saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7492 hours ago

LATEST

එක්ස්ප්‍රස් පර්ල් කාර්යමණ්ඩල සමාජිකයෙකුට කොවිඩ්

calendar_today 2021 මැයි 26 - 17:26 remove_red_eye - 263  

MV X –press pearl නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වි තිබේ.

ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වසා තැබෙන බව සඳහන් වෙයි.

Read More

විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

Read More

ආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

Read More

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා අත්හිටුවා තිබූ ගුවන් ගමන් , යළි ලබන ජුනි මස 01 දින සිට ඉවත් කිරීමට , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර ඇති බව , එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Read More

යාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි. මීට පෙර පැමිණි කුණාටුවට මුහුණදුන් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් හා වසංගතය පිටුදැකීමේ මෙහෙයුම් අතරතුර මෙම සුළි කණාටුවද කඩා වැදීමෙන් බලධාරීන් දැඩි අසීරුතාවකට පත්වෙයි.

Read More

රජය විසින් ඇනවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් ඉදිරි මාසයක පමණ කාලයකදී මෙරටට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් තහවුරු කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

Read More

ශ්‍රී ලංකාව මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට වේගයෙන් වර්ධනයවී තිබේ.

Read More

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද “සයිනොෆාම්” දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 05 අද (26) සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.

Read More

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් 2728 දෙනා අතරින් වැඩිම අසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් සංවර්ධනය වෙමින් පවතින ර‍ටවලට තාක්ෂණයන් මාරු කරමින් ඔවුන් සමග ඒකාබද්ධ නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා එන්නත් සමාගම්වලට චීනය සහාය වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අදට යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබාදිමට නියමිතව තිබේ.

Read More

පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇති අතර, නිලධාරීන් නියෝග කර ඇත්තේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ස්වයං හුදකලාවකට යන ලෙසිනි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3481 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ දිනයේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

Read More

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.

Read More

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී තිබේ. සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රැගෙන යමන් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු මාතර වැලිගම ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන ‌ගොස් තිබෙන බව සඳහන් වෙයි.

Read More

මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂම ලෙස සපයා දෙන ලෙස ඉල්ලීම් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 898ක් වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවට එරෙහි​ව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වි​ය.

Read More

’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. ’’මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස.’’

Read More

මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.