සිකුරාදා වනවිට තහවුරු කරන ලද කොවිඩ් -19 සිද්ධීන් 28 ක් සහිත පොකුර, දෙසැම්බර් 3න් පසු නිව් සවුත් වේල්ස් හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් ලෙස සලකුණු විය.
අගමැති ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 27දා දක්වා කාලය තුළත්, දෙසැම්බර් 31 සහ ජනවාරි 1 සිට 6 දක්වා දිනවලත් තුළ මුළු රටම වෛරස් රතු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවය.
Read Moreමේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්යාපව 75,500,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 284ක් අද (18) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
Read Moreඅද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් දෙසැම්බර් 18 වනදා දක්වා වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් මෙම වර්ෂයේ තෙවැනි වාර අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනි දින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. ඒ අනුව දෙසැම්බර් 21, 22 සහ 23 දින තුනේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 26ක් වසා තැබෙනු ඇත.
Read Moreදොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් , මෙම ප්‍රදේශය හුදෙකලා කරන ලෙස ගම්පහ දිසාපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .
Read Moreකිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය.
Read Moreපොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් (18) දා සවස සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.
Read Moreගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක සංචරණ සිමා ලිහිල් කිරිමටත් අනික් ග්‍රාම නිලධාරි වසම් 03තුන තුල දැඩි සංචරණ සිමා පැනවිමට අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් තින්දු කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසයි.
Read Moreඑල්.ඕ.එල්.සී. සමාගමට අනුබද්ධ බ්‍රවුන්ස් ආයෝජන සමාගම හා චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු සමාගම අතර මෙම ගිවිසුමට අත්සන් තැබීය.
Read Moreඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read More2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් - 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
Read More(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreදකුණු ආසියාවේ විශාලම මාංශ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට මෙරට මහ සංඝරත්නය ඉඩ නොදෙන බව ජාතික විද්වත් සංඝ සභාව පවසයි.
Read More(LONG READS)මෙරට ගුවන් විදුලිය ආරම්භයේ අපරදිග සංගීතය පමණක් ප්‍රචාරය කෙරිණි. සිංහල දෙමළ ආදී පෙරදිග සංගීතය ඊට එකතුවන්නේ කාලයකට පසුය. වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත තැටි විදේශයන්ගෙන් මිලදී ගත හැකි විය. එහෙත් සිංහල ගිත තැටි ලබාගත හැකි වූයේ මෙරට තැටි නිෂ්පාදන ආයතනයන්ගෙන් පමණි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 18 ( පෙ.ව. 6.00) 728 දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු 12/18 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 04 කින් පැමිණ තිබූ අතර , මෙම කාළය තුළ ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07 කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි .
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 18 අලුතින් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකුට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා පැවසීය.
Read Moreමියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.
Read More