saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7656 hours ago

LATEST

වැලිගම ගම්මාන දෙකක් තාවකාලිකව හුදෙකලා කරයි

calendar_today 2020 දෙසැ 09 - 22:16 remove_red_eye - 770  

වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාෂයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මාන තාවකාලිකව හුදකලාකිරිමට තිරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේදී මිය ගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.

Read More

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනය කරයි

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.

Read More

නත්තල් හා උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානය යොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 7ක කුඩා දැරියක් ඊයේ 8 මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි .

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට කියයි.

Read More

මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය රැදවියන් 11 දෙනාගේ මළ සිරුරු IDH රෝහලට යොමු කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සි රාගල මහතා නියෝග කළහ.

Read More

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් හමුවීම නිසා කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 53 දෙනෙකු 12/09 දින වාර්තා වී ඇති බවත් ,එයට හේතුව මෙම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා වෙත කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ වල සිට විවිධ අවශ්‍යතා සදහා විවිධ පුද්ගලයන් පැමිණීම බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.

Read More

ඥාතීන් භාර නොගත් කොවිඩ් සිරුරු නිරෝධායන රීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

Read More

කොවිඩ් ආසාදිත කාන්තාවක් පැමිණීම හේතුවෙන් තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (09) පියවර ගනු ලැබීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 542ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

පිළියන්දල නගර ආසන්නයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට අද පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පසුගිය අවුරුදු පහ යහපාලන රජය තුළ ඉතාමත් අසාර්ථක කාලසීමාවක් පසු නොකළා නම් ඒ කාල සීමාව තුළ අපේ රජය ඉදිරියට ගෙනයන්න පුළුවන් වුණා නම් මෙයට වැඩ සංවර්ධනයක් හම්බන්තොට දැකිය හැකි බවත් එසේනම් මෙතනට අපි එනකොට අපිට බලන්න පුළුවන්වෙන්නෙ නිෂ්පාදනය රටට බෙදා හරින තැනක් හැටියට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

නිවාස ණය සඳහා පොලිය 7% දක්වා අඩු කරන ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවට නියෝග කර ඇති බවත්, ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත යවා, ජනතාවට කඩිනමින් එම සහනය ලබා දෙන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

Read More

පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රු.මිලියන 2376.2 ක් බව ඊයේ දින පාර්ලිමේන්තුවේදි පැවති ගිණුම් කාරක සභාවේදි අනාවරණය විය.

Read More

දින 10කට අධික කාලයක් සුළිසුලං සහ මුහුදු රළු වීමෙන් මුහුදු ගමන් යාමට නොහැකි වීම හේතුවෙන් යාපනයේ දූපත්හි ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති.

Read More

මහනුවර මහයියාව නගරසභා ගම්මානයට දැඩි සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි . එසේ දැඩි සංචාරණ නීති පැනවීමට පියවර ගෙන ඇත්තේ එම ගම්මානයෙන් පෙරේදා (08) කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු හමුවීමත් සමගය.

Read More

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ( I.C.T.A.) ආරම්භ කොට තිබූ ˝ ඉ- විශ්‍රාමවැටුප් ˝ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම් කොට තිබුණද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී ඊයේ ( 08 ) අනාවරණය විය.

Read More

මහර බන්ධනාගාරයේ සදුදා රැඳවියන් 85 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමුකර සිටි අතර අද (9දා) ලැබුණ එහි ප‍්‍රථිපල අනුව රැඳවියන් 54 දෙනෙකු කෙරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ මහතා පැවසිය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි කොවිඩ් මරණය වාර්තා කරමින් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පෙරේදා (08) දින මරණයට පත්ව තිබෙන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Read More

තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට අද (09) සිට පියවර ගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා කීය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයෙන් 08දා වාර්තාවූ කෝවිඞ් ආසාදිතයන් 13දෙනාම, ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙයි.

Read More

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

Read More

පවතින කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම පිනිස ගම්පහ මහ නගර සභාව මගින් කොරෝනා මර්දනය කිරීමේ බලකායක් ආරම්භ කළ බව පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.