saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8631 hours ago

LATEST

2021 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඔක්. දෙවැනි සතියේදී

calendar_today 2020 සැප් 17 - 12:04 remove_red_eye - 217  

2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

Read More

පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත පැන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සඳහන් කරන කරුණු සියල්ලම පිළිගැනීමට රජය සූදානම් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ඔක්ෂ්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා ඉතාලි පර්යේෂකයන් එක්ව පර්යේෂණය කරමින් සොයාගෙන ඇති කොවිඩ් 19 එරෙහි පළමු එන්නත් තොගය නොවැම්බර් මාසය තුලදි ලැබිමට නියමිත බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා (17) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 25 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දහනය කරන ඩීසල් බලාගාර වෙනුවට සමස්ත ජාතික විදුලි ජනනයෙන් 70 %ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිපදවිම සඳහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “ සෞභාග්‍යයේ දැක්ම ” වෙනුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් විදුලිබල අමාත්‍යාංශය දියත් කිරිමට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපතිනිය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් අවධාරණය කරයි.

Read More

කොළඹ 01, සඳහා ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගකීම ජනපති හා කැබිනට් මණ්ඩලය භාර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

නාගරික අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා සියයට 6.25ක පොලී අනුපාතිකයක් යටතේ ණයක් ලාබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

දිවයින හරහා සුළං වේගයේ හා නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18 දා සිට 21 දා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙතෙක් කිසිදු ජනපතිවරයෙක් අගමැතිවරයෙක් සතුන් වත්තට පැමිණ නෑ/ සත්වෝද්‍යානය වෙනස් කිරීම පිළිබඳව එය නරඹා තීරණයක් ගන්නා ලෙස ’සතුන් වත්තේ යහළුවෝ’ ජනපතිගෙන් ඉල්ලති

Read More

ඇමති මණ්ඩලයේ සීමා,විගණන කොමිසම 19ට අනුව / ද්විත්ව පුරවැසි බාධාව ජනපතිට පමණයි/ පොලිස් පත්වීම් රාජ්‍ය සේවා කොමිසමට,මැතිවරණ කොමිසමට 05 දෙනෙක් /වාර්තාව කැබිනට්ටුවට ඉදිරිපත් නොවෙයි / නීති කෙටුම්පත් සැකසීමට අධිකරණ ඇමතිට ලබාදෙයි

Read More

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.

Read More

ආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

’’සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්’’ යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියයි.

Read More

වඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 135,000ක සීමාවටත්, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45ක සීමාවටත් පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,730,000 පසුකර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසයට පෙර පැවති සාමාන්‍ය ජීවිතය 2022 තෙක් බලාපොරොත්තු විය නොහැකි බවය.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කාවේ කපිතාන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නොතීසි ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපති දප්පුලද ලිවේරා මහතා අද (16දා) උපදෙස් ලබාදී තිබේ.

Read More

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) අද (2020 සැප්තැම්බර් 16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන්ට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බව අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.

Read More

නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අගමැති හමුවෙති.

Read More

දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයක් මත අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අරුවක්කාලූ කසළ අංගනයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ප‍්‍රකාශ කලේ, කැළි කසල අර්බුදයට විද්‍යාත්මක, පරිසර හිතකාමී දීර්ඝ කාලීන විසඳුමක අවශ්‍යතාවය කාලයක් තිස්සේ පැවතුණු අතර මෙම ක‍්‍රියාවලියට මුලින්ම අවධානය යොමු කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කරන කාලයේ බවයි.

Read More

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.