saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9678 hours ago

LATEST

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 930,000 පනී

calendar_today 2020 අප්‍රේ 02 - 06:34 remove_red_eye - 367  

වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිසද 47,000කට ආසන්න වෙමින් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

කෝවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රීක් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා රෝගයෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) දා සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පවතින තත්ත්වය හේතුවෙන් කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලබා දී තිබුණ ද, එකී චක්‍රලේඛය හරහා ආවරණය වන්නේ සීමිත වාහන ඛාණ්ඩ ප්‍රමාණයක් බැවින්, කල්බදු පහසුකම් යටතේ ඇති සියලුම වාහන සඳහා කොන්දේසි විරහිතව, වාරික හා පොලී අයකර නොගැනීමේ මාස 06ක සහන කාලයක් ලබා දෙන සමස්ත ලංකා රථ වාහන ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුද්ගලයින් 2,352ක් කොවිඩ්-19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිතයන් 29,474කි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ අරමුණින් මහජනයාට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබා දිම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දිමට පොලිස් මුලස්ථානය කටයුතු කර ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

Read More

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දිමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ලක් ලබා ගැනිමට පැමිණි විශාල පිරිසක් පැය 8ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳි සිට ආපසු හිස් අතින් නිවස කරා පිටව ගොස් ඇත.

Read More

පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.

Read More

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධිත සංචාරක මඟපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

Read More

පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයන් 864ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 9053ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්කර්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ඩේවිඩ් හොජ්කිස් කොරෝනා වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. මියයන විට 71 හැවිරිදි වියේ පසුවන හොජ්කිස් 2017 වර්ෂයේ සිට ලැන්කෂයර් සභාපති ධුරය හොබවා ඇත

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා නව කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 18කි.

Read More

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත.

Read More

දේශීය නව නිපැයුමක් ලෙස නිර්මාණය කරනු ලැබූ කෘතිම ස්වසන ආධාරකය(Ventilation Machine) ප්‍රථම වරට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (2020.04.01) පෙරවරුවේ සිදුකරනු ලැබීය.

Read More

(Long Read) ලොව පුරා හය ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයන් බවට පත්කරමින්, 40,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොව රාජ්‍යයන් සියල්ලගේම පාහේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා ලොව රාජ්‍යයන් බොහෝ පියවරයන් ගනිමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ ‍වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සිදු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින (01) රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය

Read More

චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.

Read More

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

Read More

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නිවසක් කරා එම ද්‍රව්‍ය බෙදා හැරීමට සූදානම් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.