saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10936 hours ago

LATEST

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස්වන දිනය අදයි

calendar_today 2019 ජුනි 28 - 19:00 remove_red_eye - 404  

ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පස් වන දිනය අදයි.

සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන විනයගරුක සහ සාමකාමී රටක් ගොඩනැඟිමට දැයේ සියලූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුලූ සංවිධාන රැසක් තීරණය කරයි.

Read More

බෝම්බ ,ප්‍රහාර ,වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව සටන ඉදිරියටම ගෙනයන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ගාල්ල ශ්‍රී ලංගගගම ඩිපෝවෙන් ටිකට් යන්ත්‍රයක් සොරකම්කරගෙන මගීන්ට ව්‍යාජ ටිකට්පත් නිකුත් කොට රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරිම සම්බන්ධයෙන් ගාලු ඩිපෝවේ කළමනාකරු ඇතුලු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කල බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශිය කළමනාකාර කාර්යාලය පවසයි.

Read More

හෙට (29) දිනය තුළ දී පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වලක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඊෂිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් පැකට් දුරකථයෙන් දන්වන ස්ථානයන්හි සඟවා යන ප්‍රධානපෙළේ හෙරොයින් බෙදාහරින්නෙකු බදුල්ල උඩුවර අතුරු මාර්ගයකදී රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෙරොයින් පැකට් 60ක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව බදුල්ල දිසා පොලිස් විෂමත්ද්‍රව්‍ය ඒකකය පවසයි .

Read More

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බව ද අවධාරණය කළේය.

Read More

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ලබන ජුලි මස 19 වන දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළේය.

Read More

තම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම නියෝජනය කරන සියලූ අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වනඅලියකු කළ පහරදීමකින් එප්පාවල, තිඹිරිවැව ප්‍රදේශයේ දෙදරු පියෙකු ඊයේ (27) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

Read More

බදුල්ල පොලිස් වසමේ බෝගහමඩිත්ත ප්රුදේශයේදි බදුල්ල දිසා සිෂමත්දුව්යු ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (27) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 885ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බැවින් ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකින් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

Read More

විෂවීම් නිසා රෝහල්ගත වන කාන්තාවන් ගණන පිරිමින්ට සාපේක්ෂව වැඩි වුණත් විෂවීම් නිසා මියයන පිරිමින් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා වැඩි බව මෙහිදී වෛද්‍යවරයා පැවසුවේය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධව සොයා බලා වාර්තා කිරිමේ විශේෂ කාරක සභාව හමුවට හෙට (28) දින තමාව කැඳවා තිබෙන බවත්,එම අවස්ථාවට මුහුණ දෙන්නේද නැද්ද යන්න සම්බන්ධව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

Read More

නීතිවිරෝධී ලෙස රහසිගතව උතුරු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට යාපනයට පැමිණිමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පත්කර තිබෙන තේරීම් කාරක සභාව ඉදිරියට අගමැතිවරයා හා විපක්ෂනායකවරයා කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ජනතාව අතර දිළිඳුභාවය ඉහළයාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර, සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟිමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

Read More

රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (27දා) නඩු පැවරුවේය.

Read More

දේශීය දේවල් කාලා අපට ඇඟට එන ශක්තිය කියල නිම කළ නොහැකි බවත් අපි පුදුමාකාර හයිය තියෙන ජාතියක් බව ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

Read More

මෙරට තුළ ඇති ප්‍රශ්න මරණ දණ්ඩනයෙන් විසඳිය නොහැකි බවත්, ඊට හේතුව නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව ශ්‍රීඝ්‍රයෙන් ක්‍රියාකාරි නොවීම බවත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ගත වූ වසර හතර, පහ තුළ රජය රුපියල් මිලියන 7000 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෙතරම් විශාල මුදලක් බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් වෙන් කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ නොතිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.

Read More

චීනයෙන් සිගරට් ගෙන්වීමට කටයුතු කළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අධෙර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙළට බාධා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 20000 රැස්කළ (ටෙස්ට්/එක්දින හා විස්සයි20) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

Read More

යාපනය මූල්‍ය ආයතනයක සේප්පුවක තිබී රුපියල් කෝටියකට අධික (රුපියල් 111,691,991) උකස්කරන ලද රන් භාණ්ඩ ඒවා උකස් කළ පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කළ එම ආයතනයේ හිටපු කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) දින උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’ ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය.

Read More

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණත් සැලසුම් කළ පරිදි අද (27දා) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.