saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8234 hours ago

LATEST

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 254 දක්වා ඉහළට

calendar_today 2020 දෙසැ 13 - 12:46 remove_red_eye - 225  

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (13) උදෑසන දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබේ.

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

බෝගම්බර බන්ධනාගාරය තුළ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය .

Read More

බෝගම්බර බන්ධනාගාරය තුළ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය .

Read More

කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සිටින පොලිස් නිලධාරීන්ට මාර්තු මස 15 දා දක්වා ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොවිඩ් වෛරස් ආසාදිතයින් 13 දෙනෙකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි .

Read More

දේශගුණික අභියෝගයට මුහුණදීමේදී කිසිවෙකුවත් පැත්තකට වී හෝ ඒකපාර්ශ්වීය ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට කිසිවක් නොලැබෙන බව 2015 පැරිස් දේශගුණික ප්‍රඥප්තියේ පස්වැනි සංවත්සරය සනිටුහන් කළ අතථ්‍ය දේශගුණික සමුළුව අමතමින් චීන නායකයා අවධාරණය කරයි.

Read More

රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ, ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව ෆයිසර් එන්නත සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ඇමෙරිකානුවන් වෙත මෙම උපදෙස් ලබාදී තිබේ. එම මඟපෙන්වීම අතර මුඛ ආවරණයක් පැලඳීම, අන් අයගෙන් අඩි 6ක් දුරස්ථතව සිටීම, සෙනඟ රැස්වුණ තැන් මඟහැරීම සහ නිතර අත් සේදීම ඇතුළත් වේ.

Read More

ලෝකයේ විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 504 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත යළිත් ශ්‍රී ලංකාව වෙත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ තිබුණි .

Read More

පර්යේෂකයන් පවසන්නේ උතුරු ඉතාලියේ SARS-CoV2 වෛරසයේ දිගු කාලීනව මෙතෙක් හඳුනා නොගත් ව්‍යාප්තිය, ලොම්බාර්ඩි හි පළමු කොවිඩ්-19 රැල්ලේ විනාශකාරී බලපෑම සහ වේගවත් ගමන්මග පැහැදිලි කිරීමට උපකාරී වනු ඇති බවය.

Read More

ෆයිසර් සහ බයෝඑන්ටෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතෙහි පළමු මාත්‍රාව එක්සත් ජනපදය පුරා බෙදාහැරීම හෙට (14දා) සිට ආරම්භ කරන බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස් පර්නා පවසයි.

Read More

ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර රටේ ඊසානදිග ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, මීට පෙරද මේ ආකාරයෙන්ම පාසල් සිසුන් හා සිසුවියන් පැහැරගත් අවස්ථා මෙන්ම සිසුවියන් ලිංගික වහලියන් ලෙස යොදාගත් සිද්ධීන්ද වාර්තා විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 8ක් කරා ළඟාවීමට එක්සත් ජනපදයට දින 268ක් ගතවිය. නමුත් දෙවැනි ආසාදිතයන් මිලියන 8 වෙත ළඟාවීමට ගත වී තිබුණේ දින 57ක් පමණි. ඇමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාවට පැමිණ තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,603,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

අද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරට හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 755ක් වාර්තාවීමත් සමග පෑළියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 28502ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

බුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන ස්වයං නිරෝධායනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Read More

සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණයන් හැකි තරම් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සංචරණ සිමා පනවා ඇති අඹගම්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් වත්තේ ඉහල සහ පහල කොටසින් ගතවු පැය 24 තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 12 දෙනෙකු හමු වි ඇති බවත් ,එම අසාදිතයින් අතරින් අසාදිතයින් කිහිප දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව ‍කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී ඇ​ත.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් මගීන් 884 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ගුවන් මගීන් 495 දෙනෙකු ගත වූ පැය 24 තුළ විදේශ ගත වී තිබුණි .

Read More

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.