තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.
කටාන ඇටඹගස්වත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය.
Read Moreහෙට (03දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකැකිරාව හා කටුගස්තොට පොලිස් ස්ථාන මගින් ගුරුවරුන් දෙදෙනෙකුත් ගම්පොල පොලිස් ස්ථානය මගින් පාසලක මුරකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු සමාධි උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නිසැක බෝධි අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පස්වරුවේ පැවැත්විණි.
Read Moreමම ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලූ බලවේග එකතු කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිටිනවා කියන්නේ මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ ලැබුණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Read Moreරාවණා කන්ද නාය යෑම හේතුවෙන් දින හතක් වසා තිබෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දින හතකට වඩා යන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී.කේ.එම් ගලප්පත්ති මහතා කියයි.
Read Moreඉදිරි ජනපතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඉදිරි ජනාධීපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හසන් අලී මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් සාම සන්ධානය තීරණය කර ඇත.
Read Moreපොළොන්නරුව කඳුරුවෙල නගරයේ දී අද (01) දහවල් කළ පුද්ගල පහරදීමකින් හැටපස් හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදඹුල්ල ජාතික පාසලේ සංගීත විෂය භාර ගුරුවරයෙකු දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධිය මුල් කරගෙන ඊට අනුබල දුන් ගුරුවරුන් 7 දෙනකු පාසලෙන් ඉවත් කරන්නයි ඉල්ලා දෙමවුපියන් පිරිසක් අද (1) දින පෙරවරුවේ පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක හැසිරෙන්නට වූහ.
Read Moreඋස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්ශාලාවක පිටරට යැවිම සඳහා සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 25,000ක් සමඟ එහි කලමනාකරු ඇතුළු දෙදෙනෙකු අද (1) දින පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජනාධිපතිවරණයට අදාළව ඊයේ (31දා) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80ක් තරම් ඉහළ අගයක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.
Read Moreබරපතළ සමාජ විරෝධයකට බඳුන් වි තිබූ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සඳහා කඩිමුඩියේ අනුමැතියක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිබඳ පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ඇමෙරිකාව කියයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු විසින්, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හොරොව්පතාන ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් පනස් දෙනකු කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලය වෙත රැගෙන ආ පෞද්ගලික බස් රථයක් මැතිවරණ ප්රචාරක පත්‍රිකා තොගයක් සමග ඊයේ (31) දහවල් සිය භාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය පවසයි.
Read Moreපාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට රැගෙන එන මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද රොබෝ යන්ත්‍ර දෙකක් ගුව තොටුපළ තුළ ස්ථාපිත කිරීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (01දා) සිදු කෙරුණි.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර වාණිජ ගුවන් සේවා නොවැම්බර් 10 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Read Moreරටටවත්, ජාතියටවත්, ආගමටවත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කලු පැල්ලමක් ඇති නොවන බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සම්බන්ධ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් අද (01දා) සිට ’’දෙනුවර මැණිකේ’’ නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
Read Moreඒ අතර මාල , මුදු , කරාබු සහ වළලු තිබූ අතර , ඒවායේ කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 700 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබී ඇත.
Read Moreඅබු ඊබ්‍රාහිම් අල්-හෂේමි වෙත අවනතව කටයුතු කරන ලෙස මුස්ලිම්වරුන්ගෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉල්ලීමක් කරලා.
Read Moreජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් හෙට (01දා) දින කොළඹදී අත්සන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
Read More