග්‍රාමනිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ගෙවී ගිය මාස 03ක කාලය සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ගෙවුණු දින 25 තුළදී වාර්තා වී තිබෙන අතර, මේ මස 01වන දින සිට 25 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,719ක් වාර්තා වී තිබේ.

Read More

පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පහසුවෙන්ම කඩුලු 9කින් ජයග්‍රහණය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

ඊයේ (26දා) දිනයේ විවෘත කළ ඩෙන්ඩර්වලට අනුව අඩුම ලංසුව ඩොලර් ශත පහකටත් අඩුවෙන් විදුලි ඒකකයක ලබා දීමට ඉදිරිපත් වී තිබෙන බවත් මේ අනුව මෙම අවම ලංසුවත් ඉන්දීය සමාගම ඉදිරිපත් කර තිබෙන ලංසුවත් අතර විශාල මුදලක වෙනසක් තිබෙන බවත් ඒ හරහා රටට විශාල පාඩුවක් සිදුවන බවද සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීමෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළැයි සඳහන් කරමින් පවරා ඇති නඩු විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වන බව අද (26දා) ප්‍රකාශ කළේය.

Read More

කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන් ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනාවා හුණුවටයේ කතාවේ මෙන්ම දරුවා රැක ගන්න කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. නිවරැදි තීරණය ගැනීමෙ අයිතිය ජනතාව සතුයි

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව අද (26දා) නිල වශයෙන් දන්වා සිටියේය.

Read More

’රනිල් තමයි මිනිහා’ යන මතයක් ජනතාව තුළ ගොඩනැගී ඇති බව ද රණතුංග මහතා ප්‍රකාශ කළේය. සුබ පණිවිඩය දරාගත නොහැකි පාර්ශ්ව විසින් රට පුරා වර්ජන රැල්ලක් කරගෙන යන බවත්, වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් පවතින මොහොතක මෙවැනි වර්ජන සිදු කරන්නේ රටට ආදරයක් නොමැති කුහකයන් බවත්, ඒ පිටුපස දේශපාලන පක්ෂ සිටින බවත් අමාත්‍යවරයා කීවේය.

Read More

ශ්‍රී ලංකාව ඊයේ (26දා) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.

Read More

චීනයේ ‘චන්ග්අ 6’ අභ්‍යවකාශ යානය යළි පෘථිවියට ළඟාවෙයි. එම යානයේ ආපසු පැමිණීමේ කොටස චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ නියමිත ප්‍රදේශයට ගොඩබැස ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි. චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ‍පළමු සාම්පල එම යානය මගින් රැගෙන ඒම විශේෂත්වයකි.

Read More

අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවත් ඒ හරහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් 2028න් පසුව පාසල්වලට එක්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය පහත පරිදි වෙයි.

Read More

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු තුළ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 06/25 දින අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින ’’ ජාකොබ් පුතා’’ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 06/25 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කුකුළු මස් හා බිත්තර ආහාරයට ගැනීමේදී හොඳින් පිස ආහාරයට ගන්නා ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිශ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටියි.

Read More

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (26) විරෝධතා පා ගමනට එල්ලකල ජල හා කදුළු ගැස් ප්‍රහාරයන්ට විරෝධය දක්වා හෙට(27) දිනයේදි අසනිප නිවාඩු වාර්ත කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සදහන් කරයි.

Read More

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.