saravita-anim2

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි මස 11 වන බදාදා

Latest News - timelapse 8131 hours ago

LATEST

වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම්

calendar_today 2021 ජන 05 - 13:13 remove_red_eye - 360  

මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අද දින (05දා) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.

මහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නාගරික ලේකම්වරිය ඇතුළු එම කාර්යාලයේ සේවකයන් 40 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .

Read More

(LONG READS)නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඉන් බොහෝ ප්‍රශ්න නිමාවෙයි

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන් අදියර දෙකක් යටතේ ඉල්ලුම් පත්‍ර යොමුකළ යුතු අතර පළමු ඉල්ලුම් පත්‍රය පසුගිය දෙසැම්බර් 07ට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණි.

Read More

ජනවාරි මස දෙවැනි සතියේ සිට 2020/2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිතය. ඒ අනු වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අවම කිරීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනිමට කටයුතු සකස් කර තිබේ.

Read More

අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

Read More

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (5දා) දිවුරුම් දුන්නේය.

Read More

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මතුගම නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි සේවය කල පිරිස නිරෝධායනයට යොමුකළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූවන්ගෙන් දිවි ගලවා ගැනීමට පොඩි හෝ අවස්ථාවක් ඇති රෝගීන් පමණක් රෝහල් වෙත රැගෙන එන ලෙස එරට ගිලන්රථ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

මේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු පවසා තිබේ.

Read More

මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ සමස්ත ආසාදන 1,455,219ක් සහ මරණ 127,757ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ. වර්තමාන සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් හි මංගල උත්සව සඳහා අමුත්තන් 150කට පමණක් ඉඩ ලැබෙයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (04) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 32 නෙකු හමුවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1150 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානියේ සමාලෝචනය කරමින් පවතී.

Read More

’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක් ඔබට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන බවයි’’ අගමැති බොරිස් ජොන්සන් කීවේය.

Read More

වර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,786,000ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 353,131කි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය ඊයේ (04දා) දිනයේ සිට විවෘත කර තිබේ.

Read More

හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තෙදින සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (05දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය දිනෙන් දින බැරෑරුම් තත්ත්වයට පත් වෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය වෛද්‍ය අංශ පෙන්වා දෙයි .

Read More

තවත් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.