ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් හලීම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඊයේ ඔහු සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයේදී මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreබුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර පවසයි.
Read Moreඅයිස් මත්‍ද්‍රව්‍ය 1.26Kg සමඟ 57 හැවිරිදි කාන්තාවක් ගෝනපොළදි STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට ඊයේ (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
Read More’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔබ (ජනතාව) ඔබ ගැනම දක්වන සැලකිලිමත් බව’’ යැයි ජනාධිපතිවරයා සන්තියාගෝ අගනුවර චිලී ගුවන් හමුදා සායනික රෝහලදී එන්නත ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreවසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ් අල් සාලේ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, බහරේනයට චීන එන්නත් පැමිණීම එරට ජනතාව වෙත එන්නත ලබාදීම සඳහා විශාල සහායක් වනු ඇති බවයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,515 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 32,000කට වැඩි පිරිසක් ඇතුළත් වූ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එන්නතෙහි කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා මෙම දත්ත භාවිත කරන බවත් සමාගම පවසා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම් අතරට එක්විය යුතු බව සඳහන් කර තිබේ.
Read More33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්තරයක තිබී සොයාගනු ලැබීය.
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.
Read Moreයුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කරන බවයි.
Read More’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා.’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-0ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්විය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 54 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
Read Moreහිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කරති.
Read Moreජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත2013 දී සිදුකළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා DI පයිප්ප සහ උපාංග ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් 62,499,656 ක මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවී ඇති බව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ’’Sri Lanka Flag Non-Slip Doormat’’ ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමට අදාළ පාපිස්නාව නිශ්පාදනය කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් සඳමාලි නැමැති කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත් විය.
Read Moreවිදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreකොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ.
Read Moreනව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read More