saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8507 hours ago

LATEST

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනජිවි ගැටලු සොයා බලා වාර්තා කිරිමට විශේෂ කමිටුවක්

calendar_today 2020 දෙසැ 03 - 17:50 remove_red_eye - 356  

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී හා වන සං‍රක්ෂණ අංශයන්ට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (03) නියෝග කළේය.

සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවර ගත්තේය.

Read More

රජයේ ආයතනවලට නව රථ වාහන මිලදී ගැනීම් සිදු නොකර, තිබෙන සම්පත් යළි ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙල යටතේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කර ඇති රථ වාහන පිළිබඳ නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයාගේ උපදේශක සඳක ගුණසේකර මහතාට සහ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතාට උපදෙස් දී තිබේ.

Read More

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් ඊයේ ( 2 ) පි සි ආර් පරීක්ෂණයට යොමු කළ බව පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මුරමුදලි මහතා පැවසීය.

Read More

“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3,575 කට අයත් පුද්ගලයන් 12,252 ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සදහන් කර සිටියේය.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26කගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ 2 වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 728 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නීතිඥ කුෂානි රෝහණධිර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

Read More

බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් ඊයේ 02 සිට මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කියයි.

Read More

ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින් අද (03දා) දින උදෑසන විරෝධතාවක් පළ කර තිබේ.

Read More

ඌව පළාතට මේ දිනවල සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල - බිබිල A 5 මාර්ගයට ගල් හා පස් කදුකඩා වැටී නිතර අවහිර වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකු වූ ගොපිනාදන් නොහොත් ගෝපිගේ මව යැයි සැකකෙරෙන කානත්වකට ලබා දීම සඳහා ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී සැකපිට ඊයේ (02) සවස දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ තිබේ.

Read More

රාගම ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’එය පුදුම සහගත වසර හතරක්. අපි තවත් අවුරුදු හතරක් කරන්න උත්සාහ කරනවා. නැතිනම් අවුරුදු හතරකින් මම ඔබව හමුවෙන්නම්’’ ඔහු අඟහරුවාදා ධවල මන්දිරයේ නත්තල් සාදයට පැමිණි අමුත්තන්ට පැවසීය.

Read More

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනවා. සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

Read More

වසංගතය පිළිබඳ දිනපතා යාවත්කාලීන කිරීම් කළ ඇය හුදකලා වීම නිසා, ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවද අවලංගු කර ඇති අතර, ඇය සමග මෑතකදී සම්බන්ධකම් පැවැත්වූ අය පිළිබඳව බලධාරීන් දැන් සොයමින් සිටින බවද කියයි.

Read More

ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේදී ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවත්, විවිධ සමාගම්වලින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 202ක් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා පවසයි.

Read More

මෙම සමාලෝචනයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය මෙම එන්නත වෙත ලැබුණොත්, ෆයිසර් එන්නත ජාතික වශයෙන් භාවිතය සඳහා බලය පැවරීම වෙනුවෙන් ලොවපුරා රටවලට මිණුම් ලකුණක් බවට එම අවසරය පත්වෙයි.

Read More

බොහෝ පාර්ශ්වකරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, මෙතෙක් ගෝලීය ප්‍රතිචාරය පිළිබිඹු කිරීමටත්, එක්සත් සම්බන්ධීකරණයක් හා ජනතාව කේන්ද්‍ර කරගත් මාවතක් ඉදිරියට ගෙන යාමටත් මෙහිදී අවස්ථාව දෙන බව එක්සත් ජාතීන් පවසයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ගුරු වෘත්තිකයන් මෙම මාත්‍රාව මුලින්ම ලබා ගන්නා බවය. කොවිඩ්-19 වෛරසයට එරෙහි රුසියාවේ නිෂ්පාදනයක් වන ස්පුට්නික් V එන්නත 92%ක ඵලදායී බව ප්‍රකාශ කර තිබේ.

Read More

ප්‍රංශ සමාජය නවීකරණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වන අතර, අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දික්කසාදයට අවසර දීම සහ ගබ්සාව නීතිගත කිරීම ඇතුළු බොහෝ දෑ ප්‍රංශයට හඳුන්වා දී තිබුණේ ගිස්කාර්ඩ් විසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 64,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.