කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ඊයේ (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .
යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඊයේ යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අදාළ රියදුරුගේ සේවය අත්හිටුවිමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් දී ඇත.
Read Moreපුද්ගලික ආරක්ෂක සේවා ආයතන නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම ආදි කරුණු යටතේ එම ආයතන විධිමත් කිරීමට නියමිතය.
Read Moreරාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක රුපියල් මිලියන 21ක මාසික කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද පෙරවරුවේ නැවතත් ගොවිජන මන්දිරය වෙත රැගෙන ගියේය.
Read Moreචීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30දා) දින රාත්‍රීයේත්, අද (31දා) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreනිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතී. මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවසෙන චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලංකා සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් අද (31) දා එයින් ඉවත් කර ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
Read More2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් තමන් ඇතුළු පිරිසක් ඊට තදින්ම විරුද්ධ වූ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
Read Moreලක්ෂම්බර්ග් ජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 1/30 දින රාත්‍රී දිවයිනට පැමිණියේය.
Read Moreමෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.
Read Moreමේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අද සිට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඉදිරි මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් ඉදිරිපත් කළහොත් ජනතාව කිසිදු සොයා බැලීමක් නොකර ඔවුන්ට ඡන්දය ලබා දෙන බවත් එසේ හෙයින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයින්ට පැවරෙන බව මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ අවධාරණය කළේය.
Read More2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.
Read Moreකොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරණය කරයි.
Read Moreකොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අතර අනිසි බියක් ඇතිවී තිබෙන බැවින් මෙම තත්ත්වය නැති කිරීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර එය 2020 පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවිම තහනම් කොට ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකු හට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (29) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදි මාර්ගයක් අසල පොළොව යට සඟවා තිබූ ජීව අත්බොම්බ දහඅටක් සොයා ගන්නා ලදී.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (29) දින කුදිරමලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිවු දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව N-95 මුඛ ආවරණ නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය එකඟතාව පළ කර තිබේ.
Read Moreකෘත්‍යාධිකාරී මණ්ඩලයට 59ක් නම් කළ බවත් එයින් 37ක් අද පැවැති රැස්වීමට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreමාසයකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවමින් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය යළිත් හෙට (31දා) දිනයේදී ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට නියමිතය.
Read Moreකොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකර රෝහල් ගත වූ 23 දෙනාගෙන් පුද්ගලයන් 15 දෙනෙකු අද වනවිට රෝහලින් නික්ම ගොස් තිබෙන බව අංගොඩ උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
Read Moreයාපනය ගුරුනගර් ඉටහිර ප්‍රදේශයේ පිහිටි ධීවර ජැටිය ආසන්නයට කුණු කසල ගෙනවිත් දැමීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් ඇතිවීමත් සමග සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.
Read Moreභාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබේ.
Read More2019 වර්ෂයේ පාර්ලිමේන්තුවේ එක්වරක් පමණක් කථාකළ මන්ත්‍රීවරුන් 9 දෙනෙක්ද සිටියි.
Read Moreමේ ඡන්දෙදි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සාහ කළ යුතු යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනව කොරෝනා වසංගතය පාලනය කිරීමට චීනයට හැකියාවක් ඇති බවත් චීන අලුත් අවුරුදු උදාවෙන් පසු චීන ජාතිකයන් ලංකාවට පැමිණිමේදී ලාංකික මහජනතාව බියවීමට හේතුවක් නොමැති බවත් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපසුගිය රජය සමයේදී ඉදිකිරීම් කළ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකෙළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදි බිමතින් කාන්තාවකගේ ඇගේ හැපි හිරිඹතප් බිදිමේ චෝදනාවට වරදකරුවන් වු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එම ආදාළ කාන්තාව වෙනුවෙන් රු.ලක්ෂයක බැගින් වු වන්දි මුදල් ගෙවන ලෙස කොළඹ මාහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30) නියෝග කළේය.
Read More