saravita-anim2

2025 ජුනි මස 10 වන අඟහරුවාදා

2025 ජුනි මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 1486 hours ago

LATEST

PHI මහත්තයා ඝාතනයට සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

calendar_today 2024 ජුලි 04 - 14:01 remove_red_eye - 638  

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහනගර සභාව සංවිධානය කළ පුරවර උදානය පොසොන් සැණකෙළියෙන් රුපියල් කෝටි අටහමාරක දළ ආදායමක් ලැබී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය. මෙය මහනගර සභා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ ව්‍යාපෘතිය බව ඒ මහතා සදහන් කළේය. මෙම ආදායමෙන් ලැබූ දළ ලාභය රුපියල් කෝටි හතර හමාරක් පමණ බවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.

Read More

ඇතිමලේ පොලිස් වසමට අයත් සඳගනාව කුඹුරු යායක වැඩකරමින් සිටි ගොවි මහතෙකු ඊයේ (03)දින වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.

Read More

මත්පැන් වැටලිමකට ගිය තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

Read More

අද(04) උදෑසන 9.15 ට පමණ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදු වු බව වාර්තා වේ.

Read More

රන්මාලක් යැයි සිතා හිගුරුකඩුව කොටමුදුන පාලම අසදී ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි රුපියල් 500ක් පමණ වටිනා ඉමිටේශන් මාළයක් කොල්ලකා පලාගිය තරුණයකු අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .

Read More

පුද්ගලයකුගෙන් රුපියල් 25000/= අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහා භාගේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඔක්තෝම්බර් 05 දාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව පාසල් පද්ධතියේ ඉහල කාර්ය සාධනයක් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තෝරා ඇගැයීමේ වාර්ෂික ’’ගුරු ප්‍රතිභා ප්‍රභා 2024 ’’ උළෙල සඳහා මෙම මස 07 දා දක්වා අයදුම්පත් බාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය මගින් මේ වසරේ දෙවන වතාවට සිදු කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාලව මහජනයාගේ වාචික අදහස් ලබා ගැනීම ජූලි 09 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද හා හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකවරයෙකු වන ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේ‍ෙ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. අස්තානා අගනුවර ජනාධිපති මන්දිරයේ දී අද (03) පෙරවරුවේ එය පැවැත්විණ.

Read More

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 02 කට අධික විස්කි බෝතල් තොගයක් අතුරුදන් විමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ගබඩා භාරකරු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියම කළේය.

Read More

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි. ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා කරනවා – වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

Read More

පානදුර මුහුදේ ගිනිකූරු කොටයක් සමග සෙල්ලම් කරම්න් විනෝදයට දියනාමින් සිටී පුද්ගලයකු එම කොටයේ ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (03) ගොනු කළේය.

Read More

ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (07/02) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හදුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කෙරේ. එම වෙරළ කලාප 26 සංවර්ධනය කිරීම සඳහා වන මූලික නිර්මාණ හා ව්‍යුහ සැලසුම් සැකසීම මේ දිනවල සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ඒ වෙනුවෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ද ඉල්ලයි. උසස්වීම් හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඉදිරියේදී ගුරු මාරු සහ

Read More

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික සංධානයේ නායක ඉරාජවරෝදයම් සම්බන්ධන් මහතාගේ අභාවය හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කදිරවේලු සම්මුගම් කුහදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ඇත.

Read More

ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Read More

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව (3) උදේ 7.30 ට පමණ තංගල්ල ධීවර වරායට ලගාවිය.

Read More

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත් එකොළොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සදහා 07/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

අවුරුදු 16ට අඩු දැරියන්ගේ අපයෝජන සිද්ධීන් සැලකීමේදී 85%ක් පමණ සිදුව තිබෙන්නේ ප්‍රේමසම්බන්ධතා මත බවට නිරීක්ෂණය වී තිබෙන බවත්, වයස අවුරුදු 16 ට අඩු නිසා කැමැත්ත යන කාරණය නීතියේදී සලකා නොබලන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය (ESLM) සඳහා ඉකුත් වසර 10 ( 2014 පෙබරවාරි සිට 2024 මාර්තු 10 දක්වා)ක කාලයෙහි රුපියල් දහ නව කෝටි තිස් ලක්ෂ අසූ හය දහස් විස්සක මුදලක් (193,086,520) වැය කොට ඇතත් පළාත් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමස්ත රජයේ ඉඩම් ප්‍රමාණය හා ඉන් බැහැර කර ඇති හෝ නොමැති ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ජූලි මස 30 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

මධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Read More

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් සුඛෝභෝගී නිවාස සංකීර්ණයේ 67 මහලින්පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 06දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් තුන්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.