ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට(11දා) සිට ආරම්භ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreරුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 12/10 දින අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreකථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වන ගැටළුවට ඉදිරි දින කිහිපය තුළ ඔහු විසින්ම පිළිතුරක් ලබා දෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreදූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
Read Moreබැංකු මගින් ක්‍රියාත්මක කරනු ලබන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreනත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි.
Read More2025 වර්ෂය සඳහා චීන රජයෙන් ප්‍රදානය කරනු ලබන පාසල් නිලඇඳුම් රෙදි අද (10දා) මෙරටට ලැබීමට නියමිතය. එම නිලඇඳුම් රෙදි භාරදීම අද පෙරවරු 11.00ට කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී සිදුකෙරේ.
Read Moreඑයින් සියයට 60 ක් වංචා කර ඇත්තේ සේවකයන් අමිලියන 44.08 ක පාඩු වසර පහටත් වඩා පරණයි ටෙලර් යන්ත්‍රවලට මුදල් පටවද්දී කළ සොරකමක පාඩුව රුපියල් 3,730,000 ක්
Read Moreයාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්නුව හැසිරුණ බවට බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලීසිය වෙත අද (09දා) පැමිණිල්ලක් සිදුකොට ඇති බව යාපනය පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් බවත්, චීන රජයේ සහය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සදහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් මහතා අවධාරණය කරයි.
Read Moreනත්තල ඇතුළු එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ඇති ආහාර පරිහරණ ආයතන සියල්ල පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreමේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව ද කාර්යාංශය සදහන් කරයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් යයි සැලකෙන අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තා අද (9) බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.
Read Moreනොසිතු ලෙස පොල් මිළ ඉහල යාමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක දේවාල හා කෝවිල් වල දෙවියන් උදෙසා පොල් ගැසිම සිග්‍ර ලෙස අඩුවි යාමක් දැක ගත හැකි බව එම ස්ථාන වල භාරකරුවන් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.
Read Moreයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයක ගැටුන කාන්තාවක් මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
Read Moreසියලු සුරා බදු බලපත්‍ර නිකුත් කළේ සුරා බදු දෙපාර්තමේන්තුවේ නීති රීති හා නියමිත ක්‍රමවේද අනුව බවත් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිර්දේශ කළ අයදුම්පත්‍ර සඳහා පමණක් බලපත්‍ර නිකුත් කර බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සමංගමය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 109කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමහත්විය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය සඳහා වන තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreරුපියල් මිලියන දෙලක්ෂ හයදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 11දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreබූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටින පොඩි ලැසි නමැති දරුණු ඝනයේ රැඳවියා නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකථනයක් ඇතුලු උපාංග රැසක් ඊයේ (8) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreදුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
Read Moreතේ පර්යේෂණ මණ්ඩලය මගින් තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු පර්යේෂණයකට යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කාරමින් දෙසැම්බර් 11 වන දින පමණ ශ්‍රී ලං කා -තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළගා විමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු හා නැගෙනහිර පළත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් දිවයින් හරහා ඊසාන දිග මොසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව
Read Moreනාවික හමුදාවේ 74 වන සංවත්සරයට 2සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2138 ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින සිට උසස් කිරීමට කටයුතු කෙරිණි.
Read More2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820 ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනයෙහි දක්වා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමඟ පෙරේදා (07දා) සඳහන් කළේය.
Read More