saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7381 hours ago

LATEST

කොවිඩ් මරණ 5ක්

calendar_today 2021 පෙබ 10 - 21:58 remove_red_eye - 533  

අද (10) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ඇමෙරිකාවේ සිට කූරියර් පාර්සල් 05 ක් තුළ සගවා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා ග්රැම් 1,150 ක ප්‍රමාණයක් අද (10දා) ගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ’’ කළම්බු කාර්ගෝ ’’ ගබඩා සංකීර්ණයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වු බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

Read More

කොවිඩ් දේහයන් භුමිදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

ගම්පහ පොදු වෙළඳ පොළෙහි අද (10) සවස වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් තවත් 539 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.05 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

Read More

ද්‍රවිඩ පක්ෂ විසින් පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ පා ගමනට දෙමළ මාධ්‍ය මගින් ආවරණයක් ලබාදුන්නත් කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඒ සඳහා වඩා පුළුල් ආවරණයක් ලබා නොදුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.

Read More

පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

Read More

බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ලබාදෙයි

Read More

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මැයි මස 31 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) නියම කළේය.‍

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කරයි.

Read More

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 එන්නත ලබාදීම මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය අද ආරම්භ කරන ලදී.

Read More

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 35කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ (9) රාත්‍රී කොටහේන හෙට්ටියාවත්ත සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි

Read More

ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නිරෝධායනය වෙමින් සිටි නේවාසිකයින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

කල්පිටිය කප්පල් අඩිය ඕඩ රක්ෂිතයේ,පසුගියදා, කඩොලාන කපා දමමින් වන සංහාරයක් සිදු කළ බවට සැක පිට එම ඉඩමේ හිමිකරුයයි කියා ගන්නා අයෙකු, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ කඩොලාන කැපීමට යොදා ගන්නා ලද බැකෝ යන්ත්‍රය කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දකුණු පළාතෙන් ඊයේ (09) දිනය තුළ අළුතින් වාර්තා වූ රෝගින් 94 දෙනකු සමග දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3284ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ඔවුන් ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන්නේ නම් තරග කිරීම තහනම් කරන බව තරග සංවිධායකයන් නිකුත් කළ නවතම රීතින් හි දැක්වෙයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම මගින් නිපදවන කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත ලියාපදිංචි කිරීම සඳහා යුක්‍රේන බලධාරීන්ට ලිපි ඉදිරිපත් කර ඇති බව යුක්රේනයේ ඖෂධ සමාගමක් වන ලෙකීම් ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන යටතේ ඉරානයේ පළමු නිල එන්නත ලැබූ පුද්ගලයා බවට පත්ව ඇත්තේ, එරට සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍ය සයීඩ් නමාකිගේ පුත් පාර්සා නමාකි ය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ. ඔක්තෝබර් අවසන් සතියේ සිට වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාවද මෙයයි.

Read More

පේරු සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය අඟහරුවාදා දියත් කළේ චීනයේ සීනොෆාම් එන්නත් මාත්‍රාවන් ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාදෙමිනි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකාව තුළ භාවිත කිරීම දැනට නවතා දමා තිබේ. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව පුරා බොහෝ රටවල එන්නත් කිරීමේ වැඩසටහන්වල ප්‍රධාන එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ රාජ්‍ය තුළ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 34,781ක් වාර්තා වන අතර, ආසාදිත මරණ 1,353ක් වාර්තා වී තිබේ.

Read More

එක්සත් ජනපද ඉතිහාසය තුළ එරට කීර්තිනාමය වඩාත් පළුදුකළ නායකයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතයද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක වඩාත් දරුණුවට රට භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,855,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් අද වන විට ලබාදී ඇති එන්නත් ප්‍රමාණය 174 193ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මාත්‍රා 6431ක් ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.